ලොක්ඩවුන් තීන්දුව අද හවස හෝ හෙට විය හැකියි..- කැබිනට් ප‍්‍රකාශක

May 4, 2021 at 3:00 pm | lanka C news
ලොක්ඩවුන් තීන්දුව අද හවස හෝ හෙට විය හැකියි..- කැබිනට් ප‍්‍රකාශක

සංචරණ සීමාවන් පැනවීම සිදු කරන්නේ කොරෝනා රෝගීන් වාර්තා වීම ගැන සිදුකරන ලද විශ්ලේෂණයකින් පසු වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

පවතින තත්වය හමුවේ සංචාරණ සීමා පැනවීම ඕනෑම මොහොතක සිදුවිය හැකි බවත් එම තීන්දු ගනු ලබන්නේ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් බවත් ඇමතිවරයා පැවසීය.

‘ඒ තීරණය අද හවස හෝ හෙට වෙන්න පුළුවන්’ යයිද ඇමතිවරයා කියා සිටියේ රට පූර්ණ ලෙස වසා නොදමන්නේ මන්දැයි මාධ්‍යවේදියකු විසින් කළ විමසීමේ දී ය.

කෙසේ වෙතත් මේ වන විට ආසාදිතයන් වාර්තා වන ප්‍රදේශ වලට පමණක් සංචරණ සීමා පැනවීම සිදුකරමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළේය.

120,472 views

12 Comments to “ලොක්ඩවුන් තීන්දුව අද හවස හෝ හෙට විය හැකියි..- කැබිනට් ප‍්‍රකාශක”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ආණ්ඩුවේ අට පාස් තැබෑරුම් ජොනී කොරෝනා අපේ පාලනේ ඔක්කොම හරි කියාල දවස් දෙකක් ගියේ නෑ.ලෝක වසන්ගතයක් ගැන තීරණ තීන්දු ගන්නෙ මේ වගේ මොට්ටපාල හොරු නම් රටකට අබ සරණයි.

  2. කුඹුක්කණ් says:

    හෙළ ඔසුව දුන්නනම් මෙලහට කොරෝනා සනීපයි. ජනපතිතුමා ඇතුලු ඇමති මන්ඩලයම හෙළ ඔසු තමා අරන් ඉන්නෙ. ඒකයි එයාලට කොරෝනා හැදෙන්නෙ නැත්තෙ.

  3. රන්බණ්ඩා says:

    අපේ මිනිස්සුන්ට නැකතට කිරිබත් උයලා කාලා රතිඤ්ඤා පත්තු කරන්න පුළුවන් නං,
    නැකතට හිසතෙල් ගාලත් රතිඤ්ඤා පත්තු කරන්න පුළුවන් නං,
    මේ රට කොරන එවුන්ට බැරිද බොලව් දවසට තුන් පාරක් එක වෙලාවකට රටේම උන්ට හුමාලෙ අල්ලන්න කියන්න විනාඩි පහක්වත් ඉන්න තැනක ඉඳන්?
    අඩුම තරමින් දවස් පහක්වත් රට වහලා මේ වැඩේ කෙරුවොත් මුළු රටම දිනුං බොලව්.
    මහ එවුන් මේ ගැන ටිකක් හිතපල්ලකො බොලව්.

  4. Angora says:

    Thawa balagane inna okkoma leda wela samharu merenakam.
    Niyapotthen kappana puluwan de porowen kapppanna balang inne!!!
    Klein welawata Thirana ganna bari uddachcha minissu saha panditha task force. Doctors , PhI, task force saha health ministry ekata weda karanna braida???

  5. නාරද says:

    පිළියන්දල ලොක් ඩවුන් සිද්ධිය වාගේ අඩා තාලයට නොදන්න ගානට කරපුවාම ජනතා විශ්වාසය ‌බිදෙනවා නේද?

  6. sunimal says:

    මෙයට හේතුව බටහිර වෙදකමේ දියුණුව. ලැජ්ජයි

  7. ප්‍රිමියෝ එකේ එන සමෘධි ලාබි says:

    හපොයි වදින්නම් ලොක් කරන්න නම් එපා. අපිට පන්දාහ ගන්න පෝලිමේ ඉඳලා එපා වෙලා. ලොක් කරනවා නම් 5000 බෙදලා ම ලොක් කරන්න.

  8. Jagath says:

    ආණ්ඩුව දැන් පජාත වෙලා තියෙන එකේ ඉතුරු ටිකත් ඇරගෙන ඉමු.

  9. පොල් බූරුවා says:

    හොර ගෑනිත් එක්ක ඉදලා හෝටලෙන් බිමට වැටිලා අත පය කඩාගෙන රජයේ මුදල් කෝටි ගනනක් විනාස කරපු මේ සුනකයා කින දේවල් කවුද පිලිගන්නේ.
    රන්බන්ඩෙි උඹ කියපු දේට මමත් එකඟයි. එ් මොලේ මෙි ගොබ්බ හැත්තට නැහැ.

Leave a Comment

Main News