ලේකම්ගේ චක‍්‍රලේඛය ඇමති අර්ජුන අහෝසි කරයි.. හට්ටි-මුට්ටිවලටත් පෙට‍්‍රල්..

November 8, 2017 at 6:29 am | lanka C news
ලේකම්ගේ චක‍්‍රලේඛය ඇමති අර්ජුන අහෝසි කරයි.. හට්ටි-මුට්ටිවලටත් පෙට‍්‍රල්..

වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්ට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙසට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර තිබූ නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරේ.

ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ දැනට අවශ්‍ය තරම් පෙට්ට්‍රල් තොග පවතින හෙයින් මෙම තීරණයට එළැඹි බවයි. මෙරට දෛනික පෙට්ට්‍රල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 2500ක් වේ.

කෙසේනමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 06 දිනයේ පමණක් පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 2623ක් නිකුත් කර තිබේ.

එමෙන්ම 07 දින පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3000ක් ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර ඇත.

අද දිනයේත් පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3000ක් බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර ඇත.

එමෙන්ම අද (08) පස්වරු 7 පමණ විට අපේක්ෂිත පෙට්ට්‍රල් නැව ලංකාවට සේන්දු වීමට නියමිතව තිබේ.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ මේ වන විටත් අවශ්‍ය තරම් පෙට්ට්‍රල් තොග පවතින බවයි.

එබැවින් පෙට්ට්‍රල් වාහනවලට පමණක් ලබා දිය යුතු බවට පනවා තිබූ නීතිය ඉවත් කිරීමට වහාම පියවර ගත් බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටී.

– තමීර මංජු

22 views

5 Comments to “ලේකම්ගේ චක‍්‍රලේඛය ඇමති අර්ජුන අහෝසි කරයි.. හට්ටි-මුට්ටිවලටත් පෙට‍්‍රල්..”

  1. Asoka says:

    මල කෙලියයි තව පොඩ්ඩෙන් මට තණකොළ කපන මෑශිමයි ජෙනේරටර් ගලවාගෙන යන්න වෙනවා තෙල් ගහන්න. අනෙක කැන් වලට තෙල් දෙන්න එපා කියලා නීතිය සම්මත වුනේ කවදද දන්නේ නැහැ. දණ්ඩනීති සංග්‍රහයේ කොතනද දන්නේ නැහැ කෑන් වලට තෙල් ගැහුවම දෙන දඬුවම තියෙන්නේ. අතීසාරයට අමුඩ ගහනවා කියන්නේ මේවා තමයි. ආණ්ඩුවට තෙලුත් නැහැ කැඳත් නැහැ

  2. සිරිබිරිස් says:

    කලින් චක්‍රලේඛයත් මෙයාගෙ නියමයෙන්ම තමයි. ඇයි මෙයාව මේ නිතරම නිකං පුම්බන්න හදන්නෙ?

  3. Niru says:

    This guy had good team and team members like Aravinda to bring the w. Cup home. Now he has poor team leaders in my 3 palan and dr
    Ponil. Both of them are very weak leaders and hence those who follow them are also like puppets.
    How can people expect puppets to run a country?
    If Ranatunge is a brave soul he must at least expose the persons who ordered him to accept the faulty shipment

  4. siraa says:

    Meyaata benala wedak nee, Benapiya IOC giwisum gahala rata kaapu unta.

  5. Gotaimbara says:

    Well done Arjuna. Like your previous ministerial ship you will be removed from this post and Sirisena and Ranil will appoint Mahinda Samarasinghe traitor to please the Indians.

Main News