‘ලිමිනි වීරසිංහ’ – රාජපක්‍ෂ පවුලට එක්වන අලුත්ම ලේලිය.. සැප්. 17 දේශීය ආරේ උත්සවයක්.. නාමල්ගේ අනාගත බිරිද ගැන වගතුග මෙන්න..

June 23, 2019 at 9:20 am | lanka C news
‘ලිමිනි වීරසිංහ’ – රාජපක්‍ෂ පවුලට එක්වන අලුත්ම ලේලිය.. සැප්. 17 දේශීය ආරේ උත්සවයක්.. නාමල්ගේ අනාගත බිරිද ගැන වගතුග මෙන්න..

පාස්කු ඉරිදා බෝම්බ සිදුවීමෙන් පසු මෙරට අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳව තවමත් මුළු ලෝකයම සැක පහළ කරන කාරණය ඇත්තකි. මේ පසුබිම තුළ අපට යම් පන්නරයක් ලැබුණේ අත ළඟම නෑයා එසේත් නැත්නම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණීම නිසාය.

නරේන්ද්‍ර මෝදි මහතාගේ මේ සංචාරය අතරතුරේදී මෙරට ජනමාධ්‍ය වැඩි වශයෙන් උනන්දු වූ ප්‍රවෘත්තියක්ද අසන්නට ලැබිණි. ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසින් යළිත් මංගල සීනු හැඬවෙන ප්‍රවෘත්තියකි. එනම් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ විවාහයයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳව විමසා සිටි මොහොතේදී මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම නාමල් රාජපක්ෂ මහතාටද ඒ විවාහ මංගල්‍යය සැප්තැම්බර් 17 වැනිදා සිදුවන බව කියන්නට සිදුවිය.

මෙතෙක් දවසක් රහසක්ව පැවැති මේ විවාහ මංගල උත්සවය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ අත ගන්නා මනාලිය කවුරුන් දැයි හැමෝම වාගේ සොයන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.

රාජපක්ෂ පවුලට අලුතෙන් එකතු වන ඒ වාසනාවන්තිය කවුදැයි සෙවීමට හැමෝම පටන් ගත්තේය. ඒ අනුව අපට අලුත් මනාලියගේ ආදරණීය පියාණන් වූ තිලක් වීරසිංහ මහතා මුණගැසී සුහද කතාබහක යෙදීමට අවස්ථාව ලැබිණි.

අපි මහින්ද මහත්තයාගේ පවුලේ අයව දන්නේ ඇසුරු කරන්නේ අවුරුදු 15කට කිට්ටු කාලයක ඉඳලා. ඒ දැනහැඳුනුම්කම ඇති වුණේ ජල ක්‍රීඩා කටයුතු නිසා.

‘පුංචි කාලේ ඉඳලම නාමල්, යෝෂිත කියන මේ දරුවෝ අපේ ආයතනයේ ජල ක්‍රීඩාවලට එනවා. ඒ ඇවිත් කාලයත් එක්ක ඇතිවුණු සුහදතාව තමයි මේ විදියේ සම්බන්ධකමක් දක්වා වර්ධනය වුණේ.

මෙසේ කියමින් අප සමඟ ඉතා සුහද කතාබහකට එකතු වුණේ තිලක් වීරසිංහ මහතාය. තවත් විධියකට හඳුන්වනවා නම් නාමල් රාජපක්ෂ මහතා විවාහ වීමට තෝරාගෙන ඇති මනාලිය වන ලිමිනි වීරසිංහ මෙනෙවියගේ ආදරණීය පියාණන්ය.

තිලක් වීරසිංහ මහතා මෙරට සංචාරක ක්‍ෂේත්‍රය තුළ පෙරමුණේ වැජඹෙන ව්‍යාපාරිකයෙකි. එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළින් අපේ රටට වැඩිම ආදායමක් උපයා දෙන දේශාභිමානී ශ්‍රී ලාංකිකයෙකි.

