ලීටර් 33000 තෙල් බවුසරයක් පුච්චන්නයි විරෝධතාකරුන් හැදුවේ.. එහෙම වුනා නම් අද රඹුක්කනක් නෑ…

April 20, 2022 at 12:40 pm | lanka C news
ලීටර් 33000 තෙල් බවුසරයක් පුච්චන්නයි විරෝධතාකරුන් හැදුවේ.. එහෙම වුනා නම් අද රඹුක්කනක් නෑ…

මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දි අද දිනයේ කළ විශේෂ ප්‍රකාශය මෙහි දැක්වෙයි.

මුලින්ම ඊයේ රඹුක්කනදී ඇති වු සිද්ධිය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේත් පෞද්ගලිකව මගේත් කණගාටුව මේ සභාවටත් රට වාසී ජනතාවටත් පළ කරනවා.

ඒ වගේම මේ සිද්ධියෙන් මිය ගිය අයටත්, ඔවුන්ගේ පවුල්වල අයටත්, සිද්ධියෙන් තුවාල ලැබු අයටත්, ඔවුන්ගේ පවුල්වල අයටත් අපේ කණගාටුව පළ කරනවා. ඒ එක්කම තුවාල ලැබු අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම මේ සිද්ධියේදී නීතිය හා සාමය ආරක්ෂා කරන්න ගිහින් තුවාල වෙලා මේ වන විට රෝහල් ගත වී සිටින ආරක්ෂක නිලධාරීන්ටත් මගේ කණගාටුව පළ කරනවා. ඔවුන්ට ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා.

රඹුක්කන උද්ඝෝෂණය නිසා පැය 10කට ආසන්න කාලයක් පීඩාවට පත් වුණු පාසැල් ළමුන්, රජයේ සේවකයින් ඇතුළු සාමාන්‍ය ජනතාවට අපේ කණාගටුව පළ කරනවා.

ගරු කථානායකතුමනි, මම ඊයේ තමයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස වැඩ ආරම්භකළේ. මේ තනතුරේ ඇති වගකීමත් එක්ක මම ඊයේ දවස පුරාම පාර්ලිමේන්තුවේ ඉතා කාර්ය බහුල වුණා.

ඊයේ රඹුක්කනදී මේ අවාසානාවන්ත සිද්ධිය ඇති වු වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාත්, පොලිස්පතිතුමාත් ඒ ගැන රටට පැහැදිලි කිරීමක් කළා.

පසුගිය කාලය පුරාම රටේ විවිධ තැන්වල උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා. අපි උද්ඝෝෂණය කිරීමේ අයිතිය පිළිගත් රජයක්. ඒ වගේම උද්ඝෝෂණය නොකරන සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවයත් ආරක්ෂා කරන වගකිව යුතු ආණ්ඩුවක්.

පසුගිය කාලයේ තිබුණු සෑම උද්ඝෝෂණයකම මහජන සාමය ආරක්ෂාව සුරැකීමේ ප්‍රධාන ආයතනය වන පොලීසිය ඉතා කැපවීමෙන් කටයුතු කළා. සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා හැකි උපරිම සහයෝගය ලබා දුන්නා.

ඊයේ දවස තුළත් රටේ විවිධ ස්ථානවල උද්ඝෝෂණ සිදු කෙරුණා. අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ මේ සඳහා විවිධ ප්‍රචාරයන් සිදු කෙරෙනවා. පොලීසිය මේ අය හදුනාගෙන තිබෙනවා.

අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දවස්වල බස් රථ මගින් ජනතාව ගෙන්වා ගනිමින් පෙළපාලියක් ගියා. රටේ විවිධ තැන්වල තිබෙන උද්ඝෝෂණ සංවිධානය කිරීමට සමගි ජනබල වේගයට සම්බන්ධ පුද්ගලයන් මුල්වී තිබෙන බව අපි දැක්කා. ඊට අදාළ ඡායා රූප විඩියෝ අප ළඟ තිබෙනවා.

ඊයේ පැවැති උද්ඝෝෂණවලදි බස් රථ යොදා ගෙන ප්‍රධාන මාර්ග අවහිර කෙරුණා. සාමාන්‍ය ජන ජීවිතයට බාධා කළා. රඹුක්කන සිද්ධියත් එවැන්නක්.

අද රට පත්ව තිබෙන අවාසනාවන්ත තත්ත්වය පසුගිය කාලයේ මේ උද්ඝෝෂණ සඳහා නායකත්වය දුන් ඒවාට අනුබල දුන් සියළු දෙනාත් වගකිය යුතුයි.

