ලේක්හවුස් ලොක්කන්ට දුෂණ චෝදනා… කොමිස් ගහලා මාට්ටු.. අල්ලස් කොමිසමේ විභාගයට ලිපි ගොණුව නැති කරලා…

May 26, 2022 at 3:15 am | lanka C news
ලේක්හවුස් ලොක්කන්ට දුෂණ චෝදනා… කොමිස් ගහලා මාට්ටු.. අල්ලස් කොමිසමේ විභාගයට ලිපි ගොණුව නැති කරලා…

ලේක්හවුස් ආයතනයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ පරිපාලන දුර්වලතා හේතුවෙන් ලේක්හවුස් ආයතනය මේ වන විට මුල්‍යමය අතින් කඩා වැටීමට පත්ව ඇති බවත් මේ වන විට මාසික වැටුප් ගෙවා ගත නොහැකි මට්ටමට පත්ව ඇති බවත් ඉදිරි මාස කීපයේ සේවකයන්ගේ මාසික වැටුප් ගෙවීම සදහා ආයතනය සතු දේපල විකිණිීමට හෝ දේපල උකස් කරන මට්ටමට පත්ව ඇති බවත් ඊට අමතරව ඉදිරි මාස කීපයේදී ලේක්එහවුස්ම සේවකයන් 200 කගේ පමණ රැකියාවලින් ඉවත් කිරීමට සිදුව ඇති බවත් එම නිසා ලේක්හවුස් ආයතනයේ ස්ථිර සේවකයන් 1000 ගේ සහ යැපෙන්නන් 5000 කගේ පමණ ජීවිත රැක ගැනීමට වහාම වෙනම් කම් සිදු කර ආයතනය බේරා ගන්නා ලෙස ලේක්හවුස් සේවකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් වෙතින් ලිඛිත ඉල්ලීමක් ලේක්හවුස් සමස්ථ සේවක වෘත්තීය සමිති එකමුතුව සිදු කර තිබේ.

එසේම පසුගිය 2015 වසරේ සිට ලේක්හවුස් ආයතනයේ 2022 වසර දක්වා වංචා සහ දුෂණ ඉහ වහා ගොස් ඇති බවත් එ සම්බන්දයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් ලේක්හවුස් සේවකයෝ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිති.

2020 වසරේ සිට 2022 වසර දක්වා කාලයේදී ආයතනයේ දුෂණ වංචා රැසක් සිදුව ඇති බවත් ලේක්හවුස් සේවකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම අළෙවි නොවු පුවත්පත් විකිණීමේ ටෙන්ඩරය මගින් මාසිකව රුපියල් මිලියන ගණනින් අධ්‍යක්ෂවරයකු උපයා ඇති බවත් සේවකයෝ චෝදනා කරති.

අධ්‍යාපන ප්‍රකාශන 20 ක් සැලසුම් සහගත නොවන ලෙස මුද්‍රණයකර රුපියල් මිලියන 1000පමණ විනාශ කර ඇති බවත් සේවකයෝ චෝදනා කරති.

