ලොකුළූණු සදහා රුපියල් 80ක අවම සහතික මිලක්.. කැබින‍ට් තීරණයක්..

February 29, 2020 at 2:18 am | lanka C news
ලොකුළූණු සදහා රුපියල් 80ක අවම සහතික මිලක්.. කැබින‍ට් තීරණයක්..

මාතලේ ප්‍රාදේශීය පුරන්කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහන සදහා පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා එම ප්‍රදේශය වෙත ගිය අවස්ථාවේදී මාතලේ ප්‍රාදේශයේ ලොකු ළූණු වගාකරුවන් විසින් ඔවුන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීම සදහා කටයුතු කළ තිබුණි.

එහිදී වර්තමානයේ ලොකු ළූණු ගොවියන් ලෙස තමන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා දැනුවත් කල ගොවීන් නිසි මිලක් නොමැතිකම නිසා ලබා ගත් ණය මුදල්වත් ගෙවා ගැනීමට අපහසුතාවයකට තමන් පත්ව ඇති බව සදහන් කර ඇත.

ඒ අනුව එම කරුණු සම්බන්ධයෙන් කඩිනමින් රජය දැනුවත් කල ආණ්ඩුකාරවරයා අදාල ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු සෙවීම සදහා කටයුතු කර තිබුනි.

ලොකු ළූණු ගෙවීන්ගේ අපහසුතා සම්බන්ධයෙන් අවධානය යොමුකල අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව ලොකු ළූණු සදහා රුපියල් 80ක අවම සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කළේය.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් විශේෂ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා රජයේ අවධානය යොමු වී ඇති අතර, ඒ තුලින් දේශීය ලොකු ළූණු ගොවියා ශක්තිමත් කිරිම රජයේ අරමුණ වී ඇත.

ලොකු ළූණු ගොවීන් වෙනුවෙන් ලබාගත් මෙම කැබිනම් තීරණය සම්බන්ධයෙන් තමාගේ ප්‍රණාමය පුද කරන සිටින බව මධ්‍යම ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා මහනුවර පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන සභාවේ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේදී ප්‍රකාශ කර සිටියේය.

– රුක්මල් දුෂාන්ත

4,222 Viewers

One Comment to “ලොකුළූණු සදහා රුපියල් 80ක අවම සහතික මිලක්.. කැබින‍ට් තීරණයක්..”

  1. Parakum says:

    MARA allowed his Mafia to exploit the consumer, similar to Sand mafia. The Donkeys and Buffaloes should question how the price dropped from over Rs300/= to Rs 140/= overnight.

Main News