රඹුක්කන සිද්ධිය ඇතිවු අවස්ථාවේදි එය පාලනය කර ගැනීම සඳහා පොලීසිය හැකි ක්‍රියාමාර්ග ගත්තා. පැය 10කට ආසන්න කාලයක් මේ අය බස් රථ නතර කරමින්, දුම්රිය නතර කරමින්, කළහකාරී ලෙස හැසිරුනා. පාසැල් ලමයින්, රැකියාවලට ගිය අය පැය ගණන් රස්තියාදු වුණා.

මේ කළහකාරීන් ත්‍රීවිල් රථයයකට ගිනි තියා තිබුණා. ඉන්ධන ලීටර් 33000 ක් සහිත බවුසරයක් ගිනි තබන්නට සුදානම් වු අවස්ථාවේදී පොලීසිය තමන්ට පැවරී ඇති බලතල අනුව එය පාලනය කළා. මේ ගිනි තැබීම වුණා නම් අද රඹුක්කනක් නෑ. පොලීසිය මේ අවස්ථාවේදී කටයුතු කලේ පොලිස් ආඥාපනත හා පොලිස් නියෝග අනුවයි.

පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය අනුවත් දණ්ඩ නීති සංග්‍රහය අනුවත් පොලීසියට මේ සඳහා අවශ්‍ය බලය තිබෙනවා.

ඒ අවස්ථාවේදී එම ස්ථානයේ පවතින තත්ත්වය අනුව එහි සිටින ඉහළම පොලිස් නිලධාරියාට ඒ සඳහා තීන්දුවක් ගත හැකිය. පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් ඉහළ කෙනෙකුට තමයි ඒ තින්දුව ගන්න පුළුවන් .

මේ වෙඩි තැබීම සිදුවුනේ උද්ඝෝෂකයන් පාලනය කරන්න පුළුවන් හැම දෙයම කරලා. මේ සිද්ධිය විමර්ෂනය කිරීම සදහා අවිස්සාවේල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් දැනටමත් පත් කර තිබෙනවා.

රඹුක්කනදී පොලීසිය කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශායේ ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කළා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිති උපදේෂක මේ කමිටුවේ සෙසු සාමාජියන්.

මෙම කමිටු වාර්තාව අපි කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට අමතරව මේ සිද්ධිය පිළිබඳව ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණකයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේන් අපි ඉල්ලීමක් කර තිබෙනවා.

උද්ඝෝෂකයන් හැදුවේ බවුසරය ගිනි තියන්න. එහෙම ගිනි තිබ්බා නම් ලොකු විනාශයක් වෙනවා. 2021 සියරාලියෝන් බවුසරයක් ගිනි ගැනීම හින්දා 151 ක් දැවී අලුවීගියා.

අපි ඉතා වගකීමෙන් කියන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජන ජීවිතය ආරක්ෂා කරන්න අපි බැඳි සිටිනවා. ඒ සඳහා අපි කටයුතු කරනවා.

ගරු කථානායකතුමනි.

ඔබතුමා දන්නවා අතිගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ගහපු අවස්ථාවේ ඉඳන් පොලිසිය ඉතාමත් ඉවසීමෙන් ඒ වගේම නීත්‍යානුකූලව කටයුතු කළා. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කටයුතු කළා. හැබැයි මම කනගාටු වෙනවා අද මේ කෑගහන අය මේ බෝඩ් උස්සන් ඉන්න අයගෙ දරුවො යන්නෙ නෑ මෙව්වට. හැබැයි අහිංසක මිනිස්සුන්ව එළියට දාලා ඔවුන්ගේ ජීවිත බිලිගන්න මේ අය කටයුතු කරන එක ගැන අපි කණගාටු වෙනවා. ගරු කථානායකතුමනි. ඒ නිසා අපි රජයක් හැටියට මේ රටේ සියලු දෙනාගේම ආරක්ෂාව හා සාමය වෙනුවෙන් අපි කැප වෙනවා කියන එක අපි සියලු දෙනාටම කියා සිටිනවා.

– Media unit

72,036 views

51 Comments to “ලීටර් 33000 තෙල් බවුසරයක් පුච්චන්නයි විරෝධතාකරුන් හැදුවේ.. එහෙම වුනා නම් අද රඹුක්කනක් නෑ…”

  1. හොඳට මතක තියා ගනින් රතුපස්වල අත් වුනේ ඔය ටිකම තමයි මේ උඹලා ඉල්ලගෙන කන්න යන්නේ ඉක්මනටම ගෙදර යනවා උඹලට වෙන්නෙ එක්සත් ජාතික පක්ෂ වුණදේම කාලකන්නි තොපිට හෙන ගහනව කටාර් වල අපි

  2. HBK says:

    ඇයි එකෙක්ට තියල නැවතුනේ 25-30ට තියන්න තිබ්බේ කාලකන්නි හැත්ත.