විශේෂයෙන්ම ලේක්හවුස් ආයතනයට රුපියල් මිලියන 14.6 ක් වියදම් කර ලේලන්ඩ් වර්ගයේ බස් රථ දෙකක් මිලදී ගෙන ඉන් රුපියල් මිලියන 1.4 ක කොමිස් ලේක්හවුස් අධ්‍යක්ෂකවරයකු ලබා ගෙන ඇති බවත් එම වංචාව සම්බන්දයෙන් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවේ විභාගයක් පැවැත්වීමට නියමිත දිනට පෙර දිනයේ බස් රථයේ කොමිස් ලබා දීම සම්බන්දව සටහන්ව තිබු ලිපි ගොණුව ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂකවරයකුගේ උපදෙස් මත අස්ථාන කර ඇති බවත් ලේක්හවුස් සේවකයෝ පවසති. එම ලිපි ගොණුව අස්ථාන ගත කර ඇති ගිණිම් අංශයේ සේවකයට විරුද්ධව කිසිදු විනය පියවරක් ගෙන නොමැති බවද ලේක්හවුස් සේවකයෝ චෝදනා කරති. අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමේ විභාගයට අදාළ ලිපි ගොණුව අස්ථානගත කිරීම සම්බන්දව පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලේක්හවුස් ආයතනයේ අදාළ ලිපි ගොණු භාර අංශ ප්‍රධානී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මුදල් විසින් පැමිණිලි කර නොමැති බවද සේවකයෝ පවසති. එසේ පැමිණිලි කර නොමැත්තේ ලේක්හවුස් දුෂිත අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත බවද ලේක්හවුස් සේවකයන් ජනාධිපතිවරයාට. අගමැතිවරයාට සහ ජනමාධ්‍ය ඇමැතිවරයාට යැවු ලිපියේ සදහන් වේ.
අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමේ පරීක්ෂණයට අදාළ ලිපි ගොණුව අස්ථාන ගත කළ ගිණුම් අංශයේ නිලධාරීයාට විරුද්ධව ලේක්හවුස් ආයතනය කිසිදු විනය පියවරක් ගෙන නොමැති බවත් ඊට හේතුව දුෂිත අධ්‍යක්ෂකවරයාගේ මැදිහත් වීම මත බවද ලේක්හවුස් සේවකයෝ ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ චෝදනා කර තිබේ.

ලේක්හවුස් ආයතනයට ලේලන්ඩ් වර්ගයේ බස් රථ දෙකක් මිලදී ගෙන ඇත්තේ 2021 පෙබරවාරි 25 වැනි දිනය. ඒ රුපියල් ලක්ෂ 73 බැගින් ( රුපියල් මිලියන 7.3 බැගින්) රුපියල් මිලියන14.6 කටය. ( රුපියල් ලක්ෂ 146 කටය.)

ලේක්හවුස් ආයතන පරිශ්‍රෙය් ඇති DFCC බැංකුවේ බැංකු ණයක් මගින් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් එම බස් රථ දෙක මිලදී ගෙන තිබේ. . ඒ අනුව එක් බස් රථ දෙක සදහා ලේක්හවුස් ආයතනය විසින් ඩී.එෆ්.සී.සී බැංකුව මගින් රුපියල් ලක්ෂ 132 ක ණය මුදලක් ලබා ගෙන තිබේ.

එම බස් රථ දෙකහි ලියාපදිංචි අංක වන්නේ WP NE 0864 සහ WP NE 0865 වෙයි. මෙම බස් රථ දෙක මිලදී ගනු ලැබුයේ කොළඹ සිට කතරගම දක්වා දිනපතා ලේක්හවුස් ප්‍රවත්පත් නියෝජිත පුවත්පත් ආයතන වෙත ආයතනයට ලාභදායි ලෙස බෙදා හැරීම සදහාය.

මෙම බස් රථ දෙක මිලදී ගැනීමේදී අධ්‍යක්ෂකවරයකු රුපියල් මිලියන 1.4 ක කොමිස් ලබා ඇති බව අනාවරණය වී තිබේ. මෙම කොමිස් ලබා ගැනීමට අදාළව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමසමේ නඩුවක්ද විභාග වෙයි. අදාළ නඩුව විභාගය සදහා දින නියම කළ පසුව කොමිස් ගෙවීමට අදාළ ලේක්හවුස් බස් රථ ලිපි ගොනුව දුෂිත අධ්‍යක්ෂවරයකුගේ උපදෙස් මත ගිණුම් දෙපාර්තමේන්තු සේවකයකු විසින් අස්ථානගත කර තිබේ.

දැනට මසකට පෙර දී අදාළ නඩුවේ විභාගය සදහා ලේක්හවුස් ආයතනයේ ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මුදල් , ලේක්හවුස් සමාගම් ලේකම් , ලේක්හවුස් සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව වෙත කැදවා තිබිණි. කෙසේ වෙතත් අදාළ නඩු විභාගය සදහා සහභාගී වීමට පෙර දිනයේදී ඊට සුදානම් වීමට ලේක්හවුස් ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මුදල් විරාජිත් ශ්‍රාමෙන්ද්‍ර බොයිස් මහතා වසින් බස් රථ මිලදී ගැනීමේ ලිපි ගොණුව අදාළ ලිපි ගොනුව භාරයේ තිබු නිලධාරියකුගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් එම නිලධාරියා එම ලිපි ගොණුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාට ලබා දුන් නමුත් එහි අන්තර්ගතව තිබු කොමිස් ලබා දීම ඇතුළුව අදාළ බස් රථයේ මුලික ලිපි ගොණුව නොමැති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා දැන ගත් පසුව අදාළ නිලධාරියාගෙන් මේ බව විමසීමේදී ඔහු විසින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට පරුෂවචනයෙන් බැන වැදී තිබේ.

