ලිමොසින් නෑ.. බෙන්ස් නෑ.. මහින්ද පුතු රෝහිත මංගල ගමන් ගිය සරල රථය මෙන්න..

January 24, 2019 at 10:33 pm | lanka C news
ලිමොසින් නෑ.. බෙන්ස් නෑ.. මහින්ද පුතු රෝහිත මංගල ගමන් ගිය සරල රථය මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවය කාගේත් අවධානය ලක් වූවක් විය.

එය උපරිම චාම් හා සරල ලෙස දේශීයත්වය උපරිම ලෙස භාවිත කරමින් සංවිධානය කර තිබූ අතර ආහාර පාන පවා සකස් කර තිබුනේ ගැමි සිරිතටයි.

මංගල භෝජන සංග‍්‍රහයෙන් පසු නව මනාල යුවල මංගල ගමන පිටත් වූ ආකාරයද විශේෂත්වයක් දරයි.

ඔවුන් සිය මංගල ගමන සදහා තෝරාගෙන තිබුනේ මෙරට ඉපැරණිතම මෝටර් රථයකි.

අද බොහෝ දෙනා ලිමොසින් මෝටර් රථයකින් නොවේ නම් බෙන්ස් රථයකින් මංගල ගමන යාමට උත්සාය දරද්දී රාජපක්‍ෂ පුතුගේ මෙම තෝරාගැනීම අවධානයට ලක්විය.

220 views