ලොක්ඩවුන් කඩාගෙන වැසියෝ පාරට බසිති.. ආහාර ඉල්ලා විරෝධතා..

May 12, 2021 at 5:30 pm | lanka C news
ලොක්ඩවුන් කඩාගෙන වැසියෝ පාරට බසිති.. ආහාර ඉල්ලා විරෝධතා..

සංචරණ සිමා පනවා තිබු හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතු යායේ වතු කම්කරුවන් සහනාදාර ඉල්ලා හැටන් ඩගයම ප්‍රධාන මාර්ගයේ එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව අසල (12) දින විරෝධතාවයක නිරතව සිටිහ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමු විම නිසා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් (03) දින සිට ඇන්ෆිල්ඩ් ග්‍රාමසේවා වසමට අයත් පොඩයිස් වතු යාය සංචරණ සිමා පැනවිමට කටයුතු කර තිබුණි.

පනවා තිබු සංචරණ සිමා (12) දින උදැසන බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඉවත් කිරිමෙන් අනතුරුව තේ කර්මාන්ත ශාලාව අසලට පිවිසි එම වතු යායේ වතු කම්කරුවන් විරෝධතාවයක නිරත වෙමින් කියා සිටියේ තමන් දින ගණනාවක් වත්තේ වැඩට නොයා සිටි බවත්, තමන් මේ වන විට දැඩි ආර්ථික අපහසුතාවයෙන් සිටින නිසා තමන්ට රජය මගින් සහනාදාරයක් හෝ වියලි සලාක පාර්සලයක් ලබාදිමට කටයුතු කල යුතු බවයි.

විරෝධතාකරුවන් අතරට පැමිණි හැටන් පොලිසියේ නිලධාරින් විරෝධතාකරුවන් හමුවේ කියා සිටියේ වතු කම්කරුවන්ගේ ගැටළුව සම්බන්ධයෙන් අදාල බලධාරින් දැනුවත් කිරිමට පියවර ගන්නා බවත්, පනවා ඇති සෞඛ්‍ය උපදෙස් අනුව මෙවැනි විරෝධතා පැවැත්විමට කිසිවෙකුට නොහැකි බවයි.

හැටන් පොලිසිය සිදු කල දැනුවත් කිරිම සමග විරෝධතාවය නතර කිරිමට වතු කම්කරුවන් පියවර ගැණින.

මේ අතර බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාලය විසින් ඉකුත් (03) දින සිට හුදකලා කර තිබු ඉන්ජස්ට්‍රි ග්‍රාමසේවා වසමට අයත් හොන්සි නගරය , පුලියාවත්ත , බාත්පොඩ් යන කොටස් වල හුදකලාභාවය ඉවත් කර ඇති අතර,ඉන්ජස්ට්‍රි සහ බිලින්කිබොනි වතු යාය තවදුරටත් හුදකලා කර ඇති බවයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

36,026 views

10 Comments to “ලොක්ඩවුන් කඩාගෙන වැසියෝ පාරට බසිති.. ආහාර ඉල්ලා විරෝධතා..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    තොන්ඩ් සර්ගෙ මලගෙදරට බුරුතු පිටින් ඇවිත් අඩ අඩා ගියේ අද ඔය කන්න නැතුව පාරට බහින උන්ම තමා බයිකමට උතුරු දකුණ වතු කම්කරු බේදයක් නෑ

  2. Dr නිමල් රංජිත් says:

    එන්න එන්නම රජයට තියන ජනතා විරෝධය හමුවේ රට අරාජික වෙලා ! මිනිස්සු ඉල්ලන දේවල් රජයට දෙන්න බැහැ. ඉස්සරහට මිනිස්සු තව තවත් රජයට විරුද්ධව කැරලි ගහනවා. මේ දොන් ජුවන් වෙනුවෙන් කළ හැකි වන්නේ අන්තර්ජාතික ය හමුවට ගොස් සම්බාධක පනවා රජය මෙල්ල කිරීම පමණි. තමන් චීනයේ කොලනියක් ලෙස මනෝ ලෝකයක ජීවත් වන පාලකයන් ට එක් එක් පුද්ගල ප්‍රතිරූප හැදීම හැර වෙන අරමුණක් නැත. පාට පක්ෂ ජාති ආගම් කුල භේදයකින් තොරව එකා මෙන් මේ දුෂ්ට අදුර්දර්ශි පාලනයට එරෙහි වවි.

    • Nuwan Wickramasinghe says:

      ඔබතුමාගේ comment එක අවුරුදු ගානක් එහෙමත් නැත්නම් දශක ගණනාවකට පස්සේ publish වෙලා තියෙන්නේ. හරියටම කිව්වොත් 2002 නැත්නම් 2015-2019 කාලේ වගේ publish වෙන්න ඕන comment එකක්.

      • Dr නිමල් රංජිත් says:

        වැරැද්ද වැරැද්ද ලෙස නොදකින පාට පක්ෂ චරිත ඔළුවේ උඩ තියං ඉන්න ගෝත්‍රික වහල්ලුන්ට ඉහත කමෙන්ට් එක අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.
        ස්ථිර ජාතික ප්‍රතිප්තියක් නැති රටක් ජාතියක් සදා අරාජික වේ.

    • GU-VP SAKKILI API says:

      Ammata hudu…Ara Ara Ara……
      Me Ape GU-Dr නිමල් රංජිත් malline

    • සුදු මහත්තයා says:

      වැස්සොත් අහසට බණින, පය පැකිලී බිම වැටුණොත් මහා පොළවට බණින Exotic ජනතාවක් සිටින මෙබඳු රටක ජනයා පණිවිඩය නොකියවාම පණිවිඩකරුට වෙඩි තබන පිරිසකි. ඇඟිල්ල දිගු කොට හඳ පෙන්වන විට හඳ දෙස නොව ඇඟිල්ල දෙස බලන මී හරක් රැලකි. ,,,,😭

  3. John the baptice says:

    කෝ මුන් චන්දේ දුන්න පළාතේ ඇමතිලා? බේර ගහගෙන වීදිවල ඔලුවේ උස්සගෙන ගියේ ලජ්ජා වෙයල්ලා.

  4. කුසල් says:

    මොවුන් බඩගින්න නිසා ලොක් ඩවුන් කඩනවා කියමු, අහිංසකයි. නමුත් පිළියන්ද කැස්බෑව පැත්තේ වහපු පාරවල් වල පොලිස් බාධක ඉවත් කරමින් යන්නේ සෙල්ලක්කාරයන්ද සල්ලිකාරයන්ද කියලා හොයලා බැලුවොත් නරකද? මේවා අසත්‍ය ලෙස දකින්නට පෙර වාහනයක් අරගෙන පොඩ්ඩක් කරක් ගහලා බලන්න. නැත්නම් මේවත් ලොකුගේගේ එකවුන්ට් එකට වැටෙයි.

  5. Darshana abayakoon says:

    අති ගරු නාමල් රාජපක්ශ මහතා මැදිහත්වී වතුකරයේ ජනතාවට ජිම් කට්ටලයක් වහාම ලබාදෙන ලෙසට බලදාරීන් දැනුවත් කර ඇත.

  6. මෝ says:

    ඔන්න ඔය පැති ඇරල දාන්න අප්පා.ආතල් එකේ ඉන්න ඉඩ දීලා.

Main News