එල්.එස්.ආර්. නමින් පවත්වාගෙන යන මෙම සුප්‍රසිද්ධ ආයතනයට මරිනා සුපිරි හෝටල් සමූහය හා කිමිඳුම් පාසල් මෙන්ම කිමිඳුම් ආයතන සියල්ල ඇතුළත්ය.

“මේ හැමදේකටම වඩා අපි දේශීයත්වයට ආදරය කරනවා. අපේ ආයතන කිසිවක් පිටරටට අයිති නැහැ. ඒවා අයිති අපිටමයි. නමුත් අපේ ආයතනවල විදෙස් ජාතිකයෝ රැසක් වැඩ කරනවා. ඒ වගේම අපිට අයිති තවත් ආයතන කීපයක් ජර්මනියේ, ප්‍රංශයේ, ජපානයේ, චීනයේ වගේම ඉන්දියාවේ තිබෙනවා.”

තිලක් වීරසිංහ මහතා මේ දේවල් ඉස්මතු කොට පවසන්නේ පුරාජේරුවට නොවේ. ඔහු මේ හෙළිදරව්ව කරන්නේ දේශීය ව්‍යාපාරිකයෙක් ලෙස වසර 30ක් තුළදී දේශපාලන වාසි නොගෙන ධෛර්යවන්තව තම ව්‍යාපාරය දියුණු කරගත් අභිමානය නිහතමානීව විස්තර කරමිනි.

“ ඒ විතරක් නෙවෙයි. මමත් මගේ බිරියත් දෙන්නම ක්‍රීඩාවට ආදරෙයි. මේ පසුබිම තුළ තමයි අපිට නාමල් – යෝෂිත පුතාලා දෙන්නත් හඳුනගන්න ලැබෙන්නේ.

ඒ වගේම මගේ දුව ලිමිනිත් මේ අය සමඟ හිතවත් වෙන්නේ. මොකද අපේ දුවත් පුංචි කාලේ ඉඳලම මේ දේවල්වලට උනන්දුයි.

අපි පුල පුලා බලා සිටි මේ විවාහයේ හොඳම තැනට අපේ සුහද කතාබහ තල්ලු වන්නේ දැන්ය. ඒ නාමල් – ලිමිනිගේ දැනහැඳුනුම්කම හා විවාහය දක්වා ඒ සම්බන්ධකම ගොඩනැඟුණේ කෙසේ දැයි යන්න ගැනය.

‘මම මුලදී කිව්වනේ මේ දෙන්නා ක්‍රීඩාව හින්දා මුලදී හිතවත් වුණා කියලා. ඇත්තටම ඔය හිතවත්කම හුඟක් කල් තිබුණා. ඒත් මීට අවුරුදු දෙක තුනකට කලින් මේ ළමයි දෙන්නා ඇවිත් මේ සම්බන්ධව අපි එක්ක කතා කළා. ආදර සබඳතාවක් තිබෙන බව අපට කිව්වා.

‘ඇත්තටම ඒ වෙලාවේ අපි කිව්වේ දෙපාර්ශ්වයම දැනුවත් කරලා ඔවුන්ගේ ආශීර්වාදය අරගෙන මේ සම්බන්ධකම පවත්වාගෙන යන්න කියලයි.

නාමල් – ලිමිනි මේ අවවාදය ඉහළින්ම පිළිගත්හ. ඒ අනුව මවුපියන්ගේ කැමැත්ත ලබා ගැනීමේ සුහද හමුවක්ද සූදානම් කළහ.

“ඊට පස්සේ මහින්ද රාජපක්‍ෂ මහතා වගේම ශිරන්ති රාජපක්‍ෂ මැතිනියත් අපිත් මේ දෙන්නගේ අනාගතය ගැන කතා කළා. ඔවුන්ගේ කැමැත්තට අනුව එකතු වෙන්න ඉඩ දුන්නා.”

