ලේක්හහවුස් නොසන්සුන්… සේවක සංගමයේ අයිය මලෝට 15000කින් වැටුප් වැඩිවෙති.. සාමාජික සැමට වැටුප් ඉහලට..
February 20, 2019 at 1:20 pm | lanka C news
ලේක්හවුස් ආයතනයේ එක් සේවක සංගමයක සාමාජිකයන් වෙත පමණක් රුපියල් 3000 සිට 10,000 දකවා වැටුප් වැඩිවීමක් සිදු කිරීමත් සමගින් සේවක පිරිස් නොසන්සුන් වී තිබේ.
එම සංගමයේ නායකයන් වන සහෝදරයන් දෙදෙනෙකුට රුපියල් 15000 බැගින් වැටුප් වැඩිවීම නිසා සේවක සංගමයේද සාමාජිකයන් එහි ලේකම්වරයාට චෝදනා කර තිබිණ.
පෙබරවාරි 20 දින වැටුපට අදාල වැඩිකිරීම් කර ඇති අතර ලේක්හහවුස් නීති රීති අනුව වැඩිකරන එක් වැටුපකට පසූ එම වැඩිවීම ඉවත් කළ නොහැකිය.
ලේක්හහවුස් 2018 වසරේ අලාභය රැපියල් මිලියන 150 ක් වූ වාතාවරණයකදී මෙම වැටුප් වැඩිවීම වලක්වන ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේන් ලිඛිතව ඉල්ලා ලිපි යොමු කළද ඊට මැදිහත් වීමක් සිදුව නැතැයිද ලේක්හවූස් වෘත්තීය සමිති පවසයි.
මෙම වැටුප් වැඩිවීම සිදු කර ඇත්තේ ලේක්හවුස් සමස්ථ සේවක වැටුප් වැඩි කරන සාමූහික ගිවිසුම ක්රියාත්මක නොකර බැවින් ලේක්හවුස් සේවකයන් වෘත්තීය සමිති දැඩි තීන්දුවක් ගැනීමට නියමිත යයිද වාර්තා වෙයි.
සුහන්දිරම් කියන ලන්කාවෙ සර්ව සාදාරන නීතිය. උතුරෙදි OIC අත් අඩන්ගුවට දකුනෙදි මාද්යවේදියාගෙ කන පලන නාවික හමුදාපති නොදැක ඉන්න. එතකොට ලන්කාවෙ කේබල් රූපවාහිනී කියල එකක් නීතියෙන් වලන්ගුද ?