‘ලේක්හවුස්’ මිලට ගන්න බැදුම්කර මගඩි සමාගම සූදානම්..
February 12, 2017 at 9:20 am | lanka C news
රජය සතු ලේක්හවුස් ආයතනයේ 49%ක කොටස් පුද්ගලීකරණය කිරීම සදහා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක සභාව තීරණය කර ඇත.
ආයතනයට ඇති රාජ්‍ය බලපෑම අඩු කර මූල්‍ය අස්ථාවරත්වය, සේවක අතිරික්තය ආදී ගැටළු නිසි ලෙස කළමණාකරනය කිරීමේ උවමනාව පෙන්වා දෙමින් පුද්ගලීකරණය කිරීම යෝජනා කර තිබේ.
මේ වන විටත් ලේක්හවුස් කොටස් මිලට ගැනීම සදහා විජය පුවත්පත් සමාගම හා පර්පෙචුවල් ටේරෂරීස් සමාගම සූදානමින් සිටින බවටද වාර්තා වේ.