ලිත්‍රො ගෑස් යලිත් මිල ඉහලට.. මෙවර 5000 පනි…

May 24, 2022 at 3:50 pm | lanka C news
ලිත්‍රො ගෑස් යලිත් මිල ඉහලට.. මෙවර 5000 පනි…

ලිත්‍රො සමාගම විසින් බෙදා හරින ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල මිල ඉහළ දැමීම සදහා නැවත වතාවක් රජයෙන් අවසර ඉල්ලා ඇත.

මෙම මිල වැඩි කිරීමට අවසන ලැබුණහොත් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 5000 සීමාව ඉක්මවා යනු ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය.

දැනට එම ප්‍රමාණය ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4860ක මිලකටයි.

ඩොලරයේ අගය ඉහළ යාම සහ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම මත පවතින මිලට ගෑස් අලෙවි කිරීමට නොහැකි බවද සමාගම දැනුම් දී ඇත.

149,021 views

4 Comments to “ලිත්‍රො ගෑස් යලිත් මිල ඉහලට.. මෙවර 5000 පනි…”

  1. චන්ද දායක says:

    පෝලිම් අඩුවෙයි . මංකොල්ල වැඩිවෙයි.

  2. සේනක says:

    උදේ හිතවත් ලිත්‍රෝ නියෝජිතයෙක් කිව්වේ, අද දවසේ මිනිස්සුන්ට එන්න එපා කියලා, ගෑස් බෙදීම නැවත්තුවේ මිල වැඩි කරලා ඒ වැඩි මිලට, දැනට ගෙනා තොගයේ ඉතිරිය විකුණන්න කියලා. ගෙනා තොගය දින 6 කට ඇතියි කිව්වා, නමුත් බෙදුවේ දින 3 යි.

    යකෝ මිනිස්සුන්ට උයන්න ගෑස් නැතිව පෝලිං වල දුක් විඳින කොට මොන අසික්කිතයෙකුටද පුළුවන් තියන තොගයත් නොවිකුණා ඉන්න.

    මොන නපුංසක රජයක්ද මේක!?

    • වල් law, වල් country says:

      එක ශෙඩ් එකක මිල වැඩි වෙනකම් තෙල් හැංගුවා කියලා නීතිමය ක්‍රියාමාර්ග. නමුත් Litro එකෙන් මිල වැඩි කරගන්නකම් ගෑස් හංගගෙන නොබෙදා ඉන්න කොට කටේ අලි බෙටි.

      මහ එකා නම් ආතතිය දරා ගන්න බැරුව නිදි පෙති බීල ගොරවනවා ඇති මිනිස්සු වැස්සට තෙමි තෙමි අව්වට කර වෙවී පෝලිම් වල වතුර ටිකක් බොන්න නැතිව වැසිකිලියකට යන්න නැතිව අන්ත දුකක් විඳිනකොට.

      මොවුන්ට සසර පුරාවටම සාප වේවා! අපායෙන් මෙපිට නම් එන්න නොලැබේවා!!

    • Gonja says:

      Kochchara Genawada kiyala dannawada, 12.5KG cylinders kochchara gahanna puluwanda kiyala dannawada per MT, Nikan kiyannam wale moda katha nokiya innawada, ubala wage buruwo hinda thama ada me rata mechchara winasayakata gihilla thiynne