ලොක්ඩවුන් ඉවත් කලේ කවුද..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පරීක්‍ෂණ කණ්ඩායමක් පිලියන්දලට යවයි..

May 5, 2021 at 11:23 am | lanka C news
ලොක්ඩවුන් ඉවත් කලේ කවුද..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පරීක්‍ෂණ කණ්ඩායමක් පිලියන්දලට යවයි..

පිළියන්දල පොලිස් වසම පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කර තිබියදී එහි සීමා ඉවත් කිරීමට දේශපාලනඥයෙකු මැදිහත් වූයේ යැයි එල්ලවන චෝදනා ගැන පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ අද දිනයේදී එම විශේෂ කණ්ඩායම එම ප්‍රදේශ බලා පිටත් කර යවන බවයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු, වසංගත රෝග වෛද්‍යවරයකු ඇතුළු මෙම පිරිස පිලියන්දල හා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පිටත් කර යවන බවත් ඔහු පැවසීය.

30,912 views

18 Comments to “ලොක්ඩවුන් ඉවත් කලේ කවුද..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පරීක්‍ෂණ කණ්ඩායමක් පිලියන්දලට යවයි..”

  1. පුත්ත්ලම් පූට්ටු බූරුවා says:

    දැන් කරන්න හදන්නේ අතීසාරයට අමුඩෙ තද කරනවා වගේ වැඩක්. තමන් ට තමන්ගේ රැකියා ව කරන්න බැරි නම්, තමන් දෙන නියෝග පහළ ඉන්න අය පිළිගන්නේ නැත්නම්, ජනතා ජීවිත පැහැදිලිව ම අවධානමේ දැම්ම නම් කරුණාකර රැකියාවෙන් ඉල්ලා අස්වෙන්න තව පව් නොදී.

  2. පුත්තලම් පුට්ටු බුරුවා says:

    ආයිත් පරීක්ෂණ කරන්න ලබ්#වල් තියෙනවැයි ඕක කෙරෙව්වේ ගාමිණී ⁣ලොකුගේ කියන හාල් පාරුවයි කියලා ඔහේ දන්නෙ නැතෙයි අපි නම් එදාම දැන ගත්තා තමුසෙලා සල්ලි කීයක් හරි වියදම් කොරලා පරීක්ෂණ කකර ඉන්නෙයි කලපනාව…

  3. සනත් ඉතාලිය says:

    චුල්ලොදර මහෝදර සටනෙ ආර්ම්ඹයද?

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    නාකි ලොකුගේටත් බය පඹයොද රට පාලනය කරන්නෙ? ජෙප්පන් මකබෑවේවා. තුන්ඩු බෙදල ජෙප්පො රට ලොක් කලා.

  5. තක්බීර් says:

    හපොයි..අනිවාර්යයෙන් ලොකුගේ ගෙදර ම යයි..

  6. මහින්ද කුණාටුව says:

    එකම රටක් නීති දෙකක්.

  7. Sura says:

    සමහර මහජන නියෝජිතයන් ට රාජ්‍ය ඇමතිකම්, ඇමතිකමි ලැබුණාම මීහරක්
    අං එනවා.
    ඒ අං ආපුගමන් ම ඇනගෙන, ඇනගෙන යන්න උත්සාහ කරනවා. ඒවා මොට කරන එක තමයි මහතැන් වලින් කළ යුුත්තේ.
    එකයි මහජන අපේ බලාපොරොත්තුුව වුණේ වවගේ මවෙන්නේ.

  8. Sura says:

    සමහර මහජන නියෝජිතයන් ට රාජ්‍ය ඇමතිකම්, ඇමතිකමි ලැබුණාම මීහරක් අං එනවා. ඒ අං ආපුගමන් ම ඇනගෙන, ඇනගෙන යන්න උත්සාහ කරනවා. ඒවා මොට කරන එක තමයි මහතැන් වලින් කළ යුුත්තේ. එකයි මහජන අපේ බලාපොරොත්තුුව වුණේ වගේ ම, වෙන්නේ.

Main News