ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…

May 11, 2021 at 6:30 am | lanka C news
ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…

හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවල වතු කම්කරුවන් නගර වලට රහසිගතව පිවිසෙන බවත්, හුදකලා කර ඇති එම ප්‍රදේශවලට යුධ හමුදා ආරක්ෂාව ලබාදිය යුතු බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමු වු ලිදුල පොලිස් වසමට අයත් සෙන් කුම්බ්ස් වතු යායේ ආසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් සහ එම ප්‍රදේශවල පදිංචිකරුවන් අතුරු මාර්ග ඔස්සේ ප්‍රධාන නගරවලට පිවිසෙන බව ලිදුල සෞඛය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

හුදකලා කර ඇති සෙන් කුම්බ්ස් වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ලිදුල පොලිසියේ නිලධාරින් විසින් ආරක්ෂාව තර කර ඇතත්, එම වතු යාය තුල පිහිටි අතුරු මාර්ග ඔස්සේ හුදකලා කර ඇති ප්‍රදේශවල වතු කම්කරුවන් තලවකැලේ නගරය ඇතුළු ප්‍රධාන නගර වලට පිවිසෙන බවට තමන්ට තොරතුරු ලැබි ඇති බවයි ජනත් අබේගුණරත්න මහතා කියා සිටියේ.

පොලිස් ආරක්ෂාවට අමතරව හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවලට යුධ හමුදා ආරක්ෂාවද ලබාදෙන ලෙස තමන් ඉල්ලිමක් කල බව ජනත් අබේගුණරත්න මහතා වැඩි දුරටත් පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි (319 – L) ග්‍රාමසේවා වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යාය සහ හැටන් පොලිස් වසමට අයත් ඇන්ෆිල්ඩ් (319-I) ග්‍රාමසේවා වසමට අයත් පොඩයිස් වතු යායට සංචරණ සිමා පනවා ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

73,205 views

14 Comments to “ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…”

  1. tdsolo says:

    Curfew is the best solution for people like this.what a idiot?

  2. ඉන්දික says:

    ඔය පැතිවල ඉන්න එවුන් හිතන් ඉන්නේ මේ ඔක්කොම තමිල්නාඩුවේ චිත්‍රපටියක් කියලා…මුළු ජීවිතේ ම එහෙමයි කියලා හිතන් ඉන්නේ.. පිස්සු යක්කු හදන්න බෑ..

    • MD says:

      උපන් මව්බිමට ආදරය නොකරන වසල නුගත් අපිරිසිදු සිංහල දමිළ මුස්ලිම් ජනතාවනි සමාවෙලා රටින් පිටවෙලා ඕන රටකට තොලොංචි වෙලා යනවද අපිට පව් නොදී.

  3. Nishanthi jayawardana says:

    Mithurani’lagadee dr aurvedic specialist kenek kiwwa corona walata ha anith shareerayata ehuluwana visabeeja walata oroththu dena behethak. Koththamalli 500g walata kaluduru (black seeds) 50g ekathu karala soda hodin viyala aragena kabale bedala kudu karala thiyagena dawasata tea wage warak dewarak bonna.eya coronawatath guani. Obath ath hada balala araksha wenna

  4. උපාසක says:

    ඕක තමයි අපේ රටේ තත්වය. විනයක් නැති ජනතාවක් ඉද්දී කොහොමද රෝගය පාලනය කරන්නේ.

    • Hudson says:

      Ara rata rakina weerayata molasses wine?

      • හඩුසන් says:

        මූනම් ලංකාවේ එකෙක් වෙන්න බෑ. රට ගිනි අරගෙන, මූ ගිනි තපින්න හදනව.

      • උපාසක says:

        පාලකයා කවුරු හිටියත් ජනතාව හැසිරෙන්නේ මෙහෙම නම් මීට වැඩි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ නේද?

  5. lotus says:

    අපරාදේ රජයෙන්
    ඇඳන් දෙන්න මහන්සි වෙන්නේ…ලෙඩාට ඇඳත් අරගෙන ම එන්න කිව්ව නම් ඉවරයි.

  6. සමන්ත says:

    මේ ලොක් ඩවුන් එක මහ විහිළුවක්. වත්තල ග්‍රාම නිළධාරි බල ප්‍රදේශය ලොක් ඩවුන් කර ඇත. හැදල හන්සිදියේ සියලුම කඩ වසා දමා ඇතත් බස් රථ වලට මගීන් නැංගවීම බැසීම සිදු.කරයි. ඒ වගේම මිනිස්සු පාරේ එහේ මෙහේ්ගමන් කරනවා. මීට පෙර ලොක් ඩවුන් කල විට එම ප්‍රදේශ වල බස් රථ නැවැත්වීම කලේ නෑ. මීට වඩා හොදයි ලොක් ඩවුන් නොකර හිටියා නම්.

  7. Asanka Gamal says:

    මිනිස්සුන්ට කෑම සහ බේත් නැහැ.
    ඒ ගැන අවධානය යොමු කරන්න.

  8. Sirimal says:

    Piliyandala bada thadi mole nathi 8 pass nathi nakiyata puluwannam ai apita bari lockdown kadanna. Eka ratak eka neetiyak.

  9. sunimal says:

    මුන් එන්නේ මත්පැන් සාලා සොයාගෙන.

  10. Kumara says:

    හුදෙකලා කලාට විතරක් මදි , මිනිස්සුන්ගේ දෛනික අවශතා සපයා ගැනීමට යම් ක්‍රමවේදයක් තිබිය යුතුය