ලොකු ලොක්කන් 140කට හොදටම රථ ගාය.. සැප වාහන දෙක තුන වෙන් කරගනී.. ගෙදරට වැඩටත් රජයේ වාහන..

January 16, 2022 at 2:10 pm | lanka C news
ලොකු ලොක්කන් 140කට හොදටම රථ ගාය.. සැප වාහන දෙක තුන වෙන් කරගනී.. ගෙදරට වැඩටත් රජයේ වාහන..

අමාත්‍යාංශ ලේකම්වරුන් සංස්ථා සභාපතිවරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් 140කට වැඩි පිරිසක් නීත්‍යානුකූල නොවන ලෙස සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරමින් සිටින බව වාර්තා වේ.

මේ පිළිබඳ බුද්ධි අංශය විසින් රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන්ට විශේෂ වාර්තාවක් බාර දී තිබේ.

මේ ආකාරයට රජයේ වාහන අයථා ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරමින් යන බවද වාර්තා වෙයි.

ඇතැම් නිලධාරීන් තමන්ට නිලබලයෙන් ලැබෙන වාහන තම පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චියට යොදවා අමාත්‍යාංශයේ සහ ආයතන වල සංචිතවල ඇති වෙනත් වාහන තම රාජකාරි කටයුතු සදහා පාවිච්චි කරන බවටද තොරතුරු ලැබී ඇත.

දරුවන් රැගෙන යාමට පැමිණ පාසල් අසල නවතා තිබූ එවන් වාහන ගණනාවක් පිළිබඳව බුද්ධි අංශ විසින් ඒවායේ පින්තූර සමග රජයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙසේ වාහන අවභාවිතා නිසා වසරකට රුපියල් බිලියන දෙකක පමණ වැඩි මුදලක් නාස්ති වන බවටද තොරතුරු හෙළිදරව් කරගෙන ඇත.

57,609 views

19 Comments to “ලොකු ලොක්කන් 140කට හොදටම රථ ගාය.. සැප වාහන දෙක තුන වෙන් කරගනී.. ගෙදරට වැඩටත් රජයේ වාහන..”

  1. චන්ඩි කොල්ලා says:

    ඉතාම හොඳ වැඩක් බුද්ධි අංශය මගින් කරලා තියෙන්නේ. බලමු මේක ගැන ගන්න පියවර මොකක්ද කියලා!

    • නන්දසේන says:

      බුද්දි අංසෙ විසුරුවලා උංව දානවා කසිප්පු ජොනියගෙ ප්‍රභූ ආරක්සකේට.

  2. saman says:

    HAPOOO check military

  3. චමින්ද P says:

    කලුතරත ඉන්නවා පා.ම ගුරෙක්.ගෑනිට ලමයට කඩේට යන්න ඔක්කොටම රජයේ සැප වාහන.

  4. පබිලිස් says:

    අද්‍යාපන අමාත්‍යාංශයේ ලෙකම් තුමියක් ඔහොම තමයි වාහන 3ක් අරන් ලමයි තමා පාවිච්චි කරන්නෙ

Main News