කොමිස් ලබා දීම සටහන්ව ඇති මුල් ලිපි ගොණුව මෙලෙස අදාළ ගිණුම් දෙපාර්තමේන්තුවේ නිලධාරියා විසින් අස්ථාන ගත කර ඇති බව ලේක්හවුස් සේවකයෝ පවසති. අදාළ නිලධාරියා කොමිස් ලබා ගැනීමට අදාළ අධ්‍යක්ෂකවරයාගේ සමීප හිතවතෙකි. අදාළ නිලධාරියා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට පරුෂ වචනයෙන් බැන තර්ජනය කිරීමට අදාළව පැමිණිල්ලක් ලේක්හවුස් ආරක්ෂක අංශයේ විභාග වුවද ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් අදාළ තර්ජනය කළ නිලධාරියාට විරුද්ධව ලේක්හවුස් පාලනාධිකාරිය කිසිදු පියවරක් විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

ඊට හේතු වී ඇත්තේ කොමිස් ලද අධ්‍යක්ෂකවරයා විසින් එම පරීක්ෂණ කටයුතු සදහා බාධා සිදු කිරීමය. ලේක්හවුස් විනය නීති රීති මාලාව අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකුට තර්ජනය කිරීම පරුෂවචනයෙන් බැන වැදීම වැඩ තහනමට ලක් වීමට හේතු වන්නකි. කෙසේ වෙතත් අදාළ ලිපි ගොණුව අස්ථාන ගත කිරීමට සිදු කරනු ලබන උදව්වක් ලෙස එම විනය පරීක්ෂණය දුෂිත අධ්‍යක්ෂකවරයා විසින් නවතා දමා තිබේ.

ලේක්හවුස් ආයතනික නීති රීති අනුව කිසියම් මුල්‍යමය කරුණකට අදාළ හෝ නොවන අත්‍යාවශ්‍ය ලිපි ගොණුවක් අස්ථාන ගත වුවහොත් අදාළ ලිපි ගොණුව භාරයේ තිබු සේවකයා වැඩ තහනමට ලක් කර අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතුය. එමෙන්ම අදාළ ලිපි ගොණුව අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුය. කෙසේ වෙතත් මෙම කරුණු දෙකෙන් එකක් හෝ සිදුව නැත. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මුදල් විසින් මේ සම්බන්දයෙන් පොලීසියට හෝ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අස්ථානගත වු වංචාවකට අදාළ ලිපි ගොණුව සම්බන්දයෙන් පැමිණිලි නොකිරීමද වැරැදි සහගත වෙ. එම පැමිණිලි කිරීමද සිදු කර නැත්තේ අදාළ දුෂිත අධ්‍යක්ෂකවරයා විසින් සිදු කරන ලද බලපෑමක් මත බවද සේවකයන් ජනාධිපතිතුමාට යැවු ලිපියේ සදහන් වේ.

ලේක්හවුස් සේවකයන් ජනාධිපතිවරයාට , අගමැතිවරයාට සහ ජනමාධ්‍ය ඇමැතවරයාට යැවු ලිපිය පහත දැක්වේ.

ලේක්හවුස් සුරැකීමේ සියලු වෘත්තීය සමිති එකමුතුව,
සී/ස එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම,
ඩී.ආර් .විජේවර්ධන මාවත , කොළඹ 10.
2022/05/20

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා.

ලේක්හවුස් ආයතනයට බස් රථ දෙකක් මිලදී ගැනීමේදී අධ්‍යක්ෂකවරයකු රුපියල් මිලියන 1.4 ක කොමිස් ගහලා.

අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමසමෙන් විභාගය සදහා දින නියම කළ පසුව කොමිස් ගෙවීමට අදාළ ලේක්හවුස් බස් රථ ලිපි ගොනුව දුෂිත අධ්‍යක්ෂවරයකුගේ උපදෙස් මත ගිණුම් දෙපාර්තමේන්තු සේවකයකු විසින් අස්ථානගත කරලා.

ලේක්හවුස් ආයතනයට ලේලන්ඩ් වර්ගයේ බස් රථ දෙකක් 2021 පෙබරවාරි 25 වැනි දින රුපියල් ලක්ෂ 73 බැගින් ( රුපියල් මිලියන 7.3 බැගින්) රුපියල් මිලියන14.6 කට ( රුපියල් ලක්ෂ 146 කට) ලේක්හවුස් ආයතන පරිශ්‍රෙය් ඇති DFCC බැංකුවේ බැංකු ණයක් මගින් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් මිලදී ගන්නා ලදී. ඒ අනුව එක් බස් රථ දෙක සදහා ලේක්හවුස් ආයතනය විසින් ඩී.එෆ්.සී.සී බැංකුව මගින් රුපියල් ලක්ෂ 132 ක ණය මුදලක් ලබා ගෙන තිබේ.

එම බස් රථ දෙකහි ලියාපදිංචි අංක වන්නේ WP NE 0864 සහ WP NE 0865 වෙයි. මෙම බස් රථ දෙක මිලදී ගනු ලැබුයේ කොළඹ සිට කතරගම දක්වා දිනපතා ලේක්හවුස් ප්‍රවත්පත් නියෝජිත පුවත්පත් ආයතන වෙත ආයතනයට ලාභදායි ලෙස බෙදා හැරීම සහ සාමාන්‍ය මගීන් ප්‍රවාහනය මගින් ලැබෙන ආදායමින් ආයතනයේ පුවත්පත් බෙදා හැරීමේ වියදම් කප්පාදු කර ගැනීමේ පියවරක් ලෙසය. දිනමිණ කොළඹ කතරගම සිඝ්‍රගාමී බස් රථ සේවය වසර 80 කට වඩා පැරැණි ඉතිහාසයක් සහිතය. 1980 වර්ෂයේ පමණ ආරම්භ කර ඇති මෙම බස් රථ සේවය එවකට ලංකාවේ සුප්‍රසිද්ධ ඊබට් සිල්වා බස් රථ සමාගමේ බස් රථ ලේක්හවුස් පුවත්පත් සන්නාම ප්‍රදර්ශනය කරමින් පුවත්පත් බෙදා හැරීම සහ මගී ප්‍රවාහන කටයුතු සිදු කර තිබේ.

මෙම බස් රථ දෙක මිලදී ගැනීමේදී අධ්‍යක්ෂකවරයකු රුපියල් මිලියන 1.4 ක කොමිස් ලබා ඇති බව අනාවරණය වී තිබේ. මෙම කොමිස් ලබා ගැනීමට අදාළව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමසමේ නඩුවක්ද විභාග වෙයි. අදාළ නඩුව විභාගය සදහා දින නියම කළ පසුව කොමිස් ගෙවීමට අදාළ ලේක්හවුස් බස් රථ ලිපි ගොනුව දුෂිත අධ්‍යක්ෂවරයකුගේ උපදෙස් මත ගිණුම් දෙපාර්තමේන්තු සේවකයකු විසින් අස්ථානගත කර තිබේ.

දැනට මසකට පෙර දී අදාළ නඩුවේ විභාගය සදහා ලේක්හවුස් ආයතනයේ ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මුදල් , ලේක්හවුස් සමාගම් ලේකම් , ලේක්හවුස් සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව වෙත කැදවා තිබිණි. කෙසේ වෙතත් අදාළ නඩු විභාගය සදහා සහභාගී වීමට පෙර දිනයේදී ඊට සුදානම් වීමට ලේක්හවුස් ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මුදල් විරාජිත් ශ්‍රාමෙන්ද්‍ර බොයිස් මහතා වසින් බස් රථ මිලදී ගැනීමේ ලිපි ගොණුව අදාළ ලිපි ගොනුව භාරයේ තිබු නිලධාරියකුගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් එම නිලධාරියා එම ලිපි ගොණුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාට ලබා දුන් නමුත් එහි අන්තර්ගතව තිබු කොමිස් ලබා දීම ඇතුළුව අදාළ බස් රථයේ මුලික ලිපි ගොණුව නොමැති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා දැන ගත් පසුව අදාළ නිලධාරියාගෙන් මේ බව විමසීමේදී ඔහු විසින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට පරුෂවචනයෙන් බැන වැදී තිබේ.