“ඇත්තටම මේ රට කුරිරු ත්‍රස්තවාදයෙන් බේරගත්ත මහින්ද රාජපක්‍ෂ මහත්තය ගැන මා තුළ තිබෙන්නේ පුදුමාකාර ගෞරවයක්. එතුමා මගේ ඥාති වුණත් ඒ ගෞරවය මා තුළින් ගිලිහී යන එකක් නැහැ. අපි අද නිදහස්ව ජීවත්වෙන්නේ එතුමා නිසයි. ඉතින් එතුමා වගේ නායකයෙක් මගේ ඥාති වෙන එක කොයි තරම් සතුටක්ද?”

තිලක් වීරසිංහ මහතා මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ ඒ විධියටය.

නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයා ගැනද මම මේ කතාබහේදී අහන්නට සිතුවේත් එවන් කෙනකු වීරසිංහ පවුලට එකතුවීමේ සතුට ගැන දැනගන්න තිබූ ඕනෑකම නිසාය.

“මම නාමල් පුතාව හුඟක් කල් ඉඳලා දන්නවා. ඔහුගේ හැසිරීම තුළ කිසිදු වරදක් මම දැක නැහැ. ඔහු ගැන නොදන්න අය කියන කතා මම එතරම් හිතන්නේ නැහැ. “ඒවා දේශපාලන ලෝකය තුළ ඇහෙන කතානේ.

“නමුත් මම දන්න නාමල් කාලෙක ඉඳලම එළවළු බත් කන, වයින් උගුරක්වත් බොන්නේ නැති බොහොම සුහද කෙනෙක්. ඒ වගේම ක්‍රීඩාවට හුඟක් ළැදි කෙනෙක්.”

තිලක් වීරසිංහ මහතා පවසන ආකාරයට ඔහුගේ ආදරණීය දියණිය ලිමිනිත් වෙනස්ම විදිහේ ගති පැවතුම් ඇති දයාබර දියණියකි. ඇය පාසල් කාලයේ සිටම ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු ගැන අවධානය යොමු කළ තැනැත්තියකි. සංගීතයට ප්‍රිය කළ කලාකාමිනියකි.

“මම මගේ දියණිය නිසා කියනවා නෙමෙයි. ඇය තුළ සුවිශේෂී ගති පැවතුම් හුඟක් තිබෙනවා. ඇය පාසලේදී ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විධියට වැඩ කළා. ඒ කොළඹ බිෂොප් විද්‍යාලයේ. ඒ වගේම එහි බෞද්ධ සංගමයේ සභාපති ධුරය දරමින් විශාල වැඩ කොටසක් කළා.

“ලිමිනි දුව පාසලේ දේශීය තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක්. ඇයට හොඳට බෙර වයන්න පුළුවන්.

ලිමිනිගේ මේ දක්‍ෂතාව ඇය තවදුරටත් ප්‍රගුණ කර ගත්තේ අප්‍රිකානු සම්භාව්‍ය සංගීතයට සම්බන්ධ බෙර වාදන කලාව පවා ප්‍රගුණ කරමිනි. එම සංගීත විෂය පිළිබඳව අධ්‍යයනය කළ ඇය 2017 වසරේදී පාසලෙන් සමුගන්නා විට ඒ භූමියට හා පිරිසට උපහාරයක් වශයෙන් “ඝෝෂා’ නමින් ප්‍රසංගයක් පැවැත්වූවාය.

දුව මේ මහ පොළොවේ පය ගහලා ජීවත්වන තැනැත්තියක්. ඇය බුදු දහමට වගේම දේශීය සිරිත් විරිත්වලට හුඟාක් ළැදියි.

