ලේක්හවුස් බරපතල මුල්‍ය කඩාවැටීමක.. වහා මැදිහත්වන්න..- සේවයන් ජනපතිට කියති..

February 14, 2019 at 12:00 pm | lanka C news
ලේක්හවුස් බරපතල මුල්‍ය කඩාවැටීමක.. වහා මැදිහත්වන්න..- සේවයන් ජනපතිට කියති..

ලේක්හවුස් ආයතනය බරපතල මුල්‍ය කඩා වැටීමකට ලක්ව ඇති බවත්. එම කඩා වැටීමෙන් බේරා ගන්නා ලෙසත් ඉල්ලමින් ලේක්හවුස් සේවක සේවිකාවන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලිපියක් යොමු කර තිබේ.

රැස පුවත්පත පසුගිය 2018 වසරේදී රුපියල් ලක්ෂ 650 පාඩු ලැබීම , පසුගිය වසරේදී ලේක්හවුස් පාඩුව රුපියල් මිලියන 1500 ක් බවත් එවැනි පසුබිමකදී ලේක්හවුස් සේවක වැටුප් වැඩි කරන සාමුහික ගිවිසුම ක්‍රියාත්මක නොකර එක්සත් ජාතික පාක්ෂිකයන්ට රුපියල් 3000/= සිට රුපියල් 10,000/= දක්වා වැටුප් සහ කළමණාකාර තනතුරු ලබා දෙන බවට සභාපති ක්‍රිෂාන්ත කුරේ වෙත චෝදනා කරමින් මෙම ලිපිය ලේක්වුස් සේව සේවිකාවන් විසින් ලිපියපදිංචි තැපෑලෙන් මෙම ලිපිය ජනාධිපතිතුමාට යෝමු කර තිබේ.

( ලියාපදිංචි තැපෑලෙන් ජනාධිපතිතුමාට යොමු කළ ලිපිය)

ලේක්හවුස් සේවක /සේවිකාවන්,
සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම,
කොළඹ.

2019/02/11

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

  • ලේක්හවුස් සේවක මුලික වැටුප් වැඩි කරන සාමුහික ගිවිසුම නෑ.
  • ලේක්හවුස් ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 200 කට රුපියල් 3000/= බැගින් වැටුප් වැඩිකිරීම්.
  • තවත් සාමාජිකයන් 40 ක් කළමණාකරු තනතුරුවලට උසස් කිරීම් සමග රුපියල් 10,000/= වැටුප් වැඩි කිරීම්.
  • ලේක්හවුස් බරපතල මුල්‍ය කඩාවැටීමක.

අතිගරු ජනාධිපතිතුමනි.

මේ මොහොතවන විට ලේක්හවුස් ආයතනය බරපතල මුල්‍ය කඩාවැටීමකට ලක්ව තිබේ. ඒ වත්මන් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ අත්තනෝමතික කටයුතු නිසාය. අනවශ්‍ය මුදල් නාස්ති කිරීම් ලේක්හවුස් ආයතනයේ ඉහවහා ගොස් තිබේ. 2019 වසරේ ඉදිර මාසවල ලේක්හවුස් සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමේ අර්බුධයක් තිබේ. ඒ අතරතුරු ලේක්හවුස් වත්මන් සභාපතිවරයා ආරම්භ කළ “රැස දිනපතා පුවත්පත“ 2018 වසරේදී රුපියල් ලක්ෂ 650 ක් පාඩු ලබා තිබේ. ( රුපියල් මිලියන 65 ක්). රැස පුවත්පත දිනපතා පත්‍ර 8500 ක් මුද්‍රණය කරන අතර දිනකට රැස පුවත්පත අළෙවි වන්නේ පුවත්පත් දහසකටත් අඩුවෙනි. තවත් පුවත්පත් 3000 පමණ නොමිලේ පුවත්පත් අළෙවි නියෝජිතයන් විසින් වෙනත් ජාතික පුවත්පත් සමග බෙදා දීමට වෙන් කර තිබේ. රැස පුවත්පත මෙලෙස අධික පාඩුවක් ලැබුවද මේ වන විට රැස පුවත්පත ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන ගණනක් වියදම් කර රූපවාහිනී  දැන්වීම්  රූපවාහිනී නාළිකා කීපයකටම ලබා දී තිබේ. රැස පුවත්පත මෙලෙස අධික පාඩු ලබද්දී වසා නොදැමීමට හේතුව රැස පුවත්පතේ ආරම්භක කර්තෘ ,හදිසියේ අභාවයට පත් වු චාමර ලක්ෂාන් මහතාගේ මවගේ සහ පුතුගේ ඉල්ලීමක් අනුව බව සභාපති ක්‍රිෂාන්ත කුරේ විසින්ම පවසා තිබේ. ඒ පසුගියදා පැවැති ඔබ්සවර් ක්‍රිකටර් තරගයේ විනිසුරුවන් සඳහා කොළඹ හිල්ටන් හෝටලයේ ලබා දුන් රාත්‍රී භෝජන සංග්‍රහයේදීය.

