ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…

June 15, 2021 at 1:20 pm | lanka C news
ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…

ඉන්ධන මිල වැඩි කරන ලද්දේ එක් පුද්ගලයකුගෝ හෝ අමාත්‍යවරයෙකුගේ තනි කැමැත්තට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එය ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් ඉතා ගැඹුරින් සාකච්ඡා කර ඉතා අකමැත්තෙන් ගන්නා ලද තීන්දුවක් බවයි.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය මැද මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාව තවත් පීඩනයට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා ගන්නා ආකාරය ගැන ජනාධිපතිතුමන් සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.

ඉන්ධන මිල වැඩිකිරීමට වගකීම බාර ගෙන ඇමති උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු යයි නිවේදනය කල පක්‍ෂ මහ ලේකම් සාගර කාරියවසම් මාද්‍ය හමුවට සහභාගී නොවීය.

එකී නිවේදනය පිළිබදව උදය ගම්මන්පිළ මහතා වෙත කණගාටුව පළකරන බවද එමගින් සිත් රිදීමක් වූයේනම් පක්ෂය වෙනුවෙන් කණගාටුව පළකරන බවත් අරුන්දික ප්‍රනාන්දු එහිදී පැවසීය.

58,922 views

19 Comments to “ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…”

  1. Lushan says:

    Yakooo….kanagatuwa adumagane merate minisunta prakashakarapang..20kin wadikarapu gammanpilada paw…moda meharak tika..dan prashna merateminisuntanewai…gammanpilataii..rata rakinawiruwa moluratatama keliyaa..

  2. සිංහල බන්ඩා says:

    කෝ දැන් අර මහින්ද පතිරනයා සහ ලංසා.

  3. ගොනාට අo says:

    අරුන්දිකගෙ මාධ්‍ය සාකජාවෙ පැත්තකින් සාගර කාරියවසම් ලේකම්ගෙ කලිසම එල්ලල තිබුනනම් තමයි වඩාත් අර්තවත් වෙන්නෙ.

  4. කොහොමද සෙල්ලම. says:

    කොහොමද යහපාලන ආශ්චර්‍යය සෙල්ලම.

  5. Lolla says:

    Photo එකේ ඉන්න එකාව දැක්කම මට දුක මගේ ළමයි ගැන…… මුන් නේද මේ රටේ පාලකයෝ…… ළමයින්ට හොඳ අනාගතයක් දෙන්නනම් වෙන රටකට යවන්න ඕනේ…..

  6. KG says:

    Embalm karapu ekek wage neda tikak

  7. මෙයා නම් කිංපොල්ජොංග් වගේ හෙයාර් කට් එකක් දමලා සමනලයා වගේ????????

Main News