ලිතුවෙිනියාවෙන් ගෙනා කාබනික පොටෑසියම් පොහොර තොගයක් කොළඹ වරායේ ගොඩබායි…

October 13, 2021 at 7:01 pm | lanka C news
ලිතුවෙිනියාවෙන් ගෙනා කාබනික පොටෑසියම් පොහොර තොගයක් කොළඹ වරායේ ගොඩබායි…

මහ කන්නය සදහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙ.ටොන් 30000ක් අද(13)කොළඹ වරායෙන් ගොඩ බාන ලදි.

ලිතුවෙිනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය අද(13) රාත්‍රියේම අම්පාර මඩකලපුව අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල පුත්තලම ත්‍රිකුණාමලය හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන් ඇත.

ජයසූරිය උඩුකුඹුර

මාධ්‍ය ලේකම්

26,025 views

17 Comments to “ලිතුවෙිනියාවෙන් ගෙනා කාබනික පොටෑසියම් පොහොර තොගයක් කොළඹ වරායේ ගොඩබායි…”

  1. මයිටාවා says:

    අහිතකර පාංශූ බැක්ටීරියා , පාංශූ දිලීර වසංගතයක් වගේ පැතිරිලා ගොවිබිම් නන්නා උනාම අපට පුලුවන් ඒ ඉඩම් සංචාරක කලාප කරන්න . හොඳවා බලලා ආයෝජන කලාප ඇති කරලා උපයන මුදලින් යුරෝප් එලවලු පලතුරු ගෙන්නන් කන්න පුළුවන්

    • නීරෝදායනී says:

      ශාක නිරෝධායන පනත ක්‍රියාත්මකද දැන්
      නොදන්න මගුල් ඇවිල්ලා රටට කෙල උනාම හරිද
      මේකෙ කොමිස් කුට්ටිය යන්නේ කාටද
      විද්වතුන් නිහඩ ඇයි
      මැට්ටොන්ට පිස්ස කෙලින්න දෙන්නේ ඇයි

    • Goviya says:

      Tested and cleared ?

    • Love nature says:

      ලිතුවේනියා කාබන් පොහොර මෙරටට ගෙන්වා ඒවා පරික්ෂා නොකර අපේ ගොවීන්ට ලබා දෙන්නේ මන්ද ? නැගෙනහිර යුරෝපිය රටක් වන ලිතුවේනියාව සෑම විටම ජාතික හා ජනවාර්ගික ගැටුම්වල වේදිකාව වී ඇත …මේ වැනි රටවල එළවලු පවා මිලදී ගැනීම බොහෝ රටවල් නොකරයි.එවැනි රටකින් කාබන් පොහොර ගෙන්වුයේ ඇමතිතුමාට ලොකු ඩීල් එකක් ලැබිලා වගෙයි අපේ වී ගොවිතැනටත් සෙනසුරු දසාව ලැබිලා වගෙයි …ඒ ලිතුවේනියා පොහොර දීමෙන් ගොවීන්ට සෑදෙන ලෙඩ රෝග ගැන පොහොර ගෙන්වා පරික්‌ෂා නොකර බෙදාහැරිය ඇමති වගකිවයුතුයි

      • Alapaluwa says:

        අපි දන්නා විදියට මේ පොහෝර ගොඩබස්වා රෑට රෑට ගෝවිජන ප්‍රදේශවලට Transport කරලාත් හමාරයි කියා ගැනීමට හැකිවී ඇත්තේ. මුන් මේ කරන්නේ මහා සහාගාන අපරාධයක් සමස්ථ ජනවර්ගයාටම ගෝවි මාහාතුන් මේවැනි පොහෝර ගැනීමෙන් වැළකී සිටීමත් දැන හැඳින් සිටීමත් ඉතාමත් යහාපත් වේවි සියළුදෙනාටම.Alapaluwa from Sa

    • කැලණියේ නයා says:

