ලේ විලක් කරා රට ගමන් කරමින්…

September 19, 2022 at 3:00 pm | lanka C news
ලේ විලක් කරා රට ගමන් කරමින්…

ඉදිරි මාස තුන හතර ඇතුළත වඩාත් දරුණු හා සංවිධානාත්මක ලෙස. ජනතා අරගල පරිවර්තනය වී ලේ වැකි අනාගතයක් කරා රට තල්ලු වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර පැවැසීය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ ඉකුත් දා පැවැති තිරසර ප්‍රතිපත්ති හා ජාතික පොදු වැඩපිළිවෙළක් උදෙසා තරුණ සමුළුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

කවුරු හරි හිතනවා නම් මේ අරගලය මෙතැනින් ඉවර වුණා කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්.

තව මාස තුන හතරක් ඇතුළත මීට වඩා දරුණු ලෙස සංවිධානාත්මක ලෙස මෙයට වඩා ලේ වැකි අනාගතයක් කරා යන්න පුළුවන් තැනකට මේක තල්ලු වෙමින් තියෙන්නේ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රෝහල්වලට යනකොටම පුටුවල වාඩි වෙලා ඉන්න අය දකිනවා. ඒ අයව ගන්නේ ‘සනීපාරක්ෂක කම්කරු’ කියලා.

ඒ වැඩේ කරන්න ලංකාවේ සුද්ධ කිරීමේ ආයතනයකට බිලියන දෙසීය හැට අටක් ගෙවලා තියෙනවා. ගිය අවුරුද්දේ විතරක්. මේ කෝපා කමිටුවේදී අනාවරණය වූ සිද්ධියක්. විශාල ප්‍රමාණයක් තියෙනවා සුද්ධ කර ගන්න ඕනේ දේවල්. මේවා සුද්ධ කරගන්න කොන්දක් තියෙන දේශපාලනඥයෝ නැතිකම තමයි අපිට තිබුණු ප්‍රධාන අර්බුදය.

කවුරු ජනාධිපති, අගමැති වුණත් සියලු පක්ෂ එකතු වෙලා මේ තීන්දුවට දැන්වත් එන්න පුළුවන් නම් හොඳයි. අපිට යළි අවස්ථාවක් එන්නේ නැති වෙයි. පනහක් හැටක් එකතු වෙලා කරන විනාශයක ප්‍රතිඵලයක් විධියට මුළු දෙසිය විසිපහටම බැනුම් අන්න වෙලා තියෙන්නේ.”

සවනි ශේශාධි
– Mawbima

29,627 views

11 Comments to “ලේ විලක් කරා රට ගමන් කරමින්…”

  1. And pau says:

    මෛත්‍රි ඉන්නක් පොලොන්නරැවෙ උන්ට රස්සා දුන්නෙ

  2. kumara says:

    Ugath Lawyer kenek neda me katakaranne. Attenma Oya mahattayage, Mithreege Sarath Ponsekage aramuna eka neda?

  3. SL says:

    සෞඛ්‍ය ක්ෂේත්‍රයට රටේ බජට් එකෙක් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් වෙනවා .නමුත් එයින් 30-40% වත් මහජනතාවට බෙහෙත් දෙන්න යනවද කියන එක තමා ප්‍රශ්නේ.

    බෙහෙත් පෙත්තේ ඉඳල හොරා කන උන් ඉන්න රටක් මේක.පහලම සේවකයාගේ ඉඳල රටේ ඉහලම මිනිහට යනකල් හොරා කන එක දෙපාර්තමේන්තුවක් .

    උඹ ඔය කියන තරම් සුද්දවන්තයෙක් නොවේ. උඹ ගේ ගෙවල් ,ඒවාට ගත්තු භාණ්ඩ, ඉඩම් ,කොහොමද හම්බ කරගත්තේ කියල කියපන්.

    උඹල සැප විඳින්නේ රටත් ජනතාවත් හිඟන්නෝ කරලා

    • මෙන්න රටවල් says:

      ඉන්දියාවේ – ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ විදුලි බිල් නොගෙවූ පිරිස් වෙත සමාව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
      ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මේ යටතේ දීර්ඝ කාලයක් තිස්සේ විදුලි බිල් නොගෙවූ ගෘහස්ත පාරිභෝගිකයන්ට මෙන්ම විවිධ ආයතන වෙත පනවා ඇති පොලී, දඩ මුදල් මෙන්ම ඇතැම් හිඟ ගාස්තු ද අහෝසි කිරීමට පියවර ගෙන ඇති බවය.
      මාසික විදුලි බිල්පත් නිසි ලෙස නොගෙවීම නිසා ප්‍රාන්තයේ විදුලි සැපයීම අර්බුදයකට පත්ව ඇති බවත්, විදුලි සැපයුම් ක්ෂේත්‍රයේ වියදම ආදායමට වඩා බෙහෙවින් වැඩි බවත් සඳහන් වේ.

  4. Shanaka Nihal says:

    වෙඩිතියපල්ල ඕකුන් හැම එකාටම. ඔහොම පාරවල් වහ වහ, ගිනි තිය තිය රටවල් හදන්න බෑ. රට කඩාකප්පල් කරන්න පාරට බහින ඕනෙ එකෙක් මරන්නම ඕනෙ.

    • Shanaka Nihal says:

      මම හරි ආසයි හොරා කන අපේ සර් ලාගේ අවුරුදු ගනන් ගෙවලා නැති කෝටි ගනන් කරන්ට් බිල් වතුර බිල් ගෙවන්න. අපි අපේ සර් ලාගේ වහල්ලු. ඒවා ගෙවලා එතුමන්ලාට ප්‍රයිවට් ජෙට් අරන් තිරුපති යන්න මවුන්ට් එලිසබත් එකෙන් බෙහෙත් ගන්න වියදම් කරන එක අරේ වගකීම. වස චුට්ටක් කාලා හරි අපි එතුමන්ලාට සැප වාහන අරන්දෙන්න ඔනේ. අපිට නැති උනත් අපේ සර්ලාට දුක් විඳින්න දෙන්න බෑ.

      • Shanaka Nihal says:

        අනේ පලයන් යකෝ යන්න. වරෙල්ලකො මේ පාර, එකා ගානේ බාවන්නෙ

  5. Deshappaaluwo says:

    මෙයත් ඇතුළුව සියළුම දේශපාලුවෝ එසේ සිදුවන සෑම මරණයකටම වග කිව යුතුයි.

  6. වෙබ් බුවා says:

    ඔව් එවැනි අරගලයක් ඇතිවුනොත් මුලින්ම ලේ හැලෙන හොඩට මෙයත් ඇතුලත් වෙන්න ඉඩ තියෙනවා

  7. ඩයා ෂිරි. ..ෂිරි ෂේන කිරි ....කටේ කැකිරි දිවේ වසූරු.... says:

    ලංකාවට ඕනේ අච්චාරු දියාරු ගෙම්බො වගේ පනින පාලකයන් නොවෙයි. කොන්ද තියෙන කෙලින් වැඩ කරන්න පූලූවන් තීරණ ගන්න පූලූවන් පාලකයන් එකයි. ආඩි හත් දෙනාගෙ කැද හැලිය වගේ අන්තිමට මූකූත් නෑ. හැත්තෑ අවූරුද්දක්ම කලේ ඒ ටික තමයි බාප්පෙ.ඩයා ෂිරි. ..ෂිරි ෂේන කිරි ….කටේ කැකිරි දිවේ වසූරු….උඹත් එහෙමම තමයි.කූණූ තක්කාලි වට්ටිය.

  8. David Milli-banda says:

    Oh yes. Uncle Samson pushing the Country in this direction late 80s with the assistance of the Jeps.
    Jeps promotion in Mataram visted by Julian chunga and praising.

    Our disunity………………. is a curse to us. People yet to realise. They still looking for bones to be thrown at them

Main News