ලේක්හවුස් විකුණන්නේ නෑ..

August 3, 2022 at 8:02 am | lanka C news
ලේක්හවුස් විකුණන්නේ නෑ..

ලේක්හවුස් ආයතනය හෝටලයක් බවට පත් කිරීමට හෝ විකුණා දැමීමට හෝ රජය කිසිදු තීරණයක් ගෙන නැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක පළ කර තිබූ පුවත බොරුවක් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජාතියේ පත්තර මහගෙදර වන ලේක්හවුස් ආයතනය සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගැනීම තබා ඒ පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ ආණ්ඩුව කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නැති බව ඇමැති ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.

3,441 views

13 Comments to “ලේක්හවුස් විකුණන්නේ නෑ..”

  1. people says:

    පත්තර මුද්‍රණාලයක් අගනුවර මැද්දේ තිබීමට කිසිම අවශ්‍යතාවක් නෑ. අනිවාර්යයෙන් ඕක හොටලෙකට තමයි සුදුසු. අපි සිස්ටම් චේන්ජ් කියුවේ ඕකට තමයි . ලේක් හවුස් මුද්‍රණාලය හෝමාගම පැත්තට හරි වාද්දුව පැත්තට හරි අරන් ගිහින් රටට වැඩක් ඇති ආදායම් උපදවන කාර්යකට ඒ ගොඩනැගිලි පාවිච්චි කරන්න. එකම දේ ඒවා දෙනකොට රටට වැඩදායි ලෙස විනිවිධභාවයකින් (කොමිස් ගන්නේ නැතුව) තමන්ගේ හිතවතුන්ට දෙන්නේ නැතුව සාධාරණ ලෙස කරන්න. එච්චරයි. රනිල්ගෙන් බලාපොරොත්තුවෙන්නේ ඒක. හැබැයි රනිල්ට දුක ඇති ඕක දෙන්න, මොකද පස්සේ ජනසතු කරලා රජයට ගියාට ඔය ගොඩනැගිල්ල හැදුවේ විජේවර්ධන් පවුලේ එයාගේ සීයානේ.

    • හොඳම කෙනා says:

      වහාම වැඩක් නැති නාස්තිකාරී රාජ්‍ය දේපල ප්‍රතිවුහගත කරන්න. කල් මරන්න එපා. එකමදේ විනිවිධ භාවයකින් කරන්න. එචරයි. ශ්‍රීලන්කන් එයා පසුගිය කාලයට රුපියල් බිලියන 250කට අධික මුදල් පාඩු ලබලා . රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් හදන්න තිබ්බ සල්ලි. මේවා වහාම පුද්ගලික් කරණය කරන්න. බොරු දේශප්‍රේමී වැඩ කරන්න එපා. රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි වලින් පිටටර දාලා තියන කොම්පැනි වලට නම් කොහොමවත් දෙන්නත් එපා. නිවු ෆොට්‍රස්, ගල්ෆ් ඔයිල්, ඩුබායි මැරියට්, සොෆ්ට් ලොජික්, උගන්ඩාවේ සමාගම්, ෆොරෙන්ටෝනෝ ටයර්, ආසියාවේ ලොකුම සිමෙන්ති කම්හල වගේ.

      • saman says:

        ගොන් කතා කියන්න එපා නොදන්න දේවල් ගැන කතා කරන්න එපා ලේක්හවුස් එකට කිසිම මුදලක් රජයෙන් දෙන්නෙ නෑ මේකනෙ නඩත්තු වෙන්නේ රජයේ සල්ලි වලින් නෙමේ හරියට නොදැන ගොන් අදහස් පල කරන්න එපා ලේක්හවුස් ආයතනයේ සේවකයින්ට පඩි ගෙවන්න රජයෙන් සල්ලි ගන්නෙ නෑ ආයතනයම උපයාගත් මුදලින් පමණයි මේක යැපෙන්නේ නොදන්න දේවල් ගොන් කව තිබ්බට කමෙන්ට් වලට පල කරන්න එපා

