ලේක්හවුස් වෘත්තීය සමිති නායකයන් 06ක් පොලීසි කැඳවයි.. වැඩ තහනමකට සූදානම්..?
January 3, 2019 at 8:40 am | lanka C news
රාජ්‍ය මාධ්‍ය ආයතනවල වෘත්තිය සමිති නායකයන් 06 දෙනෙකු අද පෙරවරුවේ කොටුව පොලීසියට කැඳවා ඇත.
ඒ පසුගිය වසරේ දෙසැම්බර් 23 දා එජාප කෝට්ටේ මහ නගර සභා මන්ත්රීනී හර්ෂනී සඳරැවනි සහ දෙහිඕවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී සජිත් චන්දන ඇතුළු කණ්ඩායමක් ලේක්හවුස් ආයතනයට ඇතුළුවිමට ගත් උත්සාහය මැඩපැවැත්වීමට උත්සාහයයේදී ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙනි.
චන්දන බණ්ඩාර, තිස්ස ධම්මික, ගයාන් බණ්ඩාර, රජිත නිරෝෂණ, තිස්ස කුමාර, රාජපක්ෂ යන වෘත්තීය සමිති නායකයන් මෙලෙස පොලිසියට කැඳවා තිබේ.
මේ වෘත්තීය සමිති නායකයන් වැඩ තහනමට ලක්කිරීමට සුදානමක් ඇති බව ලේක්හවූස් ආරංචි මාර්ග පවසයි.
මොන්ගලයා අනාගන්නේ ඕකෙන් තමයි ,
ඒ කියන්නේ ඔක්කෝම සමනල්ලු ටික මකුළු දැල් වල පැටලෙන්නයි යන්නේ !!!.
Our salute to Lake House trade union leaders who chased or dogs.
Patriots come forward.