  3. Sakshi says:

    Do not lie Po;lice put three wheel in fire and shotted because of GOTA’s order. This police OIC and DIG must be send for life time jail and internationally GOTA’s USA citizenship must be cancelled.

  4. මහජනතාව says:

    ඊළඟ චන්දයෙන් පස්සෙ මූට ගම්පහ දිස්ත්‍රික්කයේ හිඟා කන්න තමයි වෙන්නෙ

    • මුන් කෑව අපේ රට .... says:

      අවුලක්නැ හැ……හොමත් පෙනුමක් කොහොමත්හිඟන්නෙක් වගේ තමයි මේ

    • මුන් කෑව අපේ රට .... says:

      අවුලක්නැ හැ……කොහොමත් පෙනුමක් කොහොමත්හිඟන්නෙක් වගේ තමයි මේ

  5. පොර Talk says:

    පොඩි වාදයකදීත් පොලිස් ආරක්ෂකයින්ට ඕකට වෙඩි තියපිය කියපු දේශපාලුවෙකු රඹුක්කන හිටියාද මන්දා. වරක් නොවේ කිහිප වාරයක්. නියෝග පිළිපැදි අටපාස්ලා වසර කීපයක් සිට කූරූ ගනින බව මතක තබා ගන්න. එතකොට දේශපාලුවාගේ පරපුරම තාමත් පාලනයේ.

  6. තම ප්‍රථම රාජකාරි says:

    මේ රජය නිසා තම මුදල් බලය ඉහවහා ගිය කුප්‍රකට සෙන්ධිපති වැනි මිනිසුන් (සේනාධිපති විතරක් නෙවෙයි තව ගොඩක් අය ඉන්නවා) මේ රජය වැටුනොත් විගණන සිදු කලොත් බරපතල තත්වයන්ට මුහුණ දෙන්න සිදුවන් බව දන්නවා. ඒ නිසා ඔවුන් අත දිගහැර මේ උද්ගෝෂණ කඩාකප්පල් කිරීමට වෙහෙසෙනවා. මිලමුදල ගිජු අපතයන් ඔවුන්ගේ උගුලට අසුවී මෙවන් කඩාකප්පල්කාරී වැඩ කරනවා. අහිංසක දෑ හිතකාමී තරුණ උගත් දරුවෙක් මරා ‘තම ප්‍රථම රාජකාරි’ ඇරඹු ප්‍රසන්න රණතුංග ගැන ඉදිරි මැතිවරණයකදී ගම්පහ ජනතාව බලාගනු ඇත.

  7. Helaya says:

    Ekane merila thibenne othana sitapu siyalu denama kudukaranam thama hariyata hari uro nariyo awajathkayo thama othana siyallama

  8. Somapala says:

    තොපි කට වහ ගනියව්.

    ආණ්ඩුවට පක්ෂව එක වචනයක් කිව්වොත් බලාගෙනයි.

    මැදමුලනේ කකුස්සි හෝදලා අසූචි කන මරි මෝඩ මුසලයෝ.
    අපි යුධ අතට ගත්තහම තොපි ගැන බලාගන්නවා, තොපේ IP address සේරම අපි ගාව තියනවා.

  9. Nuwan says:

    ඔබට පිං රඹුක්කන බේරා දුන්නාට අප්‍රසන්න

  10. ගොන් මැරයා says:

    ආණ්ඩුවට හේත්තුවී ජරාව කා තම දරුවන් බටහිර රටවලට යවන මේ බයියො දන්නෙ නෑ 88 හා 89 කාලේ මානව හිමිකම් තිබ්බෙ නෑ අද වගේ. ජාතිවාදය උලුප්පා ජාතිය මංකොල්ල කෑමට දන්නා කැලෑ පාළු වහල්ලු දැගළුවොත් බටහිර රටවලට යවා ඇති උන්ගෙ ළමයි පවා අමාරුවෙ බව ගෝඪාභය නම් දන්නවා. දණහිසට පහළට වෙඩි තියලා බඩවල්වලට වැදුණො සමහර වැඩ බැරි ගොබ්බ පොලිසියෙ එවුන් තුවක්කු අතට ගත්තමයි. කොහොමත් දේශපාලකයන්ට කඩේ යන්නෙ වැඩ බැරි ගොබ්බයො තමයි.

Main News