ලොක්ඩවුන් ඉවතට.. නව සංචරන සීමා මෙහෙමයි..

September 15, 2021 at 10:00 am | lanka C news
ලොක්ඩවුන් ඉවතට.. නව සංචරන සීමා මෙහෙමයි..

එන සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළඹෙන සිකුරාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ දී ගන්නා බවද ඔහු කියා සිටියේය.

රට විවෘත කරන ආකාරය ගැන නිර්දේශය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ජනාධිපතිවරයාට මේ සතිය තුළ බාර දෙනු ඇති බව ද ඔහු පැවසීය.

එම නිර්දේශ අනුව රට විවෘත කරන ආකාරය තීරණය කරන බවද ඔහු පවසයි.

රට විවෘත කළ ද පළාත් අතර සංචරන සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට සිදුවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

427,021 views

21 Comments to “ලොක්ඩවුන් ඉවතට.. නව සංචරන සීමා මෙහෙමයි..”

  1. ඒ.ඩී.සිරිසේන විශාමික විදුහල්පති says:

    මම උදේ සවස නිහඬව බුදුන් වැඳ භාවනා කරන විශ්‍රාමිකයෙක්. රටට සෙත්පතායැයි පන්සලෙන් කරන මහා කාලගෝට්ටිය මාගේ නිවන් සුවපතා සිදුකරන ආගමික වතාවත්වලට මහත් භාධාවකි. පින් ඇති පාලකයෝ මේ පිලිබඳව සොයා බලත්වා.

    • Edwin says:

      Loudspeaker වලින් ආගම් ඇදහීම වහාම තහනම් කළ යුතුය.

      • සාරා says:

        අනෙක මෙනිසා සාමාන්‍ය ජනජීවිතයට මොනතරම් හිරිහැරයක් ද…අප නිවස අසල පුද්ගලික දෙවාලය ක් පවත්වාගෙන යන අයෙක් උදෙ සිට රෑ වන තුරු කරන ශබ්ද දූෂණය පිළිබඳව 2019 සිට පැමිණිලි නොකල තැනක් නැහැ. අපි අසරණයි.,..කිසිම සහනයක් නැහැ.

        • Asanka says:

          you people should go to another country, This is Sri Lanka, We are used to this from our childhood. It’s the culture of this country,

    • විජිතසිරි - මරදාන says:

      ඔබට ළඟම පොලීසියේ පරිසර ඒකකයට පැමිණිලි කරන්න. අපි එහෙම කරලා ලඟ පල්ලියෙයි , පන්සලෙයි , කෝවිලෙයි තුනේම ලවුඩ්ස්පීකර් විලාපය නැවැත්තුවා…

    • හෙලයා says:

      මමත් ඇතුලු තවත් බොහෝ දෙනා උදෑසන බණ භාවනා කරනවා…. කරුනාකර ඔය මෝඩ ලෞඩ්ස්පිකර් මිත්‍යාව නවතන්න ඔය හාමුදුරුවන්ට කවදා හරි සසරෙන් ගැලවෙන්න ඒකම හේතුවක් වේවි. අපට රන් හා සමාන.උදෑසන හෝරාව බුදු දහම පිලිබදව අල්පමාත්‍රයක් වත් නොදන්නා සිවුරු දාරීන් විසින් අදහන ලවුඩ්ස්පිකර් බුද්ධාගම නිසා අපිට අහිමි වෙනවා ඒක ඔය මිත්‍යා මත දාරීන්ට විසාල.පාපයක් ගෙන දෙනවා..

    • Susil Premathilaka says:

      අපෝ එකනම් ඇත්ත. පින් බත් ගිලින අමන හිමි වරුන් කරන අමන ක්‍රියාවකි. අපිත් ඔය තත්ත්වයෙන් හිටියා.

  2. සාරා says:

    බණ්ඩාරවෙල නගරයෙ කාලි හිමිකරුට ශබ්ද දූෂණය සදහා මෙතරම් බලතල ලබා දීම කණගාටුවක්….

  3. Helays says:

    Mehami pansal Wala rathana suthraya Dan eka lowdspeeker walin godak hodai mokada API gewal Wala ahanne nha ehama deyak karana kotath ewata akul helanna epa… 🙏🙏🙏🙏🙏🙏

  4. රන්බණ්ඩා says:

    කොහෙද බොලව් රටේ ලොක්ඩවුමක් තියෙන්නෙ අද?
    මහපාරෙ හැම තැනම වාහනයි, මිනිස්සුයි පිරිලා.
    කුලී වැඩක් කොරලා එදා වේල පිරිමහගත්තු එකා විතරයි ගෙදරටම ලොක්ඩවුන් වෙලා ඉන්නෙ.
    රටේ තව මොනවා අරින්නද?
    මුන් හැත්ත එකතු වෙලා, හැම තැනකම, හැම තැනකටම ඇරලා තියෙන ඇරිල්ල තව මදිද බොලව්?

  5. lolla says:

    Uniform එකක් ඇඳගෙන මේ තරම් විහිලු සපයන කෙනෙක් දැක්කමයි…… ලංකාවේ ඉතිහාසේ එකම bite Commander

Leave a Comment

Main News