ලේක්හවුස් හමුදා කදවුරක් කරලා..- වෘත්තීය සමිති කියයි..

June 8, 2019 at 6:28 am | lanka C news
ලේක්හවුස් හමුදා කදවුරක් කරලා..- වෘත්තීය සමිති කියයි..

රජයේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ආයතනය වන ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක උපදේශකයකු ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පත් කර තිබේ.

එමෙන්ම ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ආරක්ෂක ලෙස එයා වයිෂ් මාෂල් ලාල් පෙරේරා පත් කොට ඇත්තේ වත්මන් රජය පත් වු පසුවය. එයා වයිෂ් මාෂල් ලාල් පෙරේරා පත් කොට ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි.

මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ලේක්හවුස් ආයතනයට බඳවාගෙන ඇත්තේ මාසික රැපියල් ලක්ෂ 3 ක ( රු 300,000/=) වැටපකටය. එයාර් වයිෂ් මාෂල් ලාල් පෙරේරාට රැපියල් ලක්ෂ දෙකකට ආසන්න වැටුපක් හිමි බව වෘත්තීය සමිති පවසයි.

ලේක්හවුස් ආයතනයේ සේවකයන්ට වැටුප් සහ බෝනස් ගෙවීමට මුදල් නැති බව පවසමින් ආරක්ෂක උපදේශකයකු ලෙස පසුගිය මස විශ්‍රාම ලැබු ජනරාල්වරයා ලක්ෂ 3 ක වැටුපකට බදවා ගැනීම සේවක විරෝධයකට හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදියේදී වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බව වාර්තා වෙයි.

මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු වෙත පමණක් විරෝධයක් එල්ල වී ඇති අතර ලේක්හවුස් ආයතනයේ ආරක්ෂාවට එයා වයිෂ් මාෂල් ලාල් පෙරේරා ලේක්හවුස් ආයතනයේ ආරකෂාවට ප්‍රමානවත් බව වෘත්තීය සමිතිවල අදහසයි.

ලේක්හහවුස් ආයතනය මේ වන විට දැඩි මුදල් ආර්බුධයකට ලක්ව තිබේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රැස දිනපතා පුවත්පතට රැපියල් ලක්ෂ 670 පාඩු ලැබීමය. ලේක්හවුස් ආයතනය ගිය වසරේ රැපියල් ලක්ෂ 1500 පාඩු ලබා තිබේ.

මෙවැනි මුදල් අර්බුදයක් ඇති ලේක්හවුස් ආයතනයට රැපියල් ලක්ෂ 3 ක වැටුපකට මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පත් කර ඇත්තේ ලේක්හවුස් ආයතනය යුධ හමුදා සන්නද්ධ කඳවුරක් බවට පත් කීරීමට දැයි ලේක්හවුස් වෘත්තීය සමිති සහ සේවකයෝ ප්‍රශ්න කරති.

15,412 Viewers

4 Comments to “ලේක්හවුස් හමුදා කදවුරක් කරලා..- වෘත්තීය සමිති කියයි..”

  1. කමල් says:

    ගමේ කුඩා අම්මලාට දරුවන් හදන්න එපා කියලා බලපෑම් උපදෙස් දෙන මිඩ්වයිෆ් ලා (වින්නඹු) ඉන්නවානම් නීතියේ රැහැනට හසු කර දෙන ආකාරයේ ලිපියක් පල කරන්න. සාක්‍ෂි වශයෙන් හඬ පටය පමණක් ප්‍රමානවත්ද?

  2. rahas danawada says:

    Lake house ekata konda Pana tiyana wurteeya samithiyak ne.okkoma political agenda walata Weda wenne. Hitapu dakshayo me anduwa awata passe ain une. Dan inna bahutharaya political game kaarayo. Mama lk eke chairman ge idan athugana sewakaya dakwaama wena deewal hodata dannawa.
    SEELARATHNA SENARATH LA OTHANA INNAKAM MA HINDU MAHATHTHAYATA KATE GIYA. Genu pavinchchi kala. Dan eyage putha KASSA SENARATH ME ANDUWE PORT CITY EKE Project eka baara head MAHINDA MAHATHTHAYALA. GOTABAYALA. NEWATHTA AWATH ME AYA AYE PARANA PUTUWALATA EI. Thawa one tram toraturu ma laga tiyanawa.

  3. Kolla says:

    Innakal Beda gena kama.

  4. Sarath Bandaranayake says:

    Main responsible person of financial problem in Lake House DGM Finance.

    Ex. Branch Branch.
    Kandy

Main News