මේ සම්බන්දනයෙන් අප වෙත දැන ගන්නට ලැබී ඇත්තේ කොමිස් ලබා දීම සටහන්ව ඇති මුල් ලිපි ගොණුව මෙලෙස අදාළ ගිණුම් දෙපාර්තමේන්තුවේ නිලධාරියා විසින් අස්ථාන ගත කර ඇති බවය. අදාළ නිලධාරියා කොමිස් ලබා ගැනීමට අදාළ අධ්‍යක්ෂකවරයාගේ සමීප හිතවතෙකි. අදාළ නිලධාරියා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට පරුෂ වචනයෙන් බැන තර්ජනය කිරීමට අදාළව පැමිණිල්ලක් ලේක්හවුස් ආරක්ෂක අංශයේ විභාග වුවද ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් අදාළ තර්ජනය කළ නිලධාරියාට විරුද්ධව ලේක්හවුස් පාලනාධිකාරිය කිසිදු පියවරක් විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති.

ඊට හේතු වී ඇත්තේ කොමිස් ලද අධ්‍යක්ෂකවරයා විසින් එම පරීක්ෂණ කටයුතු සදහා බාධා සිදු කිරීමය. ලේක්හවුස් විනය නීති රීති මාලාව අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකුට තර්ජනය කිරීම පරුෂවචනයෙන් බැන වැදීම වැඩ තහනමට ලක් වීමට හේතු වන්නකි. කෙසේ වෙතත් අදාළ ලිපි ගොණුව අස්ථාන ගත කිරීමට සිදු කරනු ලබන උදව්වක් ලෙස එම විනය පරීක්ෂණය දුෂිත අධ්‍යක්ෂකවරයා විසින් නවතා දමා තිබේ.

ලේක්හවුස් ආයතනික නීති රීති අනුව කිසියම් මුල්‍යමය කරුණකට අදාළ හෝ නොවන අත්‍යාවශ්‍ය ලිපි ගොණුවක් අස්ථාන ගත වුවහොත් අදාළ ලිපි ගොණුව භාරයේ තිබු සේවකයා වැඩ තහනමට ලක් කර අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතුය. එමෙන්ම අදාළ ලිපි ගොණුව අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුය. කෙසේ වෙතත් මෙම කරුණු දෙකෙන් එකක් හෝ සිදුව නැත. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මුදල් විසින් මේ සම්බන්දයෙන් පොලීසියට හෝ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අස්ථානගත වු වංචාවකට අදාළ ලිපි ගොණුව සම්බන්දයෙන් පැමිණිලි නොකිරීමද වැරැදි සහගත වෙ. එම පැමිණිලි කිරීමද සිදු කර නැත්තේ අදාළ දුෂිත අධ්‍යක්ෂකවරයා විසින් සිදු කරන ලද බලපෑමක් මත බවද දැන ගන්නට තිබේ.

