ලිත්‍රො ගෑස් දිනක පාඩුව ලක්‍ෂ 800යි.. මිල වැඩි කල යුතුයි..- ලිත්‍රො සභාපති

September 22, 2021 at 4:40 pm | lanka C news
ලිත්‍රො ගෑස් දිනක පාඩුව ලක්‍ෂ 800යි.. මිල වැඩි කල යුතුයි..- ලිත්‍රො සභාපති

ලිත්‍රො ගෑස් සමාගම පවතින මිලට ගෑස් සැපයීමෙන් දිනකට රුපියල් මිලියන අසූවක් පමණ පාඩුවක් ලබන බව එහි සභාපති ෙතෂාර ජයසිංහ මහතා සඳහන් කරයි.

මේ ආකාරයටත් තවදුරටත් සිදු වූවොත් ලිත්‍රො සමාගමට ද ණය ඉල්ලීමට සිදුවිය හැකි බවද ඒ මහතා පැවසීය.

මෙතෙක් පාඩුපිට ගෑස් වෙළඳ පොලට නිකුත් කිරීමෙන් සමාගම සංචිතයේ තිබූ රුපියල් බිලියන දහයක් මෙම වසර තුළ පමණක් වියදම් වී ඇතැයිද ඔහු කියා සිටියේය.

ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ගෑස් මිල වැඩි කරන්නැයි කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීමට මෙතෙක් හොඳ ප්‍රතිචාරයක් ලැබී නැති බවද සඳහන් කරන සභාපතිවරයා පැවසුවේ දැනට පවතින්නේ ලෝක වෙළදපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 368 තිබියදී නියම කරන ලද මිල ගණන් බවයි.

නමුත් අද වන විට ලෝක වෙළදපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 665 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ලබන මාසයේදී 740 තෙක් ඉහල යනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

14,475 views

13 Comments to “ලිත්‍රො ගෑස් දිනක පාඩුව ලක්‍ෂ 800යි.. මිල වැඩි කල යුතුයි..- ලිත්‍රො සභාපති”

  1. yakkayin says:

    තම්බින්ගේ ගැස් බලන්නේ නැතුව අපි දේශීය දර වලින් උයමු. යක්ඛ මවු වරුනි දේශයේ ලිප ගිනි මොලවන්න ගෙන් ඉවත්වී ගොන් බැඳී කරත්තයෙන් එන දර යොදා ඔබගේ ලිප ගිනි මොලවන්න.

    • සමන්ත says:

      ලෝකයේ තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන්නේ තම්බි විතරක් නෙමේ.

    • බන්ඩා says:

      ගෙදර පාවිච්චියට අද ගෙදරම නොමිලේ මීතේන් ගෑස් නිපදවා ගත හැකිය්.

    • බන්ඩා says:

      ඇමති තුමා හරියටම හරි. අද සූර්ය විදුලිය වැනි අලුත්බල ශක්ති ගනනාවක් සොයා ගෙන තිබෙනවා. ගෙදර පාවිච්චියට අද ගෙදරම නොමිලේ මීතේන් ගෑස් නිපදවා ගත හැකිය්.

  2. parrot says:

    ලාභයක් තියෙන්නේ කොහොමද සමාගමේ ලොක්කන්ට මිලියන ගණන් පඩි දෙන්නයි වංචාවයි දුෂණයයි තියනකොට……….අපිව කන්න බලාගෙන ඉන්නේ ඔක්කොම ….තු විතරක්

  3. පාවඩදෙණිය දොස්තර says:

    දැන් ගෑස් වැඩියි කියල මෙතන ජෙප්පො ටැලිපෝන් කාරයො ඇවිත් කියාවි මා ඩිය බයි මල්ලිලා සැලෙන්නෙපා ගෑස් කියන්නෙ සුද්දගෙ ප්‍රඩක්ට් එකක් අපිට මොටද පරගැති ගෑස් අපි යමු හෙළ ක්‍රම වලට අපේ හෙල කෑම කොස් ඇට වැඩිපුර කාල බටයක් අල්ලගමු පස්සට .බටේ එක පැත්තක ගහතෑකි අපි හෙළ යක්කු බොලවු කියල අනික් පැත්තෙ සවුබාග්ගේ දැක්ම.

  4. Consumer says:

    Forget the Politics and introduce the Pricing Formula..

  5. dev says:

    api epa kiyala naa ne

    mokatada paduwata denne.

    ona nam samurdi wage adu adayam labeenta pamanak aduwata denna

  6. 3% ට බය බයියා. says:

    මොළ හතා ආපු දවසේ ඉදන් මිල ඉහළ යනවා විතරයි .වෙනස ෂැපායි ……………..නේද අපේ හාන්දුරුවනේ ?

  7. Day Light Robber says:

    Hitapu eka, gasa kaawath, aluth ekaata wadiya hondai wage.
    Nathnam, kahi gaani deela, hotu gaani gaththa wage!

  8. ගෞම් ඊයාරාජ් says:

    ලිත්‍රො ඇන්ඩ් ලාෆ්ස් එකේ ඇත්ත කතාව තව සති හෝ මාස කිහිපයකින් එලියට එයි අලුත් නමකුත් එක්ක . එතකං ඉවසහල්ලා.

  9. Lazio says:

    Gas prices have gone up by 250% in all over the Europe if anyone cares to watch international media, and winter is just around the corner. Better be prepared for record prices and early adequate purchase is the prudent way

    • ගෞම් ඊයාරාජ් says:

      Very true . Winter is coming way sooner than we expected up in SL. We literally are fucked up as a nation . What the hell , if we go down , atleast we go down swinging . Lmao.

Main News