ලේක්හවුස් කොටස් හිමි අගමැති රනිල්ගේ මන්ත‍්‍රීකම අහෝසි කරන පෙත්සම විභාගයට නොගෙනම විසිකරයි..

May 21, 2019 at 11:20 am | lanka C news
ලේක්හවුස් කොටස් හිමි අගමැති රනිල්ගේ මන්ත‍්‍රීකම අහෝසි කරන පෙත්සම විභාගයට නොගෙනම විසිකරයි..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා කොළඹ නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවල මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට අද දිනයේ අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

පැමිණිලිකාරිය විසින් සිය පෙත්සම මගින් කියා තිබුනේ රනිල් වික‍්‍රමසිංහ මහතා ‘ලේක්හවුස් ප‍්‍රින්ටර්ස් හා පබ්ලිෂර්ස්’ සමාගමේ කොටස් හිමිකරුවෙකු බවත් එම සමාගම ලංකා බැංකුව හා මහජන බැංකුවේ චෙක්පත් මුද‍්‍රණය කරමින් රජය සමග ව්‍යාපාර කටයුතු කර ඇති බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු විසින් කොටස් හිමිකමක් දරන සමාගමක් රජය සමග ව්‍යාපාරවල නිරත වීම එම මන්ත්‍රීවරයාට මන්ත්‍රී ධුරය අහෝසි වන බවත් ඇය සදහන් කර තිබින.

කෙසේ වෙතත් විත්තිකාර අගමැතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයන් කියා සිටියේ ඉදිරිපත් කර ඇති ලේඛන වල මුල් පිටපත් නැති නිසා එය විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නැති බවයි.

ඒ අනුව එම මූලික විරෝධතාව පිළිගනිමින් අභියාචනාධිකරණ විසින් අද දිනයේ මෙම පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ.

30,865 Viewers

11 Comments to “ලේක්හවුස් කොටස් හිමි අගමැති රනිල්ගේ මන්ත‍්‍රීකම අහෝසි කරන පෙත්සම විභාගයට නොගෙනම විසිකරයි..”

  1. ajith says:

    How can any third party get original documents?

    • සේනක says:

      කෝ…කෝ..ඉංග්‍රීසියෙන් නඩු දැම්ම කියල වැඩක වුණාද?
      මේ රට කලු සුද්දන්ගේය…

  2. පොඩි එකා says:

    ඉතින් මුල් පිටපත් ගෙන්න ගන්න අභියාචනාධිකරණයට බලයක් නැද්ද..?

    • Hoo !!! says:

      නඩුව මහින්දට දාපු එකක් උනා නම් බලන්න තිබුනා අලුත් කඩේ වලිගෙ උස්සගෙන මුල් පිටපත් ගේන්න නියෝග දෙන හැටි ! 😂

  3. අපි යූඑන්පී says:

    ඇය් අනේ ඔයා දන්නෙ නැද්ද අපේ රනිල් තුමා ඉන්නෙ නීතියට උඩින් බව.

  4. Dev says:

    BUdu ammo menna logic
    bomba kaka api emu balan

  5. Shiraz says:

    This is a public document in Colombo Stock Exchange… 🙁
    https://cdn.cse.lk/cmt/upload_report_file/741_1504694661.pdf

  6. Neethiya hasuruwannney Ranilgey set aka bawa teyrennney naddda. aanisaney mona apraaadey unat usaviyata gos hagennney. Ranil Hora Usaaviya horagey ammma.

  7. චම්පා says:

    පුදුම වෙන්න හේතුවක් නැහැ. අන් ආකාරයක තීරණයක් ලැබුණානම් තමයි ටිකක් හරි පුදුම……

  8. 77 UNP says:

    මේක පුදුම අභියාචනාධිකරනයක්නේ. ඔය විධියට දික්කසාද නඩුවක්වත් දමන්න බැහැනේ, විවාහ සහතිකයේ මුල් පිටපත නැහැ කියල දික්කසාද නඩුව විසි කරවී.
    ඔන්න අහගනිල්ලා කසාද බැඳපු ගමන් මොන උප්පරවැට්ටිය හරි දමලා විවාහ සහතිකේ අතට ගන්න. ඊට පස්සේ තවත් ගෑනු හරි මිනිස්සු හරි 10 හරි එක්කල ජීවත් වෙයල්ලා. විවාහ සහතිකේ විනාශ කලොත් හෝ හංගාගත්තොත් තමුන්ට එරෙහිව දික් කසාද නඩු ගෙනාවම රනිල්ගේ නීතිඥයා අල්ලාගෙන නඩුව අභියාචනේට දමාගත්තොත් තමුන් ගොඩ. හරි ෂෝක් අපේ අධිකරණ පද්ධතිය.

  9. Kadiya says:

    “පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු විසින් කොටස් හිමිකමක් දරන සමාගමක් රජය සමග ව්‍යාපාරවල නිරත වීම එම මන්ත්‍රීවරයාට මන්ත්‍රී ධුරය අහෝසි වන බවත් ඇය සදහන් කර තිබින” ඔන්න කාගත්ත තැන. රනිල් තුමාට අගමැතිකම නැති කලොත් අභියාචනාධිකරණයේ විනිශ්චය කාරයෝ හමාරයි. ඇමෙරිකාව වෙනුවෙන් මේ රට පාලනය කරන්නේ කව්ද? රනිල් තුමා රැකගන්න එක අභියාචනාධිකරණයේ විනිශ්චය කාරයන්ගේ වගකීම සහ රාජකාරිය.ඕවට හොඳට ගෙවනවා.

Main News