ලේක්හවුස් ආයතනයේ පසුගිය වසර ගණනාවක සිට මෙමැනි දුෂිත ක්‍රියා රැසක් සිදුව තිබේ. 2005 -2010 කාල වකවානුවේදී එවකට ලේක්හවුස් ජාතික සේවක සංගමයේ ලේකම් ලෙස කටයුතු කළ ලේක්හවුස් අළෙවි දෙපාර්තමේන්තුවේ කළමණාකරු විසින් පුවත්පත් ප්‍රවර්ධනයට යැයි කියමින් රුපියල් ලක්ෂ 182 ක වංචා කළ බව අභ්‍යන්තර විගණන වාර්තා සහ රජයේ විගණන වාර්තා පෙන්වා දී තිබේ. මේ සම්බන්ද නඩු කිපයක්ද විභාග වේ. යහපාලන ආණ්ඩුව සමයේදී ලේක්හවුස් ආයතනයේ වංචා දුෂණ රැසක්ද සිදුව තිබේ. උදාහරණයක් ලෙස එවකට සිළුමිණ කර්තෘ චාමර ලක්ෂාන් හදිසියේ මිය ගිය පසුව ආයතනය විසින් ඔහුගේ පවුලට රුපියල් ලක්ෂ 50 ක් වන්දි ලෙස ගෙවා තිබේ. තවත් ලක්ෂ 20 පමණ ඔහුගේ අවසන් කටයුතු සදහා වියදම් කර තිබේ.

2020 සහ 2022 වත්මන් පාළනාධිකාරිය යටතේද වංචා දුෂණ රැසක් සිදුව තිබේ. අධ්‍යාපන ප්‍රකාශන 20 ක් මුදුණය කිරීම සහ එම ප්‍රකාශන අළෙවි නොවීම නිසා පසුගිය වසර දෙකක කාලයේදි ලේක්හවුස් ආයතනයට රුපියල් මිලියන 1000 පමණ අලාභයක් සිදුව ඇති බව මුල්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැහැදිලි වේ. එමෙන්ම පුවත්පත් ප්‍රවර්ධනයට නොමිලේ පුවත්පත් බෙදා දීමේ මුවාවෙන් නොවිකුණන ලද පුවත්පත් කලු කඩයට විකිණීම මගින් අළෙවි දෙපාර්තමේන්තුවේ ඇතැම් කළමණාකරුවන් රුපියල් මිලියන ගණනින් වංචා කර තිබේ.

මේ වන විට ලේක්හවුස් ආයතනයේ ඇතැම් අධ්‍යක්ෂකවරුන්ට කොමිස් ලැබෙන පරිදි අළෙවි නොවු පුවත්පත් ටෙන්ඩරය පිරිනැමීම සිදු වේ. මේ මගින් පසුගිය වසර දෙකක කාලයේදී එක් අධ්‍යක්ෂකවරයකු විසින් රුපියල් මිලියන ගණනක් උපයා තිබෙන බව දැන ගන්නට තිබේ.

ලේක්හවුස් ආයතනයේ දැන්වීම් දෙපාර්තමේන්තුව සියයට සියයක් රජයේ ආදායම් මත යැපීම , ඉහවහා ගිය වංචා සහ දුෂණ හේතුවෙන් , කිසිදු කාර්ය භාරයක් නොකරන ව්‍යාපාරික දැනුමක් නොමැති අයකු ආයතනයේ ඉහල පුටුවට පත් කිරීම , සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඒ ඒ විෂයන්ට අදාළ නොවන පරිදි පත් නොකර ලේක්හවුස් වැනි පුවත්පත් බෙදාහරිනු ලබන ආයතනයක නීතීඥවරු 4 දෙනකු සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරිම මගින් ආයතනයට මේ වන විට මාසික වැටුප් ගෙවා ගත නොහැකි ලෙස කඩා වැටී තිබේ.

මේ වන විටත් ආයතනයේ කොන්ත්‍රාත් පදනමින් සේවයේ නියුතු සේවකයන් 200 පමණ සේවයෙන් ඉවත් කිරීමට සිදු වී තිබේ. මාසික වැටුප් ගෙවීමට ආයතනය සතු දේපල විකිණීමට හෝ බැංකු වෙත උකස් කිරීමට සිදු වන තැනට පත්ව තිබේ. එබැවැන් ලේක්හවුස් ආයතනය යළිත් ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට අවශ්‍ය කටයුතු කරන මෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන්ද , ගරු අභිනව අගමැතිතුමාගෙන් සහ නව ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගෙන්ද ලේක්හවුස් සේවකයන් ලෙස අප ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

එසේම 2015 වසරේ සිට මේ දක්වා ලේක්හවුස් ආයතනයේ සිදුව ඇති වංචා දුෂණ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසද අතිගරු ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

එමෙන්ම ලේක්හවුස් ආයතනය සම්බන්දයෙන් කඩිනම් සැලසුම් සහිත වැඩපිළිවෙලක් සහ ව්‍යාපාර ගොඩනැගීමට දැක්මක් , අද්දැකීම් සහ විෂයානුබද්ද දැනුමැති නව පාලනාධිකාරියක් පත් කර රජයේ එකම පුවත්පත් ආයතනය බේරා දෙන ලෙසත් ස්ථිර සේවකයන් 1000 කගේ සහ යැපෙන්නන් 5000 කගේ පමණ ජීවන මාර්ග සුරක්ෂිත කර දෙන මෙන්ද අතිගරු ජනාධපතිතුමා , ගරු අගමැතිතුමා සහ ගරු ජනමාධ්‍ය ඇමැතිතුමාගෙන් අප ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට
ලේක්හවුස් සුරැකීමේ සියලු වෘත්තීය සමිති එකමුතුව.

23,685 views

6 Comments to “ලේක්හවුස් ලොක්කන්ට දුෂණ චෝදනා… කොමිස් ගහලා මාට්ටු.. අල්ලස් කොමිසමේ විභාගයට ලිපි ගොණුව නැති කරලා…”

  1. Disasekara says:

    මේක හොර ගුහාවක්., පහල සිට ඉහලටම හොරකම., කමල් කියන පුද්ගලයා ගෙන්වන කඩදාසි වලින් පවා කොමිස් ගහනවා.
    තමන්ගෙ විරැද්ධ වාදීන්ව සේවා දිගු නොදී ගෙදර යවලා හෙංචයියො තියාහෙන හොරා කනවා

  2. Lalla says:

    ලේක්හවුසිය කලේ පවතින ආණ්ඩුවේ රෙදි හේදීම. ඩෝබිල දැන් ලෝකයෙන් තුරන්ව ගිහිල්ල. ඉතින් ලේක්හවුසිය නව ආරක රැකියාවලට පුරුදු විය යුතුය. සත්‍ය ප්‍රවෘත්ති කාලීන මාධ්‍ය මෙහෙවර අවශ්‍යයි.ඩෝබිල ගෙදර යන්න හෝ සියදිවි නසාගන්න ඕන. නවීන තාක්‍ෂණය යොදා දැන්වීම් කලාව කරන්න…

  3. JR says:

    ලොක්කො විතරක් නෙමෙයි, ඕකෙ ඉන්න ඕන කෙනෙක් ඒ වගේ වෙන්න පුලුවනි…

  4. upasaka says:

    Lake house lokko mayinage yaluwa. Eka wagema HORU. Atha paya kadamu

  5. FOLLY says:

    මුලු ලංකාවේම සෑම කෙනෙක්ම හොරකමට ඇබ්බැහි වෙලා. රජයේ වේවා, පුද්ගලික වේවා, සැම සියලු කෙනෙක්ම හොරකම් කරනවා, අඩුගානේ කන්තෝරුවේ ඇල්පෙනෙත්තක හරි. හෝටලේ,බේකරියේ,සාමානය කඩේ, ඔය හැමතැනකම හොරකම වෙනවා. මුදලාලිලා බදු වංචා කරනවා, හොරට කිරනවා, බාලබඩු විකුනනවා. මේ විදිහට පොඩියට කරන හොරකම්වල අවසානය මිලියන, බිලියන වලින් එකතුවෙලා රටම විනාශ වෙනවා. හොරු මහා පරිමාන, මධයම පරිමාන , සුලු පරිමාන මට්ටම්වල ඉන්නවා. හැබෑයි ඒ හැම එකාම හොරු. අපේ ආකල්ප වෙනස් වෙනකම් රටට ගැලවුමක් නැහැ.

  6. Citizen says:

    ලංකා බැංකුවේ AGM සුරේඛා මැතිණිය ගැන අල්ලස් කොමිසමෙන් සොයා බැලුවොත් හොඳ නැද්ද . ජනතා මුදල් රාජපක්ෂ බැලයොන් ට පිනට දෙන්න පුදුම මහන්සියක් ගන්නේ සුරේඛා මැතිණිය …

Main News