“මම දන්නවා ඇය මේ විවාහයෙන් පස්සේ වුණත් ස්වාමි පුරුෂයාගේ දේශපාලන ජීවිතයට උදවු කරයි. නමුත් දේශපාලන කටයුතුවලට නම් ඇය ඍජුව සම්බන්ධ වෙන එකක් නැහැ. ඇය ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාවි. ඇය මේ වෙද්දී ඉතා උනන්දුවෙන් ව්‍යාපාර පරිපාලනය ඉගෙන ගන්නෙත් ඒ නිසාමයි. ඒ වගේම ඇය ඉතා හොඳ භාර්යාවක් වේවි.

“මම එහෙම කියන්නේ මම ඇගේ අම්මා ගැනත් හොඳට දන්න නිසා. ඇය මට ඉතා හොඳ බිරියක්. දරුවන්ට හොඳ මවක්. ඇය ඒ යුතුකම් ඉටු කරන ගමන් මගේ ව්‍යාපාරයේ මුදල් කළමනාකරණයට වගේම පරිපාලන කටයුතුවලටත් ලබා දෙන්නේ කිව නොහැකි ධෛර්යයක් හා සේවයක්.

මවට උරුම මේ ගති පැවතුම් ලිමිනි දියණිය ළඟත් තිබෙනවා. ඇය තමයි මගේ ලේකම්වරිය හැටියට දැනුත් වැඩ කරන්නේ. ඇයට ඒ වැඩ කටයුතු ගැන ඉතා හොඳ අවබෝධයක් හා උනන්දුවක් තිබෙනවා.”

තිලක් වීරසිංහ මහතාගේ ප්‍රිය බිරිය අරුණි වික්‍රමරත්න මහත්මිය මෙරට සිටි දක්‍ෂතම ක්‍රීඩිකාවකි. ඇය දමයන්ති දර්ශා හා ශ්‍රියානි කුලවංශ මෙන්ම සුසන්තිකා ජයසිංහ මෙන්ම ක්‍රීඩා පිටිය දීප්තිමත් කළ තවත් අපූරු චරිතයකි. ඇය එකල තරග කළේ මීටර් 100 – 200 ඉසව්වන්. එමෙන්ම සහාය දිවීමේ තරගවලදී කෙටිදුර ධාවන අවසන් තරගකාරිය ලෙස යෂ්ටිය අතට ගන්නේ ඇයයි.

අරුණි වික්‍රමරත්න මහත්මිය ක්‍රීඩා කරන සමයේ අපේ කථානායකයා තිලක් වීරසිංහ මහතාද ක්‍රීඩාවට සම්බන්ධ වී කුසලාන රැසක් හිමිකරගත් වග සඳහන්ය. ඒ ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින්ය. තිලක් වීරසිංහ මහතා ජල ක්‍රීඩා ශූරයෙකි. ඔහු වැඩි වශයෙන්ම පදක්කම් දිනා ඇත්තේ රුවල් ඔරු හා ‘වින්ඩ්සර්ෆින්’ ක්‍රීඩාව වෙනුවෙනි. ො

ක්‍රීඩාවට දැඩිව ආදරය කරන තිලක් වීරසිංහ මහතා තමා ජාත්‍යන්තරයෙන් ලබාගත් දැනුම නව පරපුරට ලබා දෙන්නේ හද පිරි බැතියෙනි. ඔහු ඒ වෙනුවෙන් විවිධ වැඩමුළු හා දේශනවලටද සහභාගි වේ. වීරසිංහ මහතා මේ නිසාම දේශීයව හා විදේශීයව ජනප්‍රිය චරිතයකි. ඔහු මේ වැඩකටයුතු කරන්නේ සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ පවා අද්විතීය නාමයක් තබා ගන්නා අතරේය. සැබෑවටම මේ වැඩකටයුතු නිසා දේශපාලන භේදයකින් තොරව ඔහු ඇසුරු කරන ප්‍රභූ පිරිසද සුළු පටු නොවේ. එහෙත් ඒ සියලු ගෞරව සම්මාන හා හිතවත්කම් මැද ජීවත් වන තිලක් වීරසිංහ මහතා වඩාත් ප්‍රසිද්ධ වී සිටින්නේ හිත හොඳ යහපත් කල්ක්‍රියාවෙන් යුතුව ජීවත් වන චරිතවත් පුද්ගලයකු ලෙසිනි.

