ලොකු ළූණු කිලෝව 280 පනී…

February 17, 2020 at 8:02 am | lanka C news
ලොකු ළූණු කිලෝව 280 පනී…

මේ වන විට වෙළඳපොළ තුල ලොකු ලූනු මිල ගණන් වේගයෙන් ඉහළ යමින් තිබෙන බව පාරිභෝගිකයන් සඳහන් කරති.

දැනට වෙලදපලේ ලොකුළුණ් කිලෝවක් රුපියල් 280 සීමාවේ පවතින අතර එය තව දුරටත් ඉහල යනු ඇතැයි වෙලදුන් කියති.

ඉහල මිලකට වුවද ලබා ගැනීමට සිදුව ඇත්තේ තත්වයෙන් බාල ඒවා යයිද ඔවුන් පෙන්වා දෙති.

ලොකු ලූනු ආනයනය කරුවන් සඳහන් කරන්නේ මෙකී මිල ඉහලයාම ඉන්දියාව විසින් ලූනු අපනයන තහනම ඉවත් කරන තුරු පවතිනු ඇති බවයි.

ඉන්දියානු ලූණු අපනයනය තහනම් කිරීම හේතුවෙන් මේ වන විට ලුණු ගෙන්වනු ලබන්නේ චිනය, තුර්කිය, ඊජිප්තුව, නෙදර්ලන්තය, පාකිස්ථානය හා ඉරානය යන රටවලින් බවද ඔවුන් කියති.

13,619 Viewers

7 Comments to “ලොකු ළූණු කිලෝව 280 පනී…”

  1. herath says:

    චීනයේ ලූනුවල කොරෝනා

  2. Sarath Bulathsinghala says:

    ගෙවතු වගාවෙන් ලෙහෙසියෙන් සාදාගත හැකිය. උත්සාහ කලොත් මේ කිසිවක් බැරි නැහැ.

    ඊසාරායලය ලොකු ලූණු ඉංදියාවෙන් ආනයනය කරන්නේනැහැ!

    • Me says:

      අපි ඉස්සර වැව්වා. හෙනහුරු පාලකයො අාවම ඒව කඩාකප්පල් කරනවා.

    • Hudson says:

      Ko ara naki Myna, issara hamathissem Dan Shapada, Dan shapada gaapu. u argiya athak natho.

  3. Raja says:

    මහින් ද මහත්මයෝ දැන් සැපද​?????

  4. kiribatha says:

    dan loonu keeya ape hamuduruwane?

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    ලංකාවේ ළුණු අස්වැන්න නෙලන කාලෙට පිටරටින් අවශ්‍ය ප්‍රමාණයට වඩා ළුණු ගෙනවිත් ලංකාවේ ගොවියා නැතිකරා. ගලේවෙල, දඹුල්ල, උතුරු පළාතේ ළුණු ගොවියන්ට දුම්කොළ වවන්න කිව්ව. මේවට හිටපු සියළුම පාලකයින්, කෘෂිකර්ම සහ වෙළඳ ඇමති වරුන් සහ බලධාරීන් වගකියන්න ඕන. අපි පසුගිය සමයේ දැක්ක නේ ගම්මිරිස් ගොවියාට කලදේ. දැන් කාපල්ලා දත්මිටි.

Main News