      අතන මෙතන රතන උන්නාන්සෙ තමා මේ ලණුව කැව්වෙ මුලිම්ම උන්දැ කවපු ලණුව මෙලෝ ප්‍රායෝගික දැනුමක් නැති හෙළ මනෝරාජික ලෝක වල ඉන්න වියත්තු ටික එක්කහු වෙලා ඇඹරුව ලස්සනට තව ටිකක් දැන් ඒක දිරවගන්න බැරුව ඉන්නෙ ගොවියො සහ පාරිබෝගිකයො කොටිම්ම පොහොට්ටුවෙ ඉන්න ගොවිජන ප්‍රදේශවල ඉන්න මන්තිරි කෙනෙක්ට ගමට යන්න බැරි වෙන මට්ටමට ලණුව ගිල්ලෝල අතන මෙතන උන්නාන්සෙ දැන් කොතනද කියල හොයා ගන්න බැරි ගානට සයිලන්ට්

    • Alapaluwa says:

      ලිතුවේනියා කියන්නේ චීනයට උඩ තිබෙන ඉතාමත් ළඟ රටක් මේ අපේ ඉන්නා අප්පුහාමිලා කරන්නේ අර චීනෙන් ගත්ත කාබනික පොහෝර වටේ කරකවලා ලංකාවට නැවත කොහොම හරි ගෙන්වාගත්තු එකයි එකයි ඇත්ත කථාව.. ඇත්තටම එක රහාසක්ද??නැහැ කවුරුත් දන්නා දෙයක්. අනෙක කොහොමද කිසිම පරීක්ෂණයකින් තෝරව මේ පොහෝර ගෙන්වන්නේ? කෝතරම් පරීක්ෂණ කිරීමට තිබෙනවද මේවා ගොඩබෑමට ප්‍රථම.සමාවන්න කීවට අර කටවටේ සුදුකබර දමා තිබෙන පුද්ගලයාගේ දැනීම කොපමණද කියා දැන් කාටත් තේරෙනවා නේද? අනේක ඉන්ෂුවරන්ස් සමාගමක සේවය කරපු කෙනේකුට මෙවැනි තනතුරක් ලැබීමෙන් වෙන විපත් පේනවානේද එය සුළුපටුනොවේ.මේවැනි අමාත්‍යාංශයක් භාරදෙනවිට ඒ විෂය පද්‍යතිය ගැන මනා දැනීමක් තිබෙන පුද්ගලයෙකුට දිය යුතුයි.කොහෙද අපේ ඉන්නා අපුහාමිලා පවුලට මේ කිසිමදෙයක් තේරෙන්නේ නැහැ නොවැ..තේරුනත් නොතේරුණු ගාණට නොදන්නා විදියට රඟපානවා. දැන් ප්‍රමාද වැඩියි රට ගොඩ දාගන්න බැරි ගාණටම ප්‍රපාතයට වැටිලානේද තිබෙන්නේ? මේ අප්පුහාමිලා කට්ටියටම හොඳටම තේරුම් ගිහිං තිබෙන්නේ නැවත පාර්ලිමේන්තුවේ හතරමායිම පැත්තේ එන්න ලැබෙන්නේ නැතිබව ඉතින් යන එකා කොරහා බිඳගෙනම යනවා වගේ ඉතිරිවෙලා තිබෙන දේයත් ලේවකාගෙනම අරගෙන පැදුරටත් නෝකියා ගියපාර ගියාවාගේ මුන්දෑ මාරුවෙන්න තමයි මේ මාන බලන්නේ. .මතකයිනේ ඒ කවුද කියා??Alapaluwa from SA

    • Sena says:

      පොටෑසියම් ක්ලෝරයි වල බැක්ටීරියා, දිලීර හැදෙනවා..? මොන ලෝකෙද දන්නෙ නෑනේ..?

  2. 3% ට බය බයියා. says:

    ගොවියෝ ගොවි බිම් වලින් සූක්ෂම ලෙස ඉවත් කර MCC ගිවිසුම වෙනත් ආකාරයකට ගේන්න දේශප්‍රේමී ආණ්ඩුව කටයුතු කරන්න යන බව බුද්ධිමත් ජනතාව දන්නවා .

