ලොකු ලූණු බදු වැඩි කරන්නැයි ආණ්ඩුවේ මන්ත‍්‍රී ඉල්ලයි…

September 4, 2021 at 8:40 am | lanka C news
ලොකු ලූණු බදු වැඩි කරන්නැයි ආණ්ඩුවේ මන්ත‍්‍රී ඉල්ලයි…

ලොකු ලූනු බද්ද වැඩි කරන්නැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් සමුපකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ ඇමති ලසන්ත අලගියවන්න මහත්වරුන්ගෙන් ලිඛිතව ඉල්ලයි

ලංකාවේ ලොකු ළුණු වගාවට ප්‍රසිද්ධ දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු අස්වැන්න දැන් දැන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙමින් පවතී ඒ සදහා පසුගිය දින කිපයේ හොඳ තත්වයේ ලංකා ලොකු ළූණු සඳහා 100 – 105 ත් අතර මිලක් ලැබී තිබුණී

ලොකු ලූනු අස්වැන්න දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට විශාල ලෙස පැමිණෙන අවස්ථාවන්වලදී ගොවීන්ගෙන් ලොකු ලූනූ කුණු කොල්ලෙට ලබා ගෙන පසුව වැඩිමිලට විකිණීම දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ දී නිතර ම සිදුවන ක්‍රියාවලියකි. ඒ නිසාම ලොකුලොකු ළූණු තුළින් තුළින් හටගන්නා වූ ගොවි අරගල බුල්ල ආර්ථික මධ්‍යස්ථානය මූලික කරගෙන සෑම වසරකදීම නිතර සිදුවේ.

එසේම මේ විසඳුමක් ලෙස ලොකු ලූනු අස්වැන්න නෙළන නෙලන්න ආසන්න කාලයේදී ලොකු ළූණු සඳහා රජයේ බදු මුදල වාර්ෂිකව වැඩිකිරිම සිදු කරමින් ලොකු ලූනු ගොවීන් ආරක්ෂා කරගැනීමට විවිධ ආණ්ඩු විවිධ කාලවල දී කටයුතු කිරීම දක්නට ලැබණි. එයද මතක් කරමින් නැවත වතාවක් ලොකු ලූනු බද්ද ඉහළ දමා ගොවින්ගේ ලොකු ලූනු අස්වැන්න ට ඉහළ මිලක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විල්ගමුව සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ලිපියක් ලියමින් බදු මිල වැඩි කරන ලෙස ඉල්ලා සිටී

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන් හා සහකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ ඇමති ලසන්ත අලගියවන්න අමාත්‍යතුමා ගෙන් ලොකු ලූණු ආනයන බදු මුදල් වැඩි කරණ ඉල්ලමින් වෙන වෙනම ලිපි ලියන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉල්ලා සිටින්නේ දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ වර්ෂවල දී බදු මිල වැඩි කළ බව ගොවීන් පවසන බවත් ඒ නිසාවෙන් ගොවීන්ගේ ඉල්ලීම් සලකා මෙම ලිපිය ලියන බවත් මෙය සලකා බලා ගොවීන්ට සහන දායක ලෙස ලොකු ළූණු ආශ්‍රිත ආනයන බදු මුදල වැඩි කිරීමට කටයුතු කරන ලෙසය.

– මහින්ද රත්නායක   දඹුල්ල

10,210 views

9 Comments to “ලොකු ලූණු බදු වැඩි කරන්නැයි ආණ්ඩුවේ මන්ත‍්‍රී ඉල්ලයි…”

  1. Banda says:

    අනේ මෙහෙමත් තමන්ගේ පුද්ගලික වාසිය ගැන පමනක්හිතන දේශපාලන තක්කඩි. ලොකු ලූණු සියලුම මහා පරිමාන ගොවියෝ සිටින්නේ දබුල්ල ප්‍රදේශය ආස්‍රිතව. ඔහුන්ගේ චන්දය බලා ගෙන අතලොස්සක් පිරිසකගේ සුකවිහරනය තකා මුලු රටේම මිනිස්සු වැඩිමිලක් ගෙව්වා ලූනු ගන්ඩ2ඕනෑ. මෙහෙමත්ත කතීරුවෝ.

  2. Tikka says:

    මාර logic එක නේද? අතරමැදියන් හින්දලු මිල වැඩි වෙන්නේ, හැබැයි ඒක නවත්තන්ඩ නෙමේ කතාව. උන්ට තවත් ගහගන්ඩ chance එක දෙන එක.

  3. Sena says:

    දැන්වත් තාත්තාගෙන් පුතාට එන දේශපාලන විකාරය නවතමු ඒවායින් තමා මෙවන් අපතයන් බිහි වෙන්නේ

  4. 3% ට බය බයියා. says:

    මෙයා ළුණු මාෆියාව මෙහයවන කෙනෙක් .

  5. රුක්ෂාන් සිල්වා says:

    කොහොම හරි කම්ක් නැ අපේ ගොවියාට හොදක් වෙනවා නම්.

  6. රංජිත් විජේසිංහ says:

    කොහොම වුනත් රටේ වැඩියම දුෂ්කරතා වලට මුහුණ දෙන්නේ ගොවියෝ ඔවුන්ට සාධාරණයක් වෙන්න ඕනි. මාස ගානක් දුක් මහන්සි වෙලා නෙලා ගන්න අස්වැන්න කුනු කොල්ලයට දෙන්න අමාරුයි.න්මුත් අදටත් දදක්නට ලැබෙන්නෙ එය එසේ සිදුවන ආකාරයකි. එයඑයට විසදුම් ලභා දිම යුගයේ අවශ්‍යතාකී.

  7. Chthura Gunarathna says:

    Gowiyata nm asadaranayak kranna hoda nh.oun raka gatha yutui. Namut ada wana thek ounta nisi milk nolabe.kese wethat eyat nisi wisafum rajaya magin lba demin siti eyata godak sathtui.

  8. Sagarika Alvis says:

    Ane eyalawa raka ganni oni.nathnm apitama thama badaginne inna wenne.meygeth kathawa godk hodai aramunth hoda nm.

  9. Sunil Perera says:

    Hoda deyak. Gowiyo ganahithana eka rajayak godak sathutu dayakai.