ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..

January 13, 2022 at 10:22 pm | lanka C news
ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..

ලි‌ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.

තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරන බවත් සදහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින් දැනුම් දෙනු ලැබීය .

ඔහු සභාපති ධුරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන්ද ඉවත් කළ බව එම ලිපියේ සඳහන්ව තිබිණි .

ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනාධිපති වරයාවරයාගේ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුව ඇති අතර නැවත ඔහු පත්කිරීම ද ඔවුන් දෙදෙනාගේ උපදෙස් මත සිදු වූ බව වාර්තා විය

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ සමාගමේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට එහි ගිය අවස්ථාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ද පැමිණ සිටි අතර, එහිදී ජනාධිපතිවරයා තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද දැනුම් දුන් බව වාර්තා විය .

ඒ අනුව තුෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහු නැවත එම තනතුරට පත් කරනු ලැබූ බව වාර්තා විය

– lankadeepa

81,338 views

20 Comments to “ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..”

  1. Shan says:

    එන්න අපි ජෙප්පන්ට බණිමූ

  2. nimal says:

    පවු බන් අලුතෙන් පත් කරපු එකා. මුන්ට ලැජ්ජා නැති නිසා හොදයි.

  3. The Funeral Director says:

    පත්වීම කැන්සල් වෙචිච මනුස්සයව , ඉවත් නොකර ලිටිරෝ එකේම හිස් ගෑස් සිලින්ඩර් ලොරියෙන් බාන වැඩෙි වත් දෙන්න තිබුනෙ. අඩු ගානෙ ඒ වැඩෙන් ගෑස් පෝලිමි වල දිග අඩු කරගන්නවත් තිබුනා.

  4. සහොදරය says:

    රේනුක ගෙ අද්‍යාපන සුදුසු කම් වෙඩී ඔහු හොඳ ලෝක බෙන්කු වෙ සබාපති කමට.

  5. චන්ද දායක says:

    සභාපතිලව බදාගෙන නිදාගත්තත් අපිට අදාල නැහැ.බය නැතුව ගෑස් ටික පාවිච්චි කරන්න සහ පොලිම් නැතුව ගන්න දීලා. මේවා කුනුහරුප වැඩ .

  6. Hambantota says:

    Pissu adu ugath Paula rata wanasanawa. Deyyo sakki

  7. RED BULL says:

    දැන් ඉතින් ඔය දික්කර ගත්ත ඇඟිල්ල ගහ ගනිං අධෝ මුඛයෙ.

  8. New chairman clueless, then chairman became new chairman in couple of hours democratically not a drama, but some thing behind for investigation

Leave a Comment

Main News