  3. නීරෝදායනී says:

    ශාක නිරෝධායන පනත ක්‍රියාත්මකද දැන්
    නොදන්න මගුල් ඇවිල්ලා රටට කෙල උනාම හරිද
    මේකෙ කොමිස් කුට්ටිය යන්නේ කාටද
    විද්වතුන් නිහඩ ඇයි
    මැට්ටොන්ට පිස්ස කෙලින්න දෙන්නේ ඇයි

  4. Non Violence says:

    ඕනෑම අත්තනෝමතික හෝ නීතිවිරෝධී පාලනයක් දණගැස්සවීමට හෝ පලවාහැරීමට උපයෝගී කරගතහැකි සටන් ක්‍රමයක් Civil Disobedience උපක්‍රමය.ඇමෙරිකන් ජාතික හෙන්රි ඩේවිඩ් තොරෝ විසින් Resistance To Civil Government ලෙස 1848දී කල ලියවිල්ලක් ඔහුගේ අවෑමෙන් පසු Civil Disobedience ලෙස පලවී ඇමෙරිකාව තුල එම පාඨය ප්‍රචලිත වන්නට විය.බ්‍රිතාන්‍යයෙන් නිදහස දිනන 1919 ඊජිප්තු විප්ලවය,ඉන්දියාවෙන් බ්‍රිතාන්‍ය පලවා හරින ඉන්දීය නිදහස් අරගලය,ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කර ජීවිතය පූජා කල මාටින් ලූතර් කිංගේ අරගල, Civil Disobedience උපක්‍රමය අරගලයේදී මොනතරම් බලවත් මූලිකාංගයක්ද යන වගට සාක්ෂි දරයි.වත්මන් තත්වයට ගලපන්නේ නම් ජල බිල්පත්, විදුලිබිල්පත්, වරිපනම්, ලීසිං,බදු නොගෙවා (Civil Disobedience) ඕනෑම අත්තනෝමතික,දුර්දාන්ත ආණ්ඩුවක් දණගස්වා පලවාහල හැක.මන්ද ජනතාව මර්දනයට යොදා ගන්නා මෙවෙලම් වල පැවැත්මත් රදා පවතින්නේ මහජනයා ගෙවන බදු මුදල් මතමය
    Thoreau declared that if the government required people to participate in injustice by obeying “unjust laws,” then people should “break the laws” even if they ended up in prison. “Under a government which imprisons any unjustly,” he asserted, “the true place for a just man is also a prison.”අයුක්තිසහගතව පුද්ගලයන්ව සිරගත කරන ආණ්ඩුවක් ඇතිවිට යුක්තිගරුක පුද්ගලයකුට හිමි නියම තැනත් සිපිරිගෙයයි.

  5. Kumara says:

    KCl???? කාබනික??? දන්න එකෙක් මට කියලා දෙන්න….මටනම් ඒකෙ කාබනික බවක් පේන්නෑ…

  6. Hayyo says:

    කාබනික KCL?? කාටද බං මේ බොරු කරන්නෙ??😂

  7. අක්‍රමවත්ව කාබනික පොහොර වලට යොමු වීම වලකමු says:

    මඩ ටිකක් එක්ක හරි පස් එක්ක හරි රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කරාම ඒක කාබනික පොහොර වේ..

    මහින්දානන්ද්ස් බයියබල් 18:32

  8. Rasika says:

    කාබනික KCL පොහොර. පවු මේක රසායනිකය පොහොර බව දන්නේ නැද්ද නැත්නම් මෝඩකම පෙන්නලා හදිසියේ පොටෑසියම් ක්ලෝරයිඩ් ආපු එක වහන්න හිතිලා ද දන්නේ නෑ 🤔😜😀🤣🤣🤣

  9. SAMAN says:

    කාබනික KCL පොහොර. පවු මේක රසායනිකය පොහොර බව දන්නේ නැද්ද නැත්නම් මෝඩකම පෙන්නලා හදිසියේ පොටෑසියම් ක්ලෝරයිඩ් ආපු එක වහන්න හිතිලා ද දන්නේ නෑ 🤔😜😀🤣🤣🤣

    • SAMAN says:

      පන්ඩිත බක මෝල් කම රෙද්ද පල්ලෙන් බේරෙනවා. අපොයි රටකට ගිය කලක්. ඇමෝනියම් පොස්පේට් සහ යූරියා කියන ” කාබනික” පොහොරත් ඔය ගමන්ම ගෙන්නුවා නම් හොදයි ඇමැටි තුමෝ. කට වහගෙන හිටියනම් මැටි බව නොපෙන්නා ඉන්නවත් තිබ්බා.

Leave a Comment

Main News