ලොකු රටට ව්‍යාපෘති දෙනවා කියා විදෙස් ආයෝජකයන් කරන්නේ බොරු.. ෆොටෝ ගහනවා විතරයි..

September 27, 2017 at 10:40 am | lanka C news
ලොකු රටට ව්‍යාපෘති දෙනවා කියා විදෙස් ආයෝජකයන් කරන්නේ බොරු.. ෆොටෝ ගහනවා විතරයි..

අපේ රටට මහ ලොකු ව්‍යාපෘති ලබාදෙන බවට පවසා පැමිණෙන බොහෝ විදෙස්‌ ආයෝජකයන් සිදුකරන්නේ මවාපෑම් යෑයි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

මහ ඇමැතිවරයා මේ බව කියා සිටියේ මැලේසියාවේ මලක්‌කාහි මහ ඇමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ පිටව යැමෙන් පසුව ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහ ඇමැතිවරයා මෙසේ කීය.

මැලේසියාවේ මලක්‌කාහි මහ ඇමැති ශ්‍රී ලංකාවට පැමිණියේ අපේ පෝට්‌ සිටි ව්‍යාපෘතිය ගැන අධ්‍යයනයක්‌ කිරීමටයි. ඔහු මේ රට සමඟ කිසිම ගිවිසුමකට හෝ අපේ රටට අත්වන ප්‍රතිලාභ ගැන සාකච්ඡා කළේ නැහැ. මෙය ඔහුගේ සංචාරයක්‌ පමණයි. විශේෂයෙන් මලක්‌කාහි මෙරට තානාපති ලෙස කටයුතු කරන කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් මහතාගේ ආරාධනාවක්‌ අනුවයි මා හමුවුණේ.

මම සාමාන්‍යයෙන් විදෙස්‌ රටවලින් එන විදෙස්‌ ආයෝජකයෝ ගැන දැන් එතරම් සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැහැ. ඒ අය මේ රටට ඇවිත් අපි සමඟ සාකච්ඡා කරලා ගිවිසුම් අත්සන් කරනවා. නමුත් අපි ඒ රටවලට ගියාම ගිවිසුම් අත්සන් කළ එරට ආයෝජකයෝ අපිට මවාපාපු දේවල් විතරයිනේ කියලා හිතෙනවා. ලෝකයේ විශාල රටවල්වලින් ආපු අයත් එහෙමයි. චීන සමාගමක්‌ ඇවිත් කැළි කසළ ප්‍රශ්නයට මහා ව්‍යාපෘති ගැන කතා කළා. එහෙම ගිහින් බලන කොට කියපු දේවල් නැහැ.

තවත් පිරිස්‌ ඉන්නවා විදෙස්‌ රටවල ආයෝජකයන් ලෙස පෙනී සිට මෙරට මැති ඇමැතිවරුන් සමඟ සමූහ ඡායාරූපවලට පෙනී සිටිනවා. බැලුවම අපේ ඡායාරූප පෙන්නලා ඒ රටවල බැංකුවලින් ණය ඉල්ලලා තියෙනවා මේ රටේ ව්‍යාපෘති කරන්න. ඒ නිසා මම සියලුම මැති ඇමැතිවරුන්ගෙන් මේ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

පසුගිය රජය කාලේ නම් ආයෝජකයෝ ලංකාවට ආවා. නමුත් සීයට 10 කොමිස්‌ ඉල්ලපු අය සිටි නිසා ඒ ආයෝජකයෝ රටට ආවේ නැහැ.

සමහරු උඩරට වෙච්ච විවාහ මංගල්‍යයක සාරි පොටක්‌ අල්ලන් කෑගහනවා. මේකද රටේ ප්‍රශ්න. පැය ගණන් දේශපාලකයෝ එනකම් පාසල් දරුවෝ අව්වේ වැස්‌සේ ඉඳලා නැද්ද? මේ රාජ්‍ය නොවන සංවිධානවල වැඩක්‌ නැති අයට මේවා රටේ ප්‍රශ්න විදියට පෙන්නන උත්සහයන් ලෙසයි මම දකින්නේ. ඒ දරුවන්ගේ දෙමවුපියෝ කියලා තියෙනවා ඒ අයගේ කැමැත්තෙන් දරුවෝ ගිනස්‌ වාර්තාව තැබීමට ගියදේට යොදා ගත්තා කියලා.

– දිවයින

58 views

6 Comments to “ලොකු රටට ව්‍යාපෘති දෙනවා කියා විදෙස් ආයෝජකයන් කරන්නේ බොරු.. ෆොටෝ ගහනවා විතරයි..”

  1. wikkamasinha says:

    හරි,හරි ඉසුරුවෝ ඔහේගෙත් ලොකු ලොරි ටෝක් විතරනෙ,කරපු ඇති වැඩක් නෑනෙ?

  2. Kings says:

    ඔයා ඔහොම කිවුවට දැන් සති තුනකට විතර ඉස්සෙල්ල අගමැටි කිවුවෙ විදේශ ආයෝජකයො 400 ක් ව්‍යාපෘති පටන් අරගෙන කියල. ඇයි මතක නැත්ද කුලියාපිටියෙ කාර්, හොරන ටයර්, කලුතර තවත් ෆැක්ටරි 04ක්, ඇරල මේ වෙනකොට 5000ක් විතර අලුත් ‍රැකියා දීල තියෙනව. තව ටික කලකින් අපිට ජර්මනිය, ඇමෙරිකාව වගේ දියුනු වෙන්න පුලුවන්. ආ! දැන් අර දෙමටගොඩ මූණු ගොඩාක් දාල ලොකු හෝඩින් එකක ගහල තියෙන බස්නාහිර කුණු වලින් විදුලිය නිපදවනවද? අපි දැන් කුණු වලින් නම් ස්වයංපෝශිතයි. විදුලියෙන් කොහොමද? අපි දැන් පාවිච්චි කරන්නෙ ඒ විදුලිය නේද?

  3. වෝක්ස්වැගන් says:

    මේ මහ ඇමතිතුමා වගේ තොත්ත බබාලා ව රවට්ටන විදෙස් ආයෝජකයන් ට නම්, හොඳක් වෙන්න එපා.

    • Gadol says:

      “බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
      මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
      ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
      දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”

  4. Lusena says:

    Kunu prasnedi ube gani Canadian samagamen kappam illapu ekath mathak karala dunnoth hodayi neda?

  5. samare says:

    Umbala hondata diunuwemin thibuna rata pacha kelala aragena kolam maduwak bawata pathkalata passes enne oya wage rasthiyadukara hora ayojakayo thamai. Honda wedagath ayojakayo dannawa me siddawena blau horakan wala hetityata vinayak nethi ratakata giyoth wena de.

Main News