ලොක්ඩවුන් වැසියෝ බඩගින්නේ කියා ආහාර ඉල්ලා විරෝධතා…

May 9, 2021 at 6:28 am | lanka C news
ලොක්ඩවුන් වැසියෝ බඩගින්නේ කියා ආහාර ඉල්ලා විරෝධතා…

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමු විම නිසා හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් (319-L) ග්‍රාමසේවා වසමේ පදිංචි වතු කම්කරුවන් හුදකලා කිරිම නිසා ඔහුන් විදින පිඩාවන් පිලිබදව සමාජ මාධ්‍ය ඔස්සේ හඩ නගයි.

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි ග්‍රාමසේවා වසම ඉකුත් 04 දින සිට හුදකලා කර ඇති අතර , හැටන් පොලිස් වසමට අයත් (319 – I) ඇන්ෆිල්ඩ් ග්‍රාමසේවා වසමට අයත් පොඩයිස් වතු යාය හුදකලා කර ඇත.

හුදකලා කර ඇති ඉන්ජස්ට්‍රි ග්‍රාමසේවා  වසමේ වතු කම්කරුවන් කියා සිටින්නේ හුදකලා කර දින ගණනාවක් ගත වුවද වතු පාලන අධිකාරියෙන් හෝ  කිසිදු බලධාරියෙක් විසින් තමන්ට මේ වන තෙක් රජයෙන් ලබාදෙන සහනාධාර ලබාදිමට අපොසත් වි ඇති බවයි.

තමන් දින ගණනාවක් නිරාහාරව සිටින බවත්, තම පවුලේ කුඩා ළමුන්ද සිටින නිසා හුදකලා කිරිම හමුවේ තමන් දැඩි පිඩාවට පත් වි සිටින බවයි.

හුදකලා කර ඇති ඉන්ජස්ට්‍රි ග්‍රාමසේවා වසමේ පවුල් 1640 කට අයත් සමජිකයන් 6750 ක් සහ සංචරණ සිමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වත්තේ පවුල් 779 කට අයත් සමාජිකයන් 3006 දෙනෙකු සිටින බවයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටින්නේ.

කුසගින්නේ සිටින තමුන්ට රජයෙන් ලබාදෙප සහනාදාර ලබාදිමට කටයුතු කරන ලෙසට හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචි වතු කම්කරුවන් වැඩි දුරටත් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අප නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ග්‍රාමසේවා වසම් වල සහ සංචාරණ සිමා පනවා ඇති ප්‍රදේශවල ජනතාවට රජය මගින් ලබාදෙන සහනාදාර කඩිනමින් ලබාදිමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

24,081 views

13 Comments to “ලොක්ඩවුන් වැසියෝ බඩගින්නේ කියා ආහාර ඉල්ලා විරෝධතා…”

  1. මහජනතාව says:

    ලොක්ඩවුන් තීරණය ගනිද්දිම එපායෑ , එව්ව ගැන හිතන්න.. මිනිස්සු හාමතේ තියන එක හරිද ? කොහොමත් රටම ලොක්ඩවුන් නොකරන්නෙ 5000 දෙන්න වෙයි කියලා බව රටම දන්නවා.. මේ වෙලාවේ රට වහලා 5000 ගානේ දෙන්න උනොත් , රුපියල බාල්දු වෙනවා 500 පන්නලා

    • Sirisena says:

      මහජනතාව :
      If you are the president of Sri Lanka, what is your solution/what do you do?

      It appears you are genius with excellent solutions for any problem.

    • dev says:

      lock down karanna kiyana dhanapathiyanta mewa terenne na. Brave decision by god.

  2. Nishanthi says:

    Samoopakarayata giya sathiye ma giya dinakadaee nirodayanaya wana niweswalata Rs.10000 badu malu goda gasanu dekkemi. Eththenma me ahinsaka wathu janathawatath ikmanin yamak karanawanam watinawa.

  3. Jagath says:

    අපි තමයි හොදටම කලේ…..

  4. බයියන්ගෙ අප්පොච්චා says:

    පාන් නැත්නම් කේක් කාපල්ලා

  5. මඩයා says:

    හදා ගන්න තරම් ලේසි නෑ ඕවා. සෞක්‍ය පුරුදු වලට අනුගත වෙලා ලෙඩේ තියෙන භයානක කම අවබෝධ කරගෙන පරිස්සම් උනා නම් ඔහොම වෙන්නෙ නැහැ. දන්නවනෙ කොරෝනා කියන්නෙ හරියට බෙහෙත් නැති වසංගත රෝග උවදුරක්. නොකා නොබී හරි දැං ඉගෙන ගන්න.

  6. Anuradha says:

    රට වහනකම් කෑගසනවා වහපිය කියා වැසුවට පසු කියනවා වහලා අපි කොහොමද කන්නේ කියා කියලා එවුන්ව උසිගස්වාලා පාරට එවනවා මෙන්න මේකට තමයි කියන්නේ ජවිපාවන්ගේ කුහක නියාමය කියලා උන් කලොහොත් කරන්නේ මෙන්න මේවගේ ජඩ පහර වැඩ.මුන් මැරිච්ච එවුන්ගේ කරමතින් වුනත් පාර්ලිමේන්තු යන්න බලන සත්ව කොටසක්.

    • Darshana abayakoon says:

      වයිරසය රටට ඇතුල් වෙන එක වලක්ව ගන්න බැරි වුන. අවුරුදු කාලෙ සන්චරන සීමා දාල පැතිරෙන එක වලක්ව ගන්න බැරි වුනා. නිසි ක්‍රමවේදයක් යටතේ එන්නත් කරනය කරලා අවදානම අඩු කර ගන්න බැරි වුනා. අන්තිමට ලොක්ඩවුන් කරපු පැති වල මිනිස්සුන්ට කෑම ටිකක් දීගන්න බැරි වුනා. උබ හරි බන් කුහක ජෙප්පොන්ගෙ නොහැකියාව නිසානේ මේ සේරම.

  7. HUKARIS says:

    CORONA THURAN KARANA BERI DEYYANGEN ETHI PALAYA KUMAKDA. MEVUM KARAYEK, SARVABALADHARI DYYEK NETHI BAVA OPPUWEE HAMARAI. BUDUN WAHANSE GE AGGAKNA SUTHRAYE PARINAMAYA PEHEDILIKARA ETHA. HARAKUN VISIN DEYYAN MAVA, NETHI DEYYEK WENUWEN YUDHDHA KARA MANUSHYA GHATHANA KOPAMANA KARA ETHDA. MOHOMAD, JESUS YANU PATTAPAL BORUKARAYO BAVA DENNWATH THERUNADA. CHARLES DARVIN, DR SB LEAKY, CARL SAGAN LIUE POTH KIYAWAPIYA HARAKUNI. DEYYO NETHA, MEE HARAK HINDUN DA MEE HARAK BAHUDDAYO DA HINDU DEVIYAN ADAHAMIN KALAYA KANA KALAKANNIHU WETHI.

  8. ලොක්ඩවුන් කිරීමේ භයානකකම තත්ත්වය මෙයයි.

  9. අරුණ says:

    ජනතාව ෆෙල්. පලකයො වැරදි නැහැ . දැන් පෙනහෙල්ල කුනුකරන් මැරෙන්න ලැස්ති වෙයල්ලා.

  10. sunimal says:

    රජය ජනතාවට ඒ ඒ පළාත් වලට ආහාර ලබා දීම පන්සල් පල්ලි කෝවිල් මගින් බෙදා දීම සිදුකල යුතුය.

Main News