ලිත්‍රො ගෑස් නව සභාපති රේණුක පෙරේරා.. ඔහු පොහොට්ටුවේ පාලක ලේකම්…
January 13, 2022 at 12:00 pm | lanka C news
ලිත්‍රො ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.
මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත මේ බව දැනුම් දී ඇත.
ජනාධිපති ලේකම්වරයාට, අග්‍රාමාත්‍ය ලේකම් වරයාට, ලිත්‍රො හිටපු සභාපති තෙෂාර ජයසිංහ මහතාට මෙම ලිපියේ පිටපත් යොමු කර තිබේ.
නව සභාපති රේණුක පෙරේරා මහතා මීට පෙර නිවාස අධිකාරියේ සභාපති ලෙස කටයුතු කල අතර එම ධුරයෙන් ඔහු ඉල්ලා අස්වූයේ රාජ්‍ය ඇමති සමග ඇති වූ මත ගැටුමක් නිසාය.
රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයාද වේ.
ඔයා හිටපු හැම තැනම කාල ගියේ.
අද්යාපන සුදුසු කම් ඕනේ පුද්ගලික අන්සයෙ සේවකයන් ට විතරයි
හිසරදේට කොට්ටෙ මාරු කරන්න වගේ වැඩ. ආණ්ඩුවට සම්බන්ධ එක්කෙනෙක් නෑ අවංක, දක්ෂ අය.