ලොක කුසලාන අවසන් මහ තරගය අදයි… ඉන්දීය පේ‍්‍රක්‍ෂකයන් වේලාසන ටිකට් අරන් සංවිධායකයන් දැඩි අර්බුදයක..

July 14, 2019 at 8:40 am | lanka C news
ලොක කුසලාන අවසන් මහ තරගය අදයි… ඉන්දීය පේ‍්‍රක්‍ෂකයන් වේලාසන ටිකට් අරන් සංවිධායකයන් දැඩි අර්බුදයක..

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙයි.

එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී මෙම තරගය පැවැත්වෙන්නේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්ත කණ්ඩායම් අතරයි.

මේ වන විට අවසන් මහ තරගයේ සියලුම ටිකට් පත් විකිණී අවසන් වීම හේතුවෙන් සංවිධායකයන් දැඩි අර