ලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..

November 3, 2020 at 8:40 am | lanka C news
ලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..

හැටන් මහජන වෙලදපොල භුමියේ සෞඛ්‍යය නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් ව්‍යාපාර කටයුතු සිදු කල ව්‍යාපාරිකයන් දෙදෙනෙකු (02)   දින හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා විසින් භාරයට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කලහ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් කිහිප දෙනෙකු හැටන් මහජන පොල භුමියෙන් හමුවිමත් සමග මහජන වෙලදපොල තවදුරටත් වසා දැමිමට සෞඛ්‍යය අංශ උපදෙස් ලබා දි එම මහජන වෙලදපොලේ සියළුම වෙලදසැල් වසා දමා තිබියදි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් එම වෙලදපොල භුමියේ ව්‍යාපාර කටයුතු සිදු කරන බවට ලද පැමිණිලි මත හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා එම ස්ථානය ගොස් එම වෙලදසැලේ සිටි ව්‍යාපාරිකයන් දෙදෙනා ඔහු භාරයට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇත.

තවද සෞඛ්‍යය නිරෝධානය උපදෙස් නොපිලිපදිමින් හැටන් නගරයේ පදික වේදිකාවේ එලවළු වෙලදාම් සිදු කල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පලවා හැරිමට හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ කටයුතු කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ 

13,269 views

3 Comments to “ලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..”

  1. බන්ඩා says:

    වසංගතය මැඩපැවැත්වීය යුතුය්. නමුත් ජනතාවත් ගොවියාත් වෙළෙන්දාත් ජීවත් විය යුතුමය්. රජය ක්‍රමයක් ඉදිරිපත් කල යුතුය්.

  2. ගරසරප says:

    මේ රටේ ලිබරල් උන් ඉන්නෙ බුකියෙ විතරයි . එහෙම නැත්නම් ඇමරිකාවේ වගේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අය්තිය ඉල්ලල පාරට බැහැල. තමන්ගේ ව්‍යාපාර කරන මිනිස්සුන්ගේ මානව අය්තිවාසිකම් මේ නිරෝධායන නීති නිසා උල්ලංඝනයක් වෙන්නෙ නැත්ද?මොන ලිබ්බද උසාවි යන්නෙ?

    • Nimal says:

      වැඩක් නැතනම් වත්ත කොටපන්, මෙතන මිනිස්සු අවුසන්නේ නැතුව, උබලට ඕනේ ඔච්චර තාම , මිනිස්සු මැරෙන කොටට හුරේ දන, සැපද කියල අහන උගේ ජාතකේ අවුලක් තියනවා

Main News