“ලිමිනි ඇරුණු කොට අපට තව එක පුතෙක් ඉන්නවා. ඔහු ජනිත්. තවම ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබනවා. ඉතින් පවුලක් හැටියට අපි සතුටින් ඉන්නවා. නාමල් පුතා තමයි අපේ පවුලට එකතු වන අලුත් සාමාජිකයා. නමුත් ඔහු අපිට හුඟාක් පුරුදුයි. කිට්ටුයි.”

තිලක් වීරසිංහ මහතාගේ ආදරණීය බිරිය අරුණි වික්‍රමරත්න මහත්මියගේ ඥාති තවත් දේශපාලන චරිතයක් ගැනද මෙහිදී මතක් කළ යුතුය. ඒ හිටපු දේශපාලකයකු වූ ආනමඩුවේ සද්ධාතිස්ස වඩිගමංගාව මහතාය. රෙද්ද බැනියම ඇන්ද මේ අපූරු දේශපාලනඥයා මුලින් ඉංග්‍රීසි ගුරුවරයෙකි.

“ඔහු තමයි මමයි අරුණියි විවාහ වෙද්දි අපිව පෝරුවට නැග්ගුවේ. ඥාතිත්වයට ඔහු අරුණිගේ මාමා. ඒ වගේම ඇයගේ පියාගේ බාල සොයුරා තමයි හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා.”

ගහට කොළට ගමට හා හේනට කුඹුරට ඇලුම් කරන පවුලක් ලෙස ප්‍රසිද්ධ වීරසිංහ පවුල හා වික්‍රමරත්න පවුල අදටත් ජීවත් වන්නේ ඒ වටපිටාව සමඟය. ඇසුරු කරන්නේ ගම්මුන්ය. දානමාන කටයුතු සිදුවන්නේ ගමේ පන්සලත් සමඟය.

“අපි යක්කල. මහ ගෙවල් තිබෙන්නේ එහෙ. පුංචි කාලේ ඉඳලම ලිමිනි ඉස්කෝලේ ආවෙත් යක්කල ඉඳලයි. ස්වාභාවික පරිසරයට අපි ආදරය කරන්නේ ඒවා ආරක්ෂා කරන්න හිතන්නේ ඒ බැඳීම නිසාමයි. ලිමිනි දුව යහපත් දරුවෙක් කියලා මම කියන්නේ මෙන්න මේ බැඳීම් එක්ක වැඩ කරන නිසායි. ගමේ වැඩිහිටියෝ තමයි අපේ ළඟම හිතවතුන්.”

මේ අපි නොදත් ලිමිනි වීරසිංහ පවුලේ කතාවය. නගරයේ වැඩ රාජකාරි කළත්, ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ඉංග්‍රීසියෙන් වැඩ කළත් සිංහල ගැමිකම දත් ඔවුන්ගේ කතාවය. මේ සරල ගති පැවතුම් මහිින්ද රාජපක්ෂ පවුලේ ඇත්තන් තුළ පවා ඇති බව බොහෝ දෙනා දන්නා සත්‍යයකි. ඉතින් නාමල් රාජපක්ෂ මහතාට ලිමිනි වීරසිංහ මෙනෙවිය කෙතරම් ගැළපෙන්නේ දැයි කියන්නට දැන් සහතික අවශ්‍ය නැත. කාලය ඒ ගැළපීම මනාව ගළපා ආදරණීය හෙට දවසක් වෙනුවෙන් මේ යුවළ මුණගස්වා ඇත.

