ලේක්හවුස් ආසන්න අක්කර 06ක් චීනයට.. වසර 99ක බද්දට.. ආයෝජනය ඩොලර් බිලියනයයි..

January 12, 2020 at 12:00 pm | lanka C news
ලේක්හවුස් ආසන්න අක්කර 06ක් චීනයට.. වසර 99ක බද්දට.. ආයෝජනය ඩොලර් බිලියනයයි..

කොළඹ නගරයේ ඩොලර් බිලියනයක ආයෝජන දෙකක් එළඹෙන පෙබරවාරි මාසයේදී සිදුකිරීමට නියමිත බව ආයෝජන මණ්ඩල වාර්තා කියයි.

මිලියන 900ක ආයෝජනයක් චීනයේ ෂැංග‍්‍රිලා සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ආයතනයක් ලෙසින් ද ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ආයෝජනයක්ද මෙහිදී සිදු කිරීමට නියමිතය.

එම ආයෝජන වෙනුවෙන් ද ලේක්හවුස් වටරවුම ආසන්නයෙන් පිහිටි අක්කර 06ක භූමි කොටසක් වසර 99ක කාලයකට බදු පදනමින් ලබාදීමට නියමිත යැයි ද සඳහන් වේ.

මෙම ආයතන ආරම්භය වෙනුවෙන් දැනටමත් ඩොලර් මිලියන 100ක මුදලක් ශ්‍රී ලංකාවට ආයෝජනය කර ඇති බව ආයෝජන මණ්ඩලය කියයි.

මෙහි පළමු පියවර ඩොලර් මිලියන 500ක මිශ්‍ර ව්‍යාපෘති ලෙස හෝටල් නිවාස වෙළඳ සංකීර්ණ කොළඹ නගරය ආශ්‍රිතව ආරම්භ කිරීමට නියමිතව ඇත.

426 views

55 Comments to “ලේක්හවුස් ආසන්න අක්කර 06ක් චීනයට.. වසර 99ක බද්දට.. ආයෝජනය ඩොලර් බිලියනයයි..”

  1. සරා says:

    ආයෝජන සදහා ලංකාවේ ඉඩම් ‌ෙදෙන්නේ නැතුව ඉන්දියාවේ ඉඩම්ද ‌ෙදෙන්නේ?‌ෙඩොලර් බිලියන එකක ආයෝජනයක් කියන්නේ විශාල ආයෝජනයක්.යහපාලන ආන්ඩුවට කිසිම ආයෝජකයෙක් ආවේ නැහැ.ආවේ ලංකාවේ හදල තියෙන ‌ෙදෙයක් කුනු ‌ෙකොල්ලයට ගන්නයි.ලංකාවට ආයෝජකයෙක් ආවම ආයෝනය කරන්න ඉඩමක් ‌ෙනොදුන්නොත් ඒ ආයෝජනය කරන්න ‌ෙවෙන්නේ හිස් අවකාශයේ තමයි.

    • සංජීව says:

      ඒකද හම්බන්තොට වරාය බදු දුන්නම ගිරිය පුප්පගෙන කෑගැහුවේ රට විකුණනවෝ… රට විනාශයි කියලා? මුන් කටින්ද නැත්තම් අධෝ මුඛයෙන්ද කතා කරන්නේ කියලා හිතෙනවා. නොදකින් මේ වගේ වහල්ලු. තමන්ගේ එකා රට ක⁣නකොට හොඳයිලු.

    • සෝමෙ says:

      ආයෝජන සඳහා ඉඩම් දීමේදී ඒවා විකිනීම හෝ 99අවුරුදු බදු දියයුතුයි කියා නියමයක් නැත. ඉඩමේ අයිතිය රටට තිබියදී රජය හා ගිවිසුම්ගතව ආයෝජන කලහැකිය. තායිලන්තය, සිංගප්පූරුව පමණක් නොව අසල්වැසි ඉන්දියාව අනුගමනය කරන්නේද එම ක්‍රමයයි. ඒසේ කර සිංගප්පූරුව, තායිලන්තය සේම ඉන්දියාවද අපට වඩා දියුණුවී නැද්ද? කොමිස් වලට රට විකිණිම සාධාරණීකරණය කරන කාලකණ්ණි බයියන්ට හෙන ගහනවා.

  2. සංජීව says:

    හම්බන්තොට වරාය චීනයට බදු දෙනකොට ගිරිය පුප්පගෙන රට විකුණනවෝ කියලා කෑගහපු එවුන් දැන් මුන් බදු දෙනකොට කියනවා ඒක හොඳයිලු. නොදකින් මුන් වගේ වහල්ලු. මේ වගේ නූගත් හැතිකරයක් එක්ක රටක් දියුණුකරන්න පුලුවන් ද

Main News