ලෙක් හවුස් ගිනියම් වෙයි.. සේවකයන් ප‍්‍රධානීන්ගේ කාර්යාල වටලති..

March 21, 2022 at 8:40 am | lanka C news
ලෙක් හවුස් ගිනියම් වෙයි.. සේවකයන් ප‍්‍රධානීන්ගේ කාර්යාල වටලති..

ලේක්හවුස් සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප්තිපත්ති ප්‍රකාශයට පයින් ගසා අමනෝඥ ලෙස කටයුතු කරමින් සිටින බවට කියමින් ලේක්හවුස් සේවකයන් සිකුරාදා (18) නොසන්සුන් ලෙස කටයුතු කරමින් ආයතනයේ වෘත්තීය සමිති නිල කාර්යාල හතරක් වටලා තිබේ.

මෙම වැටලීමට ප්‍රධාන හේතුව ලේක්හවුස් සේවකයන්ගේ අලුත් අවුරුදු ප්‍රසාද දීමනාව මාර්තු මස වැටුපට ලබා නොදීමය. මේ සම්බන්ධව ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන වෘත්තීය සමිතිය වන ප්ගතිශීලී සේවක සංගමය , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමයේ සහ ලේක්හවුස් සේවක සංගමයේ නිල කාර්යාල සේවකයන් විසින් සිකුරාදා වටලා වෘත්තීය සමිති නායකයන් වෙත දොස් පවරා තිබේ.

ලේක්හවුස් සමස්ථ සේවකයන් සංඛ්‍යාව 1500 කට ආසන්න වේ. මේ පිරිස අතරින් 2019 ජනාධිපති මැතිවරණයේදී බහුතර සේවකයන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය ලබා දී ඇති බව සේවකයන් පවසමින් ලේක්හවුස් ආයතනයේ පාළනාධිකාරිය සෞභාග්‍යයේ දැක්මට පයින් ගසා ඇති බවත් ලේක්හවුස් ආයතනය පසුගිය වසර දෙකේදී කිසිදු සැලසුමක් නොමැතිව කටයුතු කර ඇති බව පවසමින් සේවකයන් නොසන්සුන් ලෙස හැසිරී තිබේ.

ලේක්හවුස් ආයතනයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය සෞභාග්‍යයේ දැක්මට අනුව කටයුතු කර තිබේ නම් ආයතනය පිරිහීමට පත්ව ඇත්තේ කෙසේදැයි සේවකයන් ආණ්ඩුවේ වෘත්තීය සමිති දෙකහි කාර්යාල වෙත පැමිණ විමසා තිබේ. සේවකයන් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මුදල් සහ මානව සම්පත් දෙපාර්තමේන්තුව වැටලීමට සුදානම්ව ඇති අතර වෘත්තීය සමිතිය නායකයන් එම නොසන්සුන් තාව පාලනය කර තිබේ.

ලේක්හවුස් වත්මන් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා යටතේ සියලු පුවත්පත් අළෙවිය සීඝු ලෙස පහත වැටී තිබෙන බව සේවකයන් වෘත්තීය සමිති නායකයන් වෙත පවසා තිබේ. කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා පසුගියදා පැවැති ලේක්හවුස් කළමණාකාර වරැන්ගේ රැස්වීමකදී පවසා ඇත්තේ පුවත්පත් වැඩිපුර මුද්‍රණය කිරීම පාඩු සහගත බවත් කෙසේ වෙතත් විජය පුවත්පත් සමාගම විශාල ලෙස පුවත් මුද්‍රණය සහ බෙදා හැරීම කරනු ලබන බවත් එම සමාගමට දැන්වීම්ද විශාල ලෙස ලැබෙන බවත් පවසමින් සේවකයන් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයාගේ මතය ප්‍රතික්ෂේප කරමින් වෘත්තීය සමිති නායකයන් වෙත මෙම වැරැදි සොයා බලන ලෙස දොස් නගා තිබේ.

