ලොක්කෙක් අත යට ගේමක… ගුවන්සේවා අධිකාරී අළුත් බිල්ඩිමට බාලගිරි දෝෂය..
August 1, 2017 at 4:40 pm | lanka C news
2015 දෙසැම්බර් 14 වන දින මුල් ගල් තබන ලද සිවිල් ගුවන්සේවා අධිකාරී ගොඩනැගිල්ලේ කටයුතු මේ දක්වා අවසන් වී නොමැති බව වාර්තා වේ.
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ නිමකොට ඇත්තේ සැකිල්ල පමණක් වන බවද සඳහන්ය.
අධිකාරී සේවකයින් පවසන්නේ මෙම නව ගොඩනැගිල්ලේ කටයුතු ප්රමාද කිරීමට හේතුව වී ඇත්තේ දැනට සිටින කුලී ගොඩනැගිල්ලෙන් ඉහල නිලධාරියෙකු පුද්ගලික වාසි ලබාගැනීම බවයි. ඒ හේතුවෙන් නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කිසිදු ඉක්මනක් නොමැති බවද ඔවුහු කියති.