“මනාලියගේ පින්තූර පසුව බලමු. එතෙක් සැප්තැම්බර් මාසේ 17 වැනිදා පැවැත්වීමට නියමිත මේ විවාහය ගැනත් අපි මතක් කරමු.” තිලක් වීරසිංහ මහතාගෙන් සමුගැනීමට පෙර මම ඔහු වෙතට හැරී ඇසුවෙමි.

“ඔව්… ඇත්තටම ඒක බොහොම චාම් විවාහ උත්සවයක් වේවි. තවම නැකැතට බුලත් දුන්නේ නැති නිසා පැවැත්වෙන ස්ථානය මට නොකියා ඉන්න අවසර දෙන්න.”

“අපි මේ විවාහ උත්සවය පවත්වන්නේ දේශීය චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දීලා. ඒ උත්සවය ඉවර වුණාට පස්සෙ අපේ හිතවත් පිරිස වෙනුවෙන් වෙනම උත්සවයක් පවත්වනවා.

ඇත්තටම අපි මේ දේවල් හදිසියේ මාධ්‍යයට කියන්නේ නැතිව ටිකක් ඉඳලා කියන්න හිටියෙ. ඒත් මෝදි අගමැතිතුමා නිසා මේ විවාහයේ ආරංචිය මාධ්‍යයට ගියා” තිලක් වීරසිංහ මහතා හිනාවෙමින් කීවේය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
– mawbima

111,086 Viewers

15 Comments to “‘ලිමිනි වීරසිංහ’ – රාජපක්‍ෂ පවුලට එක්වන අලුත්ම ලේලිය.. සැප්. 17 දේශීය ආරේ උත්සවයක්.. නාමල්ගේ අනාගත බිරිද ගැන වගතුග මෙන්න..”

  1. sakalabujan says:

    Sinhala kollek….Suba Mangalam………………….

    • Suren says:

      Sadu Sadu,the Best News the Sinhala Buddhists heard, that she is a faithful Buddhist girl. Of course one day Namal will be the leader of the country & it is imperative to have a devoted Buddhist as a wife for him. She has been the president of the Buddhist society in Bishop’s & that shows her commitment. Theruwan Saranai for the young couple!

  2. Gominda says:

    Wish you all the best

  3. Love nature says:

    වත්මන් සමාජයේ බොහෝ විවාහ තීරණය වන්නේ මවුපිය වැඩිහිටි කැමැත්ත පරිදිය. ප්‍රේම සම්බන්ධතා අනුව සිදුවන විවාහ ද වේ. මේ කවර අවස්ථාවක දී වුවද පෙරදැරි විය යුතු වන්නේ අන්‍යොන්‍ය අවබෝධය ය. ඔවුනොවුන් හඳුනා ගැනීම තුළ ගැටුම් අවම කර ගත හැකිය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි තරුණියක් තම සහකරුවා තෝරා ගන්නට ප‍්‍රථම ඔහු පංච ශීල ප‍්‍රතිපත්තිය ගරු කරන්නේ ද යන්න විමසා බැලිය යුතුය. තරුණයෙක් සිය සහකාරිය තෝරා ගන්නට පෙර ඇය පංචශීලය පිළිපදින්නේ ද යන්න විමසා බැලිය යුතුය. සාර්ථක ගිහි ජීවිතයක පදනම වන්නේ ද පංච ශීලයයි.