කොරෝනා වසංගත තත්ත්වයට මුවා වෙමින් සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය ආයතනයේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් සේවකයන්ගේ වරප්‍රසාද රැසක් කප්පාදු කර ඇති බවත් 2005- 2015 වර්ෂයන්හි ලේක්හවුස් ආයතනය ලාභ අලාභ සම මට්ටමේ සහ ඇතැම් වසරවල ප්සස්ථ ලාභ ලබා ඇති බවත් 2015-2017 වසරවලද ලාභ ලබා ඇති අතර 2017- 2019 වසරවල පවා ලාභ අලාභ විචල්‍ය මැද පවා යහපාලනය ආණ්ඩුවේ පාලනාධිකාරිය ලේක්හවුස් සේවක ප්සාද දීමනා සහ සේවක වරප්‍රද ලබා දුන් බවත් නමුත් වත්මන් ආණ්ඩුවේ පාළනාධිකාරිය සේවක අයිතීන් කපා දැමීමට එරෙහි වන ලෙසටත් සේවකයන් වෘත්තීය සමිති වෙත දෝෂාරෝපණය කර තිබේ.

වත්මන් පාළනාධිකාරිය ලේක්හවුස් සේවක ප්සාද දීමනා 5 ක් කප්පාදු කළ බවත් 2020 සිට 2021ඔක්තෝබර් දක්වා වසර 15 පමණ සේවකයන් වෙත රැපියල් 5000/= දීමනා මාස 17 ක් කපා දැමු බවත් මේ නිසා එක් සේවකයකු වෙත මේ වන විට රැ 85000/= හිඟ මුදලක් ලැබිය යුතු බවත් සේවකයන් වෘත්තීය සමිති වෙත අවධාරණය කර තිබේ.

එම මුදල සේවකයන් 1500 වෙතින් වැඩි කළ විට ගිය වසරේ ආයතනය සේවකයන් වෙතින් කප්පාදු කර ඉතිරි කළ මුදල ගණනය කරන ලෙස සේවකයන් වෘත්තීය සමිති වෙතින් ඉල්ලා තිබේ.

එමෙන්ම රාජ්‍ය ආයතන සේවකයන් වෙත ලබා දෙන රුපියල් 5000/= දීමනාව ලේක්හවුස් සේවකයන් වෙත නොලැබීම ගැන සහ ඒ ගැන ආණ්ඩුවේ වෘත්තීය සමිති පවා නිහඩ වීම ගැන සේවකයන් දොස් පවරා තිබේ.

එමෙන්ම සේවක ආපදා ණය වසර දෙකක සිට අත්හිටුවා තිබීම , සේවක බාහිර ප්තිකාර දීමනා 2020 සහ2022 මාර්තු දක්වා රැපියල් 30,000/= කප්පාදු කර තිබීම,. සේවක අතිකාල දීමනා සියයට පණහක් පමණ කප්පාදු කිරීම ගැන සේවකයන් වෘත්තීය සමති වෙත දොස් නගා තිබේ. මේ සියලු කප්පාදු මගින් පසුගිය වසර දෙකේදී රැපියල් මිලියන 750/= පමණ ආයතනය විසින් සේවකයන් වෙත අහිමි කර ඇති බවත් සේවකයන් වෘත්තීය සමති නායකයන් වෙත පෙන්වා දී තිබේ.

මේම සේවක වරප්සාද කපා දමා 2021 වසරේදී ලේක්හවුස් ආයතනය රැපියල් මිලියන 300 ලාභ ලැබු බවට ලේක්හවුස් සභාපති වරයා සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා රැස්වීම් දෙකකදී රැවටිලිකාර ප්‍රකාෂ කර තිබුණු බවත් එම පුවත් දිණමිණ පුවත්පතේ පිටු පුරා විශාල අකුරු සහිත සිරස්තල යොදා වාර්තා කර තිබු බවත් එම රැවටීම් කර තිබුණේ ලේක්හවුස් සභාපති සහ අධ්‍යක්ෂවරැ ඉවත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තබියදී නොවේදැයි සේවකයන් වෘත්තීය සමති වලින් ප්ශ්න කර තිබේ.

ලේක්හවුස් සේවකයන් පවසනුයේ යහපාලනය ආණ්ඩුව සමයේ සේවක බෝනස් සහ වරප්‍රසාද ලැබණු බවත් වත්මන් ආණ්ඩුවේ පාලනාධිකාරිය සේවක වරප්සාද කොරෝනා පිට දමා කපා දමන බවත්ය.

