ලී මඩු තහනම් කරන බවට ජනාධිපතිගේ ප්‍රකාශයෙන් ගෘහ භාණ්ඩ මිල ඉහළ යාමේ අවධානමක්..

June 7, 2019 at 8:40 am | lanka C news
ලී මඩු තහනම් කරන බවට ජනාධිපතිගේ ප්‍රකාශයෙන් ගෘහ භාණ්ඩ මිල ඉහළ යාමේ අවධානමක්..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

තව වසර පහකින් මෙරට ලී මඩු තහනම් කරන බවට ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී ප්‍රකාශ කරනු ලැබීය. එම ප්‍රකාශය නිසා මෙරට ගෘහ භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් ඇත. ගෘහ භාණ්ඩ අද වන විට පාරිභෝගිකයින්හට අත්‍යාවශ්‍යම භාණ්ඩයක් බවට පත්ව ඇත. ලී මෝල් වසා දැමුවහොත් මෙරට ගෘහ භාණ්ඩ ඉල්ලුමට කරන්නේ කුමක්ද? යන්න අපි රජයෙන් ප්‍රශ්ණ කරන අතර ආනයනික ගෘහ භාණ්ඩ අප රටේ දේශපාලකයින්ට මිස සාමාන්‍ය පාරිභෝගකියන්ට නම් මිලදී ගත නොහැකි බවද අප අවධාරණය කරන්නෙමු.

වනය සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් නිසි පරිදි ක්‍රියාත්මක නොකර ලී මඩු තහනම් කිරීම අතීසාරයට අමුඩය ගැසීමකටත් එහා ගිය වැඩ පිළිවෙලක් වන බැවින් මේ සදහා ජනාධිපතිවරයාට උපදෙස් දෙනු ලබන්නේ මන්ද මානසිකයෙකුද යන්න අපිට ඇති  ගැටලුවකි.

කෙසේ වෙතත් මෙරට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට නම් ඉක්මනින්ම කල යුත්තේ මධ්‍යම පරිසර අධිකාරිය වසා දමා වෙනත් ආයතනයක් ස්ථාපිත කිරීමයි. මන්ද යත් මධ්‍යම පරිසර අධිකාරිය අද වන විට මුදලට යටවුනු ආයතනයක් බවට පත්ව ඇති නිසාය. මහා පරිමාණ පරිසර විනාශ හමුවේ ඔවුන් මුනිවත රකිමින් සිටී. ඒ පිළිබදව අප විසින් කොතෙක් පැමිණිලිකද කිසිදු ප්‍රයෝජනයක් නැත.

 ජනාධිපතිතුමනි,

මෙරට ලී මොල් තහනම් කිරීමට පෙර පාරිභෝගිකයින් විශාල වශයෙන් ගසා කන මහා පරිමාණ වී මෝල් වසා දැමීමට ඔබ ක්‍රියාත්මක නොවන්නේ ලේ වතුර වලට වඩා ගණකම නිසාදැයි අප ඔබෙන් අසමු. 

ස්තුතියි

මෙයට විශ්වාසී

රංජිත් විතානගේ
සභාපති 
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

66 views

22 Comments to “ලී මඩු තහනම් කරන බවට ජනාධිපතිගේ ප්‍රකාශයෙන් ගෘහ භාණ්ඩ මිල ඉහළ යාමේ අවධානමක්..”

  1. Real Man says:

    Mulu Ratatama Elcardo Pihitai…

    Sirisena’s son got married to Elcardo owner’s daughter..

    How is the cunning 🦊.. TIKIRI MOLE

  2. Roshan says:

    Janadhipathi thumani obe buddhi mattama loketa pradarshanaya karanna epa. Oba honda hithin kalada mewa anuwana kriyaya. Obe buddhi mattamata denena hari deya lokayata ese novana bawa therum ganna

  3. Sumnasiri says:

    දියවන්නාව මැති සබේ නෙවෙයි හරක් මඩුව

  4. හිච්චිමහත්තෙයා says:

    අර එල්ලනවැයයි කීව කුඩ්ඩො එල්ලල කම්මුතුයි වගෙ දන්නෙම නැතුව- දැං වඩ්ඩංගෙ වාරෙ!

  5. ලීබඩු මොල්ලු වහලා පිත්තල කම්මල් වැඩි කරන්න ජාටහික ආරක්ෂාවට සුර බදිමු. says:

    ලීබඩු මොල්ලු වහලා පිත්තල කම්මල් වැඩි කරන්න ජාටහික ආරක්ෂාවට සුර බදිමු.

  6. Dushantha says:

    අන්න දෑක්කද යහපාලන වෙනස. දෑන් ඔය ගම් වල ඉන්න වඩු බාස්ලාට කුලියාපිටියෙ වොක්ස්වගන් කොම්පෑනියෙ රස්සාවල් දුන්නහෑකි. එතකොට ඒ ගොල්ලන්ගෙ ජීවන මට්ටම ගොඩාක් ඉහල යනවා. මහින්ද හිටියනන් හෑමදාම ඒ ගොල්ල වඩු බාස්ලානෙ.

  7. Asiri says:

    මල කෙලියයි මු මිනි පෙට්ටියක්වත් ඉතුරුකරන්නේ නැහැනේ.