        • GU-VP SAKKILI says:

          අනේ බොල saman ගොන් ජේවීපී වහන්සෙ. උබ දන්නවද ලේක් හවුස් පත්තර විකිනෙන ප්‍රමානෙ අඩු ගානෙ උබවත් සල්ලි දීල ලේක් හවුස් පත්තරයක් ගන්නවද? උන්ට පඩි ගෙවන්නෙ මහා භාන්ඩාගාරෙන්. දන්නෙ නැත්නම් ඉගෙන ගනින් මී හරකා

      • nilanga says:

        ගොන් කතා කියන්න එපා නොදන්න දේවල් ගැන කතා කරන්න එපා ලේක්හවුස් එකට කිසිම මුදලක් රජයෙන් දෙන්නෙ නෑ මේකනෙ නඩත්තු වෙන්නේ රජයේ සල්ලි වලින් නෙමේ හරියට නොදැන ගොන් අදහස් පල කරන්න එපා ලේක්හවුස් ආයතනයේ සේවකයින්ට පඩි ගෙවන්න රජයෙන් සල්ලි ගන්නෙ නෑ ආයතනයම උපයාගත් මුදලින් පමණයි මේක යැපෙන්නේ නොදන්න දේවල් ගොන් කව තිබ්බට කමෙන්ට් වලට පල කරන්න එපා

        • GU-VP SAKKILI says:

          ඇයි සක්කිලි ජෙප්පා නම් ගොඩකින් පච කමෙන්ට් දාන්නෙ. ලේක් හවුස් එකෙන් පින් පඩි ගන්න ජෙප්පො ගොඩක් ඉන්න බව අපි දන්නව.

  2. Banda says:

    Relocation of its operations outside city limit s make lots of commercial sense. There is no justification for maintaining a printing press at that location.

    • nilanga says:

      ලේක්හවුස් ආයතනය රජයේ මුදල්වලින් නෙමේ නඩත්තු වෙන්නේ ආයතනය විසින්ම උපයාගත් මුදලින් තමයි සේවකයින්ට පඩි ගෙවන්නේ මිනිස්සු හිතන්නේ මේක රජයේ පාඩු ලබන ආයතනයක් කියලා ඇත්තටම මේක ප්‍රයිවට් ආයතනයක් ඉහළ නිලතල දරන අය විතරක් රජයෙන් පත් කරනවා රටේ ජනතාවගේ කිසිදු බදු මුදලක් සේවයකයන් නඩත්තු කිරීමට යොදවා ගන්නේ නෑ හුඟක් අය තමන්ගේ ගොන් කමට නොදන්නකමට එක එක කමෙන්ට් දානවා ලේක්හවුස් ආයතනය තනියමම උපයාගත් මුදලින් තමයි සේවකයන්ගේ පඩි ගෙවන්නේ රජයේ කිසිම මුදලක් ලබාගන්නේ නෑ නොදන්න අයට දැනුවත් කිරීම පිණිසයි මේ ටික දැම්මේ

      • GU- Jvp says:

        ඇයි සක්කිලි ජෙප්පා නම් ගොඩකින් පච කමෙන්ට් දාන්නෙ. ලේක් හවුස් එකෙන් පින් පඩි ගන්න ජෙප්පො ගොඩක් ඉන්න බව අපි දන්නව.

  3. john says:

    as it is lake house is useless waste. Selling or making it to a profitable venture is the need of the hour

  4. rob says:

    විකුනන්නෙ මොකටද…මිනිස්සුන්ගෙ බදු වලින්..ඕක අස්සේ ඉන්න පුලන්නන්ගේ බඩ පුරවපල්ලා..

  5. සරත් says:

    බත් ඔතන්න පත්තර නැතුව යනව වැහුවොත්

  6. tester says:

    නොදකිං
    සතුටු වෙන්න පුලුවන් ප්‍රවෘතියක් අහන්න ලැබුන විතරයි ඒ්ක බොරු
    කවදද ඔය අයිස් ගුබ්බෑයම විකුණන්නෙ?