ලේක්හවුස් සභාපතිතිවරයා දවල් 2.00 ට සේවයට පැමිණෙන බවත් මාසිකව ලක්ෂ 08 වැටුප් ලබන බවත් අනෙත් නීතීඥ අධ්‍යක්ෂවරැ 3 දෙනාද අඩු වැඩි වශයෙන්ම උදේ වරුවේ උසාවි ගොස් ලේක්හවුස් පැමිණ මාසිකව ලක්ෂ හතරහමාරක් වැටුප් ලබන බවත් එම නිසා ඔවුන්ට ආර්ථික ප්‍රශ්න නොදැනෙන බවත් සේවකයන් ජීවන බරින් මිරීකී සිටීම ඔවුන්ට නොදැනෙන බවත් සේවකයන් සිකුරාදා පැවැති වෘත්තීය සමිති වැටලීමෙන් පසු වෘත්තීය සමිති නායකයන් වෙත පෙන්වා දී තිබේ.

වත්මන් පාළනාධිකාරිය විසින් ආයතනය දියුණු නොකිරීම ගැන ආණ්ඩුව ලේක්හවුස් පාලනාධිකාරිය ගැන වහා තීන්දුවක් ගත යුතු බවද සේවකයන් පෙන්වා දී තිබේ. එසේ නොමැති වුවහොත් ලේක්හවුස් සේවකයන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කෙරෙහි තව දුරටත් කළ කිරෙනු ඇතැයි ලේක්හවුස් සේවකයන් ආණ්ඩුවේ වෘත්තීය සමිති නායකයන් වෙත දොස් නගමින් පවසා තිබේ.

අවස්ථා කීපයකදී ලේක්හවුස් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමට ජනමාධ්‍ය අමත්යාංශය තීන්දු කළත් එය වැලකී ඇත්තේ ලේක්හවුස් සභාපතිවරයා ඒ සෑම අවස්ථාවකදීම අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වෙත ගොස් ඉවත් නොකරන ලෙස ආයචනා කිරීම බවද පැවසෙන බව සේවකයන් පවසති. මේ සම්බන්ධව අගමැතිතුමා කිසිදු මැදිහත්වීමක් සිදු කර නැති බවත් ඒ ගැන සතුටු වන නමුත් කෙසේ වෙතත් අගමැතිවරයාගේ නීති විද්‍යාලයේ සමගාමී හිවතකු ලෙස ලේක්හවුස් සභාපතිවරයා කා අතරත් ප්‍රකට නිසා ජනමාධ්‍ය අමත්යාංශය පවා ලේක්හවුස් සහාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමට දෙවරක් සිතන බවට පැතිරෙන කටකතා සත්‍ය දැයි සේවකයන් ආණ්ඩුවේ වෘත්තීය සමිති නායකයන් වෙතින් විමසා තිබේ.

කෙසේ වෙතත් ලේක්හවුස් සේවකයන් පවසනුයේ අගමැතිතුමා ලේක්හවුස් සභාපති සහ අධ්‍යක්ෂවරැ ගැන නිසි තීන්දුවක් ගෙන ආණ්ඩුවේ ගෞරවය වෙනුවෙන් තීන්දුවක් ගනු ඇති බවට විශ්වාස කරන බවය.

ලේක්හවුස් ආයතනය ලාභ ලබන තැනට ගෙන ඒමට මෙම සභාපතිවරයා සහ අධ්‍යක්ෂ වරැන්ට නොහැකි බව ඔප්පු කර ඇති බවත් එවැනි පිරිසක් සමග ගමන් කරන්නේ නම් ඉදියට ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් පිරිහෙනු ඇති බවත් ලේක්හවුස් සේවකයන් වෘත්තීය සමති නායකයන් වෙත පෙන්වා දී තිබේ.

දිගින් දිගටම සේවක වරප්සාද කපා දමන්නේ වත්මන් සභාපති සහ අධ්‍යක්ෂවරැ අසමත් නිසා බවත් ලේක්හවුස් ආයතනය දියුණු කළ හැකි ව්‍යාපාර ඥානය සහිත සභාපතිවරකු සහ අධ්‍යක්ෂවරැන් පත් කර සේවක වරප්සාද ආරක්ෂා කර සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරන ලෙසද ලේක්හවුස් සේවකයන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලමින් ලිපියකටද අස්සන් තැබීම ආරම්භ කර තිබේ.

ලේක්හවුස් ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් රැසකට මූල්‍ය අවභාවිතා චෝදනා නැගී තිබෙන බවද සේවකයන් වෘත්තීය සමිති වෙත පෙන්වා දි තිබේ.

ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ 4 දෙනකුම නීතීඥවරැ බවත් ඔවුන්ට ලේක්හවුස් වැනි පුවත් ව්‍යාපාරය දියුණු කිරීමට ව්‍යාපාරික දැනුමක් නැති බවත් සේවකයන් වෘත්තීය සමති නායකයන් වෙත පෙන්වා දී ඇත්තේ ආයතනය තව දුරටත් පරිහානියට පත වීමට පෙර මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරන ලෙසත් ව්‍යාපාර දියුණු කළ හැකි අධ්‍යක්ෂවරැ සහ සභාපතිවරයකු ලේක්හවුස් ආයතනයට පත් කර ගැනීමට මැදිහත් වන ලෙසය.

එසේ නොමැති වුවහොත් වෘත්තීය සමිති නොසලකා සාමුහික සේවකයන් වෘත්තීය සමිතිවලින් තොර උද්ඝෝෂණ සහ වැඩ වර්ජනයකට ගොස් ආයතනයට නව සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ගැනීමට කටයුතු කරන බවද සේවකයන් අවධාරණය කර තිබේ.

මේ මස 21 සහ 22 දිනවල ලේක්හවුස් සේවකයන් අවුරුදු ප්‍රසාද දීමනාව ලබා ගැනීමට වෘත්තීය සමිතිවලින් තොර සටනකට සුදානම් බවද සේවකයන් වෘත්තීය සමිති වෙත අවධාරණය කර තිබේ.

මේ අනුව 21 වැනිදා ආරම්භ වන සතිය ලේක්හවුස් ආයතනයේ සේවක නොසන්සුන්තාවක් ඇතිවීමේ වාතාවරණයක් ගොඩ නැගී ඇති බව වාර්තා වෙයි.

– විශේෂ වාර්තා කරැවකු විසිනි

73,437 views

5 Comments to “ලෙක් හවුස් ගිනියම් වෙයි.. සේවකයන් ප‍්‍රධානීන්ගේ කාර්යාල වටලති..”

  1. Prasad says:

    මෙය කිසිම වැඩක් නැති ආයතනයක්, මෙය වසා දමා මෙහි සම්පත් ප්‍රොයෝජනවත් යමකට යෙදිය යුතුය

  2. බිංකුණ්ඩා says:

    ලේක් හවුස් සභාපති විතරක් නෙවෙයි ගොබ්බ මැටිමෝල්ලුනේ සව් බාගෙ දැක්ම ගෙනාපු එවුනුත් ඒකට පයින් ගහල තියෙන්නෙ

  3. චන්දේ දුන්නු එකා says:

    2005- 2015 වර්ෂයන්හි ලේක්හවුස් ආයතනය ලාභ අලාභ සම මට්ටමේ සහ ඇතැම් වසරවල ප්සස්ථ ලාභ ලබා ඇති බවත් 2015-2017 වසරවලද ලාභ ලබා ඇති අතර 2017- 2019 වසරවල පවා ලාභ අලාභ විචල්‍ය මැද පවා යහපාලනය ආණ්ඩුවේ පාලනාධිකාරිය ලේක්හවුස් සේවක ප්සාද දීමනා සහ සේවක වරප්‍රද ලබා දුන් බවත්………………..කමක් නෑ බං ඉන්න රටක් තියනවානේ….ඒකටනේ අපි චන්දේ දුන්නේ….හිත හදාගෙන ඉමු

  4. LalithM says:

    පාඩුලබන රාජ්‍ය ආයතනයක්.වසා දමන්න. සෞභාග්‍යය දැක්ම ක්‍රියාත්මක කරන්න ලොක්කට බැරිඑකේ ඔය මෝඩ රැල මොනව කරන්නද.

Main News