රටම ලොක්ඩවුන්ද..? අවසන් තීන්දුව තව ටිකකින්.. තීරණාත්මක හමුව කැදවයි…

May 10, 2021 at 1:20 pm | lanka C news
රටම ලොක්ඩවුන්ද..? අවසන් තීන්දුව තව ටිකකින්.. තීරණාත්මක හමුව කැදවයි…

පවතින තත්ත්වය මත රට පූර්ව වශයෙන් වසා දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන යෝජනාවක් අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

ඒ අනුව පූර්ණ වශයෙන් වසා දමන්නේ ද අර්ධ වශයෙන් වසා දමන්නේ ද යන්න ගැන එහිදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත ය.

රටේ ආර්ථිකයට බලපෑමක් නොවන ලෙස එම ක්‍රියාමාර්ග ගැනීම ගැන සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මේ අතර රට වසා දැමීමකට සූදානමින් සිටින ලෙස අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප‍්‍රධානීන් මේ වන විටත් දැනුවත් කර ඇත.

140,027 views

17 Comments to “රටම ලොක්ඩවුන්ද..? අවසන් තීන්දුව තව ටිකකින්.. තීරණාත්මක හමුව කැදවයි…”

  1. කුඹුක්කණ් says:

    රට වහගෙන පිස්සු නං කෙලින්න එපා. බටහිර බෙහෙත් නැත්තං ආයුර්වේදෙට දෙන්න, බටහිර වෛදය වරුන්ගේ නොහැකියාවට රට වහන එක මෝඩ වැඩක්

    • Hi says:

      ඉතින් ආයුර්වේද වෛද්‍යවරුන් ට මාධ්‍ය සාකච්ඡා වක් කැදවල රටට කියන්න පුලුවන් නෙ කොරෝනා ලෙඩ්ඩුන්ට ආයුර්වේද රෝහල්වලට එන්න කියන්න.
      දැනුත් ලෙඩ්ඩු වෙන රෝගවලට ආයුර්වේද යට යන්නේ බටහිර වෛද්‍ය වරුන් ගෙන් අහලද?
      ඇමතිට පුලුවන් යටිතල පහසුකම් දෙන්න.
      කොරෝනා ලෙඩ්ඩු ත් එයි.මොකද ඒ අයත් ඉන්නෙ ගෙවල්වලින් දැන්.
      ඒ වගේම ආයුර්වේද අයටත් කියන්න පුලුවන් බටහිරට වඩා සාර්ථක බෙහෙත් තියෙනවා කියලා මිනිස්සු සුව වෙන ප්‍රමානය පෙන්නලා.
      ඔන්න දැන් තමා අවස්ථාව ආයුර්වේද යට හා හෙල වෙදකමට.

      • කුඹුක්කණ් says:

        Hi උන්නැහේ නොදන්නවද , නොදන්නවා වගේ ඉන්නවද දන්නෑ

        කොරෝනා වලට ප්‍රතිකාර කරන්න ආයුර්වේද වෛද්‍යවරු අවස්ථාව ඉල්ලුවා, දැනට නීත්‍යානුකූලව ආයුර්වේද වෛද්‍යවරයෙකුට මේ සඳහා ප්‍රතිකාර කරන්න බෑ.
        කලොත් නීතිය අනුව හිරේ දාන්න පුලුවනි.

        ඔබතුමාට කොරෝනා හැදුනත් , ඔබතුමා කැමති උනත් අකමැති වුනත් ඔබට ප්‍රතිකාර ලබා ගන්න වෙන්නෙ බටහිර ඇලොපති ප්‍රතිකාර පමණයි.
        ඒක වෙනස් කරන්න කියලා තමා මේ කෑ ගහන්නෙ.

        • කයියා බය says:

          එතකොට දැන් මේ කාලි අඹුඩ පැණිය , ritigala පැණිය , මුට්ටි පැණිය , අංගම්පොර පැණිය , ඒව දුන්නෙ උඹෙන් අහල ද ?

        • Hi says:

          මම අදයි දන්නේ ආයුර්වේද යට කොරෝනා වලට බෙහෙත් කරන්න තහනම් කියලා.
          එතකොට ගම්පහ වික්‍රමාආරච්චි එකෙන් හදපු කොරෝනා බෙහෙත්/එතකොට අම්බලන්ගොඩ පැත්තේ වෙද නෝනා කෙනෙක් හදපු බෙහෙත් වලට නඩු දැම්මද?
          නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් හත් පට්ටයයි කිව්වා වගේ කතාවක් මේක. ආයුර්වේද දොස්තරලාටයි හෙල ඔසු වෙද මහත්තුරුන්ට මොකද බෙහෙත් කරන්න බැරි. ඒක දිවා රෑ නැතුව මහන්සිවන බටහිර වෛද්‍ය සේවයට ලොකු සහනයකුත් වෙයි.
          ඇත්තටම පුලුවන් නම් කොරෝනා සුව කරන්න දැන් තමයි වෙලාව දේශිය වෙදකමට.
          රජයත් මේ අවස්ථාවේ සතුටුවෙයි මේ ගැන.
          අපිට අවස්ථාව ක් නැතෝ /දෙන්නේ නැතෝ කියලා කිය කියා ඉන්නේ නැතුව වැඩ කරලා පෙන්නන්න.

          • කුඹුක්කණ් says:

            වික්‍රමාරච්චි එකේ බෙහෙත් දෙන්නෙ මොන ඉස්පිරිතාලෙක ඇතුලත් වූ රෝගීන්ටද?
            වෙද නෝනාගේ බෙහෙත් දෙන්නෙ කොහෙද IDH ද ?

            ටිකක් හොයලා බලන්න කො, නැත්තං අදුනන බටහිර වෛද්‍යවරයෙක් ගෙන් අහන්නකො , ඔය ආයුර්වේද දෙපාර්තමේන්තුවෙ අනුමත බෙහෙත් ඉස්පිරිතාල වල දෙන්න පුලුවන්ද කියලා.

            නැත්තං ආයුර්වේද වෛද්‍ය තුමෙක්ගෙන් අහන්නකො මොන ආයුර්වේද රෝහලේද කොරෝනා ලෙඩ්ඩු දාලා කොරෝනා වලට බෙහෙත් කරන්නෙ කියලා.

            නොදන්න කම ආභරණයක් කරගන්න ගියාම , ඒක ප්‍රදර්ශනය වෙන එක වලක්වන්න බෑ

  2. Senarath says:

    අනේ මන්ද, ගාමිණී ලොකුගේ බෑ කියයිද දන්නෑ

  3. වෙල්ජෝන් says:

    Sure එකට චීනෙන් නියෝගයක් එන්නට ඇති රට lockdown කරන්න කියලා…

  4. අපි ගොන්නු නොවේ.......! says:

    රටම ලොක්ඩවුන් කලාම එහෙම කරන්න කියන එවුන්ගෙ ඇට ලෙවකාලද ජහමනතාව ජීවත්වෙන්නෙ….පාර්ලිමේන්තුව වහලා ඒකට යන වියදම ජනතාවට බෙදලා දෙන්න

  5. මෝඩ බයියා says:

    කෑම බීම බඩු නිකන් දෙනව වගේ ලාබයි අනික බන්දුල සෑර් ගේ ලගටම ගෙනත් දෙනව අතේ සල්ලි නැත්තන් පන්දාහෙ කොල අච්චු ගහල බෙදනව ඉස්පිරිතාල නැති එකට රට වටේ අපේ බයි මල්ලිලා ඇදන් හදනව .අනික වයිරසේ අලුත් තත්වෙ කොහොමද ලෙඩ්ඩු කොච්චරද වගේ එව්ව දොස්තරල පී එච් අයි ලාටත් වඩා හොදට ටෙස්ට් නොකරම වයිරස් එක්ක යාලු වෙලා අපිට කියල දෙනව ජොනී තුමා ප්‍රසා තුමා එහෙම.හමුදාවට තුවක්කු බෝම්බ දීල රෙඩි කරල තියෙන්නෙ වයිරසේ කියනදේ ඇහුවෙ නැත්තම් කුඩු වෙන්ට තියන්ට.අපිට මොන ප්‍රශ්නද සෑර් ලොක් කරල දාන්ට ඔන්න ඕක.දෙරණෙ හිරු එකේ නිවුස් ටික බලද්දි පොඩි කාලෙ බලපු සුරගන කතා කරලිය මතක් වෙනව.ඕකත් බලන් අපි ආතල් එකේ ඉන්නම්

  6. වයි දිස් කොලවෙරි says:

    රැලි 2ක් ආවත් ලන්කාව හෙල්ලුනේ නෑ. බුදු සසුන ලොක්ඩවුන් කරණ පනතක් කෙටුම්පත් කරන්න ගත්තා විතරයි රටම ලොක්ඩවුන් කරන්න උනා.

    • කුඹුක්කණ් says:

      කොරෝනා වලට ආයුර්වේදය ගන්න නීති හදන්න හදිසියක් නෑ, ත්‍රිපිටකය දහ පාලොස් දෙනෙකුට ඕන විදියට අර්ථ ගන්වන්න පනත් ගේන්න පුදුම හදිසියක් තියෙන්නෙ.

  7. Moscow says:

    People who clamoured for lockdown will now agitate the people against it.

    Who will feed the poor people who cannot earn? Think before you act.

  8. Nammbee says:

    සජිත් හිටියා නම් අදත් වෙළඳ ඇමති රිෂාඩ් බදියුදීන්. එහෙනම් toy යන්ට අරාබියෙන් කන්න ගෙනැත් දෙන වා බෝම්බ එක්කම

  9. ලොකුගේ says:

    ලොකුගේ මොනවා කියයිද දන්නේ නෑ

  10. Dengu Nona says:

    Ara baas unnahege paniya prawardhanaya karamu. okkotoma kelawenna!

Main News