ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…

July 8, 2020 at 8:02 am | lanka C news
ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සදහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා දී ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පවත්නා කල්බදු ගිවිසුම සලකා බැලීමෙන් තොරව හා සහන කාලය තුළ නොගෙවෙන ලද මුදල් සදහා ගාස්තු රහිත ව මෙම සහනය සැලසීමට රජය තීරණය කර තිබේ. කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ සදහා හිමි ව ඇත. ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ව්‍යාපාරික ස්ථානවල ජල හා විදුලි බිල්පත් ගෙවීම සදහා ද සහන සලසා ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 දක්වා වු විදුලි හා ජල බිල්පත් සැප්තැම්බර් මාසයේ සිට සමාන වාරික 12කින් ගෙවීමට ඉඩකඩ සලසා තිබේ. ඒ පිළිබද ව රජය දැනටමත් විදුලිබල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය දැනුවත් කර තිබේ.

මේ අතර සංචාරක මගපෙන්වන්නට හා රියදුරන්ට සහන සැලසීමේ වැඩ සටහන සදහා මේ වන විට අයදුම්පත 2500 පමණ ලැබි ඇත. කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක මාර්ගෝපදේශකයන්ට රු 20,000ක මුදලකුත් රියදුරන්ට රු.15,000 ක මුදලකුත් ලබා දීමට නියමිතය. ඉදිරි සතිය වන විට ඒම ගෙවීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිතය.

මේ අතර යුරෝපා සංගමය  කොවිඩ් 19 හේතුවෙන් බිද වැටුණු සංචාරක කර්මාන්තය නංවාලීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක ප්‍රදානයක් ලබා දීමට නියමිතය. ඒ සදහා අදාළ යෝජනා මේ වන විටත් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කර තිබෙන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

– ප්‍රදීප් අනුර කුමාර

478 views

7 Comments to “ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…”

  1. Nishantha says:

    ලංකාවේ නීතිය ට අනුව වාහන සීස් කරන එක.සම්පූර්ණයෙන් ම් තහනම්.. පාතාලෙ නෙවේ මොකා ආවත් බය වෙන්න එපා.. ඉස්සර ඉඳලම තහනම්… මෙතන ප්‍රශ්නේ කවුරුත් නීතිය නොදන්න කම.. කවදාවත් අහලා තියනවා ද ලෝයර් කෙනෙක් ගෙ වාහනයක් ඉස්සුවා කියලා.. උස්සන්නෙ නෑ. බයයි…. මොනයම් ක්‍රමයකින් හෝ වාහනයක් ඉස්සුවොත් ලෝයර් කෙනෙක් එක්කන් ගිහින් පොලීසියේ ඇන්ට්‍රි එකක් දාන්න. තනියම යන්න එපා.. පොලීසි වල පගා කාරයො ඉන්නව නේ. ඉතිං හරවලා එවනවා. ලෝයර් කෙනෙක් එක්ක යන්න… සීසර් ලා වාහනේ උස්සන්න කලින් පොලීසියේ ඇන්ට්‍රි එකක් දානවා. ඒක වලංගු ඇන්ට්‍රි එකක් නෙවේ.. කාගෙ හරි වාහනයක් ඉස්සුවොත් පොලීසිය පැමිණිලි කරන්න.. වාහනේ මොකුත් බඩු නැත්තම් ඒ ගැනත් පැමිණිලි කරන්න.. සීසර් ලා කෙලින්ම ඇප නැතුව දවස් 14යි.. මේක හරියටම කීප දෙනෙක් කලොත් වාහන උස්සන එක ඉබේම නවත්තලා දානවා.

    • සීසර් says:

      ලොයර්ලා කොහෙද මල්ලි ලීසිං ඇරියස් කරන්නේ.ආසාවේ බෑ උන්ගේ එකක් උස්සන්න..

      • Nishantha says:

        අපෝ ඕනි තරම් ඉන්නවා. ලෝයර්ස් ලා ඩොක්ටර්ස් ලගෙ වාහන ජීවිතේ ට උස්සන්නෙ නෑ..ඔය පාතාලෙ උන් කියලා වැඩක් නෑ සීසර් ලට නම් වටකර ගෙන දෙන්න ඕනි අත පය කුඩු වෙන්න. නැත්තම් පොලීසිය ට පැමිණිලි කරන්න. උන් වාහනේ උස්සන්න කලින් පොලීසියේ දාල එන පැමිණිලි වලංගු නෑ. උසාවිය ඒක පිලිගන්නෙ නෑ.. ලංකාවේ නීතිය අනුව වාහන.පැහැර ගැනීම තහනම්. දිස්ත්‍රික් උසාවිය හරහා නඩුවක් දාල තමා ගෙවීම පැහැර හරිනවා නම්. වාහනේ සීස් කරන්න ආවොත් හෝ සීස් කලොත් දෙපාරක් හිතන්නෙ නැතුව ලෝයර් කෙනෙක් එක්ක ගිහින් පොලීසියේ පැමිණිලි කරන්න. ඕනි නම් අතිනුත් වැඩිපුර දාන්න Phone එක , පර්ස් එක, සල්ලි, මාල වාහනේ අස්සෙ තිබුණ විදියට. සීස් කරපු උන්ට ඇප නෑ. මාසයක් විතර හිරේ ඉඳලා වන්දිත් ගෙවන්න වෙනවා. අනික තමා සීසර් ලා වාහන වල කෑලි ගලවනවා.. ඒ ගැන අවධානයෙන් ඉන්න.. කිසිම හේතුවක් මත ලංකාවේ නීතිය අනුව වාහන සීස් කරන එක සම්පූර්ණයෙන් ම තහනම්….

  2. Hudson says:

    owu, guti kaala mariyaw.

  3. neesha says:

    Ai naya warika walatat me sahanaya nate.miniyak marenakan innawada.leasing gewana aya wage tamai naya warika gewana aya.

  4. Samarapaala says:

    Hah Haaa… Thawa Dethundenek Maraagannada ?

  5. Padeniya says:

    මේවා බයිලා, මහා නින්දා නන්ද කිව්වා විදුලි බිල අය කරන්නෙ ඇහැ කියලා, බිල ඩබල් කරලා ගෙදරට එවුවා, නය වාරික ගන්නෙ නැහැ සහන කාලයක් දෙනවා කිව්වා, උදෙ හවස බැකුවලින් කෝල් එනවා, ක්‍රිබ් රිපොර්ට් වෙනවා කියලා. එක්කො ආන්ඩුව අපිව අන්දනවා, නැත්නම් සියලු ආයතන ආන්ඩුවට අරිනවා………

Main News