ලොක්ඩවුන් කඩාගෙන මහ පිරිසක් පැන පහර දේ..

May 18, 2021 at 12:40 pm | lanka C news
ලොක්ඩවුන් කඩාගෙන මහ පිරිසක් පැන පහර දේ..

යාපනය පුදිය චෙම්මිණි ප්‍රදේශයේ නිවසකට රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් සිදුකල ප්‍රහාරයකින් නිවැසියන් තිදෙනෙකු තුවාල ලබා දේපල රැසකට හානි සිදුව ඇතැයි කෝපායි පොලීසිය පවසයි.

සංචරණ සීමා පනවා තිබියදී රාත්‍රියේ අදාල නිවසට යතුරුපැදිවිල් පුද්ගලයින් 20 ක පමණ පිරිසක් එම නිවසට කඩාවැදී පළමුව නිවසේ තිබූ දේපලවලට හානි කොට තිබූ අතර පසුව නිවැසියන්ටද පහර දී ඇති අතර එහිදී නිවැසියන් තිදෙනෙකුට සුලු තුවාල සිදුව ඇත.

පහරදීමෙන් නිවසේ දේපල වලට මෙන්ම යතුරුපැදියකට හා පාපැදියකට හානි සිදුව ඇති අතරම නවැසියන්තුව තිබූ රන් මාලයක්ද කොල්ල කා ගොස් ඇති බවට පොලීසියට පැමිණිළි කොට ඇත.

අදාල පහරදීම සිදුකල පුද්ගලයින් සොයා මේ වන විට පරික්ෂණයක් අරඹා ඇති අතරමපෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇතැයි සැක පල කරන බවට කෝපායි පොලීසිය වැඩිදරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

48,106 views

One Comment to “ලොක්ඩවුන් කඩාගෙන මහ පිරිසක් පැන පහර දේ..”

  1. saman says:

    සර් ආවම ඔය සෙල්ලම් බැහැ

Main News