ලොකු කතා කියු රතන හිමි එජාපයෙන් කණ පුරා අහගනී.. මන්ත‍්‍රී ධුරයෙන් අස්වෙන්න සූදානම් බව කියයි..

March 7, 2017 at 1:20 pm | lanka C news
ලොකු කතා කියු රතන හිමි එජාපයෙන් කණ පුරා අහගනී.. මන්ත‍්‍රී ධුරයෙන් අස්වෙන්න සූදානම් බව කියයි..

එක්‌සත් ජාතික පක්‌ෂ ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් පසුගියදා ආණ්‌ඩුව විවේචනය කරමින් කළ ප්‍රකාශයක්‌ සම්බන්ධව ඊයේ (06 වැනිදා) සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීමේදී දැඩි ලෙස විවේචනයට ලක්‌ වීම නිසා එම රැස්‌වීම දැඩි උණුසුම්කාරී විය.

පසුගිය මැතිවරණයෙන් දිනුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක්‌ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේ නැතැයි කියා කළ ප්‍රකාශය ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ආෂු මාරසිංහ මහතා විමසීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය මතු විය.

එහිදී අතුරලියේ රතන හිමියන් පැවසුවේ අවශ්‍ය නම් තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නම් යෑයි කියාය.

මතු වූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එක්‌සත් ජාතික පක්‌ෂය ජයග්‍රහණය නොකළා නම් මේ ආණ්‌ඩුව පිහිටු වීමට නොහැකි වන බවය. ඒ නිසා පක්‌ෂ දෙකක්‌ එක්‌ව කටයුතු කිරීමේදී ඉවසීමෙන් යුතුව සහ ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කිරීම කාගේත් වගකීම බවද මෙහිදී අගමැතිවරයා සඳහන් කළේය.

15 views

17 Comments to “ලොකු කතා කියු රතන හිමි එජාපයෙන් කණ පුරා අහගනී.. මන්ත‍්‍රී ධුරයෙන් අස්වෙන්න සූදානම් බව කියයි..”

  1. Warnasinghe says:

    I am 100% sure Rathana Himi will not give up his MP position.
    He knows for sure, he will never ever be able to become a MP in SL parliament again.
    So, he’ll enjoy all the privileges and benefits in this position to the last bit of it!

Main News