ලේක්හවුස් ඉඩම හා ගොඩනැගිල්ල හෝටලයකට විකුණයි.. ආයතනය ඈවර කරන්න යයි..

July 30, 2022 at 12:00 pm | lanka C news
ලේක්හවුස් ඉඩම හා ගොඩනැගිල්ල හෝටලයකට විකුණයි.. ආයතනය ඈවර කරන්න යයි..

කොළඹ ලේක්හවුස් ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල අායෝජකයෙකුට විකිණීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

හෝටල් සංකීර්ණයක් සඳහා මෙම බිම් කඩ ලබාදීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

එමෙන්ම ලේක්හවුස් සේවකයන් ගේ වැටුප් ගෙවීමේ ගැටලුව සහ ණය ගෙවීමේ ගැටලූව විසඳීමද මෙමගින් බලාපොරොත්තු වෙයි.

ඉඩම විකිණීමෙන් ලබා ගන්නා මුදලින් කොළඹ නගරයේ වෙනත් ස්ථානයක ලේක්හවුස් ආයතනය ආරම්භ කිරීමට හෝ ආයතන ඈවර කිරීමට ද යෝජනා වී තිබේ.

41,540 views

18 Comments to “ලේක්හවුස් ඉඩම හා ගොඩනැගිල්ල හෝටලයකට විකුණයි.. ආයතනය ඈවර කරන්න යයි..”

  1. gamaya says:

    යු එන් පි කාරයෝ රට විකුනන්න හරිම සුරයෝ

  2. aruna kumara says:

    තියන් හිටියා කියලා කන්නද?හැමදාම එක එකාට කඩෙ යනවා විතරයි .

  3. Kapila says:

    වික්කමසිංහ වැඩ පටන් අරන්. 134 ම අංගොඩ බස් එකේ නංවල පිස්සන්කොටුවට අරින්න ඕන.

  4. ටිකකලයි says:

    ලේක් හවුස් එක රනිල් ලගෙ පරම්පරාව ට අයිති එකක් DR Wijewardhange , සිරිමා බණ්ඩාරනායක ඕක ජනසතු කලා 1973 දී. දැං මුණුපුරා ආයෙ ගනියි.