ලේක්හවුස් කළහකාරීනට දඬුවම් දෙනු…

December 16, 2018 at 8:02 am | lanka C news
ලේක්හවුස් කළහකාරීනට දඬුවම් දෙනු…

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ලේක්හවුස් ආයතනය ඉදිරිපිට රැස් වු කණ්ඩායමක් කලහකාරී ලෙස හැසිරෙමින් එම මාධ්‍ය ආයතනයට එරෙහිව සිදු කළ තර්ජනාත්මක හැසීරීම  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි. එමෙන්ම එකී සිදුවිම් පිළිබඳ නිසි පරික්ෂණ පවත්වා නීතිය සාධාරණව ඉටු කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිය යුත්තනන්ගෙන්  ඉල්ලා සිටියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූළ නොවන බවට දෙසැම්බර් 13 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ලබාදීමෙන් අනතුරුව මෙම සිද්ධිය සිදු වි තිබේ.පසුගිය ඔක්තෝම්බර් 26 දා සිට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය මෙම නඩු තීන්දුව ප්‍රකාශවීමත් සමග  අවසන් වනු ඇතැයි, සමාජයෙහි වු අපේක්ෂාවද මෙතෙක් එලෙසින්ම ඉටු වී ඇති බවත් නොපෙනේ.

එවැනි පසුබිමක් තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී හැසීරිම් පිළිබදව අපේක්ෂාවන් තවදුරටත් බිදවැටිමට මෙවැනි සිදුවීම් හේතුවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.

එසේම කවර හෝ දේශපාලන කණ්ඩායමකට සම්බන්ධ පිරිස් මෙලෙස හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හා මාධ්‍ය නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයට හා මාධ්‍ය නිදහසට තර්ජනයක් ලෙස සලකමු. එබැවින් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබා ලේක්හවුස් ආයතනයට එරෙහි මෙම තර්ජනාත්මක හැසිරීම සම්බන්ධයෙන් නිසි පරික්ෂණ පවත්වා සාධාරණ ලෙස නීතිය ඉටු කිරීමට පියවර  ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුත්තන් ගෙන් ඉල්ලා සිටියි.

කැවුම්කරු
සි.දොඩාවත්ත

27 views

4 Comments to “ලේක්හවුස් කළහකාරීනට දඬුවම් දෙනු…”

  1. පොඩි බයියා says:

    ඊට කලින් රූපවාහිනී සංස්ථාවට පැනල ඇමති වරුන්ට කුනුහර්පෙන් බැන්න රොජර් ඇතුලු බයි නඩේට දඩුවම් කරනු.

  2. buruputha says:

    Podi baiyage mole koloppan vage. Yako me UNP haththa kale aparada. Pavement eke hitapu duppath higannage varu Karuva uduragena rajaye sevakayanta pahara dunne. Anna a UNP allantois,balliyantai neethiya kriysthmaka karanu. Ada a tharamatama unp ballo bankoloth. Munta aanduvak hariyata labunanam kohoma veida.

  3. අංකූරා says:

    ඈ පොඩි බයියෝ, රූපවාහිනී සංස්ථාවට ඇමැතිලා ආවේ පාර වැරදිලාවත්ද?.

  4. Hari says:

    Parliament akka dapu wegadam walatta daduwam deya yuthui

Main News