ලොව සියළු රටවලට වඩා අපේ ජනතාව සහාය දෙනවා.. කොරෝනා පාලනයෙන් අපි සාර්ථකයි.. දුක් දරමින් කැපවන ජනතාවට ස්තුතියි..

April 16, 2020 at 6:48 pm | lanka C news
ලොව සියළු රටවලට වඩා අපේ ජනතාව සහාය දෙනවා.. කොරෝනා පාලනයෙන් අපි සාර්ථකයි.. දුක් දරමින් කැපවන ජනතාවට ස්තුතියි..

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව අති මහත් බහුතරයක් විශාල ලෙස සහයෝගය දෙමින් සිටින බව කොරොනා මර්දන බළකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

වෙනත් රටවල් දෙස බලද්දී අපේ රටේ ජනතාව කොරෝන මර්දන වැඩපිලිවෙලේ සියළුම නිලධාරීන්ට අති මහත් සහයෝගයක් වෙමින් සිටින බව ඔහු පැවසීය.

විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරමින් බොහෝ දේ දරා ගනිමින් සිදු කරන මෙම කැපකිරීමට තමන් හමුදාපතිවරයා ලෙස දැඩිව ස්තූතිවන්ත වන බවද ඔහු කියා සිටියේය.

මේ වන විට කොරෝනා ව්‍යාප්තිය පාලනයෙන් ශ්‍රී ලංකාව ඉතා සාර්ථක මට්ටමක සිටින බවත් එහි ගෞරවය කැපකිරීම් කරන ජනතාවටද හිමි විය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

260 views

16 Comments to “ලොව සියළු රටවලට වඩා අපේ ජනතාව සහාය දෙනවා.. කොරෝනා පාලනයෙන් අපි සාර්ථකයි.. දුක් දරමින් කැපවන ජනතාවට ස්තුතියි..”

  1. Liyanage says:

    I totally agree with Upul, yes public speaking is an art. One can learn it but it doesn’t work if he or she doesn’t acquire it properly. Technically mastered genuine war veteran like him has always worked with common people even during feace battles. May noble tripple gems always bless him for all future endeavours.

Main News