අතිගරු ජනාධිපතිතුමනි. ලේක්හවුස් සේවකයන්ගේ මුලික වැටුප් වැඩිකිරීම සඳහා ක්‍රියාත්මක විය යුතු සාමුහික ගිවිසුම් ක්‍රියාවලිය මේ වන විට සභාපතිවරයා විසින් දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටී. 2016/2017/2018 සාමුහික ගිවිසුම් ක්‍රියාවලිය මගින් ලේක්හවුස් සේවක මුලික වැටුප් වැඩි වීය. ඒ අනුව 2019/2020 සහ 2021 සාමුහික ගිවිසුම ආයතනයේ වෘත්තීය සමිති සහ පාළනාධිකාරිය අතර සාකච්ඡා කොට ආරම්භ කළ යුතුය. ආයතනයේ වෘත්තීය සමිති සාකච්ඡා සඳහා   සාමුහික ගිවිසුම් යෝජනාවලි දෙකක් පාළනාධිකාරියට ලබා දී තිබේ. ඒ දැනට මාස 5 කට පෙරය. නමුත් එම සාමුහික ගිවිසුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වන තෙක් වෘත්තීය සිමිති වෙත සාකච්ඡා ලබා දී නැත. එහෙත් ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයා විසින් මේ වන විට සාමුහික ගිවිසුම පැත්තකට දමා ලේක්හවුස් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණක් වැටුප් වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ලේක්හවුස් සේවකයන්ට මේ වසරේ වැටුප් සහ ප්‍රසාද දීමනා ගෙවීමේ අර්බුධයක් තිබියදී වත්මන් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ලේක්හවුස් ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 200 කට රුපියල් 3000/= බැගින් වැටුප් වැඩිවීම් ලබා දීමට නිර්දේශ කර තිබේ. එමෙන්ම තවත් සාමාජිකයන් 40 කට කළමණාකරු තනතුරුවලට උසස් කිරීම් සමග රුපියල් 10,000/= වැටුප් වැඩිවීම් ලබා දීමට නිර්දේශ කර තිබේ.

ලේක්හවුස් සමස්ථ සේවකයන්ගේ මුලික වැටුප් වැඩි කෙරෙන 2019/2020 සහ 2021 සාමුහික ගිවිසුම මේ වන විටත් වෘත්තීය සමිති සමග අස්සන් කිරීම වත්මන් සභාපතිවරයා මග හරිමින් සිටී. මේ නිසා ලේක්හවුස් ආයතනයේ සේවක නොසන්සුන්තාවක් ඇති වීමට ආසන්නය.

එබැවින් මේ තත්ත්වයන් සලකා බලා ජාතික සේවක සංගමයේ සාමාජිකයන්ට දේශපාලනය සලකමින් සිදු කිරීමට යන ආයතනයට අහිතකර වැටුප් වැඩිකිරීම සහ උසස්වීම් ලබා දීම් අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අප ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

විශේෂයෙන්ම වත්මන් සභාපති ක්‍රිෂාන්ත කුරේ විසින් ජනාධිපතිතුමා විසින් තමන් පත් කර එවන ලද පැවසීම නිසා මේ සියලු කටයුතුවල සේවක අප්‍රසාදය ඔබතුමා වෙත එල්ල වන බවද මෙහිදී සිහිපත් කරමු.

අතිගරු ජනාධිපතිතුමනි. ලේක්හවුස් ආයතනය පසුගිය වසරේදී රුපියල් මිලියන 1500 ක් පාඩු ලබා තිබේ. සභාපතිවරයා පවසනුයේ ඊට හේතුව පසුගිය ඔක්තෝම්බර් 26 ඇති කළ මෛත්‍රී – මහින්ද ආණ්ඩුව නිසා ලේක්හවුස් ආයතනය මෙළෙස අධික පාඩුවක් ලබා ඇති බවය.  එසේ පවසන සභාපතිවරයා ලේක්හවුස් සභාපති ධුරය ලබා ගැනීමට අවසානයේ ඔබතුමා පසුපස පැමිණි බවද ලේක්හවුස් සේවකයන් දන්නා ප්‍රසිද්ධ රහසකි.

එබැවින් රජයට අයත් එකම මුද්‍රිත මාධ්‍ය ආයතනය බේරා ගැනීමට ඔබතුමා කටයුතු කරනු ඇතැයි 2015 ජනාධිපතිවරණයේදී ඔබේ ජයග්‍රහණයට ලේක්හවුස් සේවකයන් 2000 ආසන්න පිරිසෙන් සියයට 90 පමණ ඡන්දය ලබා දුන් පිරිස බලාපොරොත්තු වේ. ලේක්හවුස් කඩා වැටීමෙන් බේරා ගැනීමට හැකියාව ඇත්තේ ඔබතුමාට පමණක් බැවින් අපි සියලු දෙනා අනාගතය දෙස ඔබතුමා  කෙරෙහි බලාපොරොත්තු සහගතව බලා සිටිමු.

ස්තුතියි.

මීට.
ලේක්හවුස් සේවක / සේවිකාවන්.

– සමාජ ජාලාවන්ගෙන් උපුටා ගත්තකි

71 views

2 Comments to “ලේක්හවුස් බරපතල මුල්‍ය කඩාවැටීමක.. වහා මැදිහත්වන්න..- සේවයන් ජනපතිට කියති..”

  1. Sarath Bulathsinghala says:

    Lake House which most of the time spearheaded Anti Sri Lanka, Anti Sinhala, Anti-Buddhist machinations within Sri Lanka must be allowed to die a natural death. Whichever government was in power the entrenched mainly Anti- Buddhist lot has done enough and more damage to the majority community the Sinhala Buddhist. It must be sold, name changed and used for the betterment of Sri Lanka.

  2. ලුවී ද ෆ්‍රන්චි says:

    රැස පුවත්පතේ සේවය කරන්නේ ලිබරල් අදහස් දරන තරුණ මාධ්‍යවේදීන් – එයට ආරාධිත ලිපි සපයන්නේත් ඒ සඳහා ඉතාම සුදුසුකම් සහිත සමාජ ජාලවල ජනප්‍රිය පිරිසක් – රැස පුවත්පත අද තිබෙන ගොසිප් ‍හා දේශපාලන වට්ට‍ෝරුවෙන් එපිටට ගිහින් ජනතාවට සාරවත් දෙයක් ලබා දෙන්නට උත්සහා කරනවා
    හැබැයි ඩබ්ලියු ඒ සිල්වා මහත්මයාගේ ලක්ෂ්මී වගේ සම්භාව්‍ය කෘතියක් ජනප්‍රිය නොවී හිඟන කොල්ලා ජනප්‍රිය වුනා වගේ ජනතාව ඉල්ලන්නේ පොල් කුඩු වෙන්න පුලුවන් – අනිත් දෙ ලේක් හවුස් එකේ ඉන්න ඩයිනෝසරයන් වැනි පැරණී මුල් ගිය මාධ්‍යවේදීන් මේ රැඩිකල් තරුණ තරුණියන් කරන අලුත් වැඩේට අකුල් හෙලනවා වෙන්නත් පුලුවන්
    ජනාධිපතිතුමා මේ එක පාර්ශ්වයක් කියන දේ අහන්නේ නැතුව සාධාරණ තීන්දුවක් දේවී

Main News