ලොකු කතා කියු රතන හිමි එජාපයෙන් කණ පුරා අහගනී.. මන්ත‍්‍රී ධුරයෙන් අස්වෙන්න සූදානම් බව කියයි..

March 7, 2017 at 1:20 pm | lanka C news
ලොකු කතා කියු රතන හිමි එජාපයෙන් කණ පුරා අහගනී.. මන්ත‍්‍රී ධුරයෙන් අස්වෙන්න සූදානම් බව කියයි..

එක්‌සත් ජාතික පක්‌ෂ ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් පසුගියදා ආණ්‌ඩුව විවේචනය කරමින් කළ ප්‍රකාශයක්‌ සම්බන්ධව ඊයේ (06 වැනිදා) සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීමේදී දැඩි ලෙස විවේචනයට ලක්‌ වීම නිසා එම රැස්‌වීම දැඩි උණුසුම්කාරී විය.

පසුගිය මැතිවරණයෙන් දිනුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක්‌ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේ නැතැයි කියා කළ ප්‍රකාශය ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ආෂු මාරසිංහ මහතා විමසීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය මතු විය.

එහිදී අතුරලියේ රතන හිමියන් පැවසුවේ අවශ්‍ය නම් තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නම් යෑයි කියාය.

මතු වූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එක්‌සත් ජාතික පක්‌ෂය ජයග්‍රහණය නොකළා නම් මේ ආණ්‌ඩුව පිහිටු වීමට නොහැකි වන බවය. ඒ නිසා පක්‌ෂ දෙකක්‌ එක්‌ව කටයුතු කිරීමේදී ඉවසීමෙන් යුතුව සහ ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කිරීම කාගේත් වගකීම බවද මෙහිදී අගමැතිවරයා සඳහන් කළේය.

24 views

17 Comments to “ලොකු කතා කියු රතන හිමි එජාපයෙන් කණ පුරා අහගනී.. මන්ත‍්‍රී ධුරයෙන් අස්වෙන්න සූදානම් බව කියයි..”

  1. asaranaya says:

    මිස්ට රතන නැමති හොර ගණයෝ සිවුරු හැරපීය ගිහින් වස විස නැති කුඹුරු කොටාපිය

    • හිටපු හෙළ උරුම සාමාජිකයෙක් says:

      රතන මේ අහපං .එදා සිංහල උරුමයේත් ඉන් පසුව හෙළ උරුමයේත් පෝස්ටර් ගැහුවේ වේදිකා සරසුවේ වේදිකා ඉස්සරහට වෙලා උඹලගේ කතා අහගෙන හිටියේ අපි ඊටපස්සේ චන්දෙදී උඹලාට චන්දෙ දීලා පාර්ලිමේන්තු යැව්වේ අපි ඒ අපි කියන්නේ පක්ෂයක් නැති රටට ජාතියට ආදරය කරන දේශප්‍රේමියෝ .
      එදා උඹ වේදිකා උඩ නැගලා දේශද්‍රෝහියෝ කියල රනිල් වික්‍රමසිංහලා හෙලා දැක්ක මතකයි එදා ඒ කියපු දෙසහ්ද්‍රෝහීන් එක්ක උඹ මගුල් නටනකොට රනිල් වික්‍රමසිංහ ප්‍රබුද්දයි කියනකොට unp ද්‍රෝහීන් එක්ක එකතුවෙලා චන්දෙ ඉල්ලනකොට උඹ හිතුවද අපි මෝඩයෝ වගේ තවදුරටත් උඹලා වෙනුවෙන් පෙනී සිටීවි චන්දය දෙවි කියල ?
      තමුසේ ඔයි හාමුදුරු කෙනෙක් නෙවෙයි උද්දච්ච කමින් පිරුණු කුහක කමින් බරවුණු වයිරයෙන් කුණු වුනු වර්චස් කන්දක්.
      තමුසෙලා සෙට් එක මහින්දට විරුද්දව වැඩකලේ මහින්දට විරුද්දව බොරු පච හදල සමාජගත කලේ රටට ආදරේට නෙවෙයි උඹලට ඕනා විදියට මහින්ද නැටුවේ නැති නිසා .
      හෙළ උරුමයේ චන්ද පදනම ඉවරයි මිනිහෝ උඹලට චන්දෙ දෙන්න හිටියේ අපි තමයි අර උඹලගේ මහා පචයත් ඊළඟ පාර චන්දෙන් විසිවෙලා යනවා .බොලාට ආයේ චන්දෙ දෙන්න unp කාරයොත් මෝඩ වෙන්නේ නෑ ජනපදනමක් නැති තක්කඩි ටිකක් පක්ෂේ ඇතුලේ තියාගෙන ඉන්න unp කාරයොත් මෝඩ වෙන එකක් නෑ .දැන් ඉතින් රට පාවල දීලා හම්බු කරගත්තු සේසතත් අරගෙන සිවුරට නිගා නොදී හිරළු වෙලා කොහේ හරි තොලොංචි වෙයං.
      මේ ලියන්නේ තමුසෙලා එක්ක තියෙන උපරිම තරහෙන් හේතුව තොපි හැදුවේ අපි වේදනාව වැඩිම අපිට .

      • බන්ඩයියා says:

        මමත් ඔබ වගේම පක්ෂ බදාගෙන නැති ඔබ වගේම රතනය වගෙ උන්ට රැවටුන කෙනෙක්. ඔබේ කතාව හරියටම හරි. ලැජ්ජ තියනව නම් බුද්ධ සාසනේට නිගා කොරන්න නැතුව ඔය සිවුර ගලවල පර ජුඑම්පියෙ වල් කතා අහගනින්.

  2. silva says:

    meya rathana himi nowei mr rathana

  3. kamasiri Kuruwita says:

    උඹෙන් තව වැඩ ගන්න ඉස්සරහට ඇති .එකයි මෝඩ කපටියව එලෙව්වේ නැත්තේ .

  4. kamasiri Kuruwita says:

    මේ මිනිහ මහින්දගේ හොර බඩු හොයන්න ගිහින් ගබඩා කඩපුවා, රට පුරා ලැම්බෝගිනි , හෙලිචොප්ටෙර් හොයන්න දුව දුව නටපු නාඩගම මතක් වෙනකොට හිනාත් යනවා ඔයි.

    • බන්ඩයියා says:

      මුගෙ සිවුර ගලවන්න ඔිිනැ. ඔිකුන්ගෙ පක්ෂෙට චන්දෙ දීපු චන්ද දායකයෙක් විදිහටය් ලියන්නෙ.

  5. Raja says:

    අතනමෙතන බොරුවට රඟනා රතණ
    අද තනිවෙලා වාගේ හිටියත් ඔතන..

    උමතුව පෙරලෙනා දඟලන ගඳ ගහන …
    වෙනසක් නැහැ පෙනෙන රට අනතුරකට දාන…

    පරයන් සමග එකතුව කර කුමන්ත්‍රන…
    හිවලුන් රැලක එක හිවලෙකි
    තා මුඩු මහණ…!

  6. chatura says:

    අතන මෙතන හැමතැනකම ඉඳගෙන පාරේ.
    රතනේ කියයි සාත්තරේ.
    අතට මිටට ගානක් එන ගේමක් දෙන්නේ.
    හෙමිහිට පීලි පනින්නේ.

  7. Dickie Bird says:

    Rathanaya Rath wela………………
    Smantha Badra Rahat wela…………………

    Rathanaya rahat wenna samantha Badra soya yayi !!!!!!!!!!!!!!!!!!!

    Sasane kewa.

  8. Purohitha saadu says:

    වත්ත බද්දට දී පන් අස්සට දත නියවාපන් – රට පෙරලාපන් අපේ ජාතිය කාපන් //

  9. pata-lee says:

    සිවුර ගහක එල්ලල ගෙදර පලයං.

  10. චන්දා says:

    රට කරවන්න මොවුන්ට බලය දුන් සැමට ප්‍රණාමය !

Main News