    විශේෂයෙන් විවාහක යුවළක් තම තමන්ගේ වගකීම් හඳුනා ගැනීම ද සාර්ථක ජීවිතයකට අතිශයින් වැදගත්ය. අම්මා තමන් ගේ වගකීම් හා යුතුකම් හරි හැටි නොදනී නම්, පියා තමන් ගේ වගකීම් හා යුතුකම් නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඒ පවුල් පසුබිම ඒ දෙපළට මෙන්ම දරුවන්ට ද යහපත් වන්නේ නැත. මේ නිසා විශ්වාසවන්ත ස්වාමි භාර්යාවන් ලෙස තමන් ගේ සිත් සතන්වලට නැගෙන හැගීම් පාලනය කර ගනිමින් විවාහ ජීවිතය පිළිබඳ සිතන්නට, මවුපියන් ලෙස තම තමන්ගේ භූමිකාව හඳුනාගෙන කටයුතු කරන්නට, ප‍්‍රතිපත්ති ගරුකව ජීවත් වන්නට අධිෂ්ඨානයක් ඇති කර ගත යුතුය. එහිදී ඉවසීම මෙන්ම, කරුණාව, දයාව, අනුකම්පාව හා ආදරය ද පෙරදැරි විය යුතුය. එවිට කවර බලවේගයකට වුවද එවැනි විවාහයක්, පවුලක් කඩා බිඳ දැමිය නොහැකිය.

  4. Helabima says:

    හෙළ දේශයේ අනාගත ජනාධිපති ආර්යා ගරු ලිමිනි වීරසිංහ මෙනවියට තුන් හෙළයේ උණුසුම් සුබ පැතුම් …!!!

  5. Nim says:

    NAMAL PUTHA
    GOOD LUCK
    THERUWAN SARANI.

  6. නිළමේ says:

    නාමල් පුතාටත් ලිම්නි දුවටත් සැමගේ සිත් දිනාගෙන වාසනාවන්ත අනාගතයක්ම වේවා!

  7. මැදමුලනෙ මුත්තා says:

    උණුසුමි සුභපැතුමි! විවාහ දිවිය මෙන්ම අනාගතයද සාර්ථක වෙිවා! නාමල් දැන්වත් ඉරාජ්ලගෙ සෙටිඑක සමග අනවශ්‍ය ගමන් බිමන් නොගිහිං හිටියොත් හොඳයි. ජයවෙිවා!

  8. Ponnaya says:

    මූ ගැන ඔච්චර ලියන්න මූ විලියම්ද? පට්ට හොරෙක් මිසක්… මරපු මිනිස්සුන්ගේ සාපය කොහොමත් වදිනවා

  9. vishnu says:

    GOOD LUCK

  10. සෑම් says:

    අප ඔබගේ පියාණන්ට ගෞරවය කරන්නේ රට ජාතිය බේරාගත් නායකයා විදිහට .. පියාණන්ගේ ඒ ගෞරවය රැකෙන පරිදි ඔබගේ සියලු ඇවතුම් පැවතුම් සකස් විය යුතුයි. ඔබ දෙපලට සුබ අනාගතයක් …!

  11. අගුනුකොලේ කිරි මහත්තයා says:

    නාමල් බේබි, ඔබේ පියා යුග පුරුෂයෙක්.එතුමා යුද්ධය නිමා කලා.රටේ ජනතාවගේ සැබෑ.නායකයා එතුමයි. ඒත් බේබි ඔබ එතුමාගේ දේශපාලනය විනාශ කලා. කාර් රේස්, රගර්, තාරුණ්‍යට හෙටක්, සී.එස්.එන්. අනර්කලී, ඒෂියන් ගේම්ස් යනාදී කී නොකී ඔබගේ ව්‍යාපෘති හරහා සිදුවූයේ එතුමාට තිබූ ජනතා විශ්වාසය පලුදු වීමයි. එහි ප්‍රතිපලය 2015 ජනාධිපති වරනයයි. දැන් ඔබ දේශපාලනයෙන් සමුගන්න. මාමා බිස්නස් කාරයෙක්නේ. මාමාගේ බිස්නස් වලට සම්බන්ධ වෙලා ඒවා දියුණු කර ගන්න.ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙවර මැතිවරණ වලට ඉදිරිපත් වෙලා අනිවාර්යයෙන් දිනනවා.ඔබ ඔබේ අළුත් බිස්නස් මාමත් එක්ක බිස්නස් කර ගෙන ඉන්න.එය රටේ ජනතාවගේ බලාපෙරොත්තුවයි.

Main News