ලොකුගේ අතදමා පිලියන්දල ලොක්ඩවුන් අරී… සෞඛ්‍ය ප්‍රධානී දැඩි විරෝධය.. රෝගීන් නිවසේම මියෙනු ඇතැයි කියයි..
May 4, 2021 at 12:02 am | lanka C news
මුළු පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ම වසා දමන්නැයි තමන්ව ලිඛිත ඉල්ලීමක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනතාව වරාගෙන් සිදුකළ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කරයි.
ඒ අනුව එම ප්‍රදේශය වසා දමුවද පසුව තමන්ගේ දැනුවත් භාවයකින් තොරව එම හුදෙකලා සීමාවන් ලිහිල් කර ඇතැයි ද ඇය සඳහන් කරයි.
මේ වන විට එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන බවත් හඳුනා නොගත් රෝගීන් නිදැල්ලේ සැරිසරමින් සිටින බවත් ඇය සඳහන් කරන්නීය.
ඇතැම් හඳුනාගත් රෝගීන් රෝහල් ගත කිරීමට ප්‍රමාද වී නිවෙස් වල රඳවා සිටින බවත් මේ තත්ත්වය ඉදිරියට ද පැවතුණහොත් නිවෙස් වල ඔවුන් මිය යනු ඇති බවත් ඇය කියා සිටී.
මේ අතර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ පිලියන්දල වසා දමන විට ප්‍රදේශයේ කිසිවකු ඒ ගැන නොදැන සිටි බවයි.
ඒ අනුව යම් ලිහිල් කිරීමක් කල හැකි දැයි තමන් අදාළ අංශවලින් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රදේශයම වසා දැමූ විට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබූ බවත් පිළියන්දල නගරයේ රෝගීන් හමුවී නැති බවත් ඔහු කියා සිටී.
ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට එම ප්‍රදේශයේ ජනතාවගේ පහසුකම් සුබසිද්ධිය වෙනුවෙන් තමන් පෙනී සිටීමට අයිතියක් ඇති බවත් තමන් ක්‍රියාත්මක කළේ අයිතිය බවත් ඇමතිවරයා පැවසීය.
Ado anduwa path kale kauda ubalane…. Hama magulkata janadhipathita banala wadak nahane.
ඇමති හැතිකරේ ඉන්නකම් රට විනාස වෙන එක වලක්වන්න බෑ . ගිය අවුරුද්දේ මැතිවරණයට කලින් හොඳට රට පාලනය උනා. covid පාලනය කලා
මන්ත්‍රීවරයා ලෙස අදහස් දැක්වීමට අයිතියක් ඇත. එපමණකි. නිලධාරීන්ගේ කාර්යයන් වෙනස් කිරීමට කිසිඳු අයිතියක් නැත. එසේ ක්‍රියාත්මක කිරීමට කිසිඳු නෛතික අයිතියක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට නැත. ගරු උසාවියක මේ සම්බන්ධයෙන් ඇති නෛතික වටපිටාව මෙවන් මෝඩ දේශපාලකයින්ට පෙන්වා දිය යුතුව ඇත.
අවුරුදු 73 කට පපස්සේ වත් ඔය පාර්ලිමේන්තු ක්‍රියාවලිය අසාර්ථක බව පිළිගනිල්ලා. ලංකාව ට හරි යන්නේ රාජාණ්ඩු ක්‍රමය විතරයි . මේ රට රජවරුන් 182ක් පාලනය කලා
Minisunge badagina gana dutu lokuge mathithumata apage pranamaya…no lock down again
මුන් රට කෑව විතරක් නෙවෙයි දැන් මිනිස්සුන්වත් මරාගෙන කන්න යනවා.මුන් හදන්නෙ ලංකාවත් ඉන්දියාව වගේ කරල රටටම කෙලවලා සියලුම දේවල් කොරෝනාවට පටවන්න.
WHEN idiots are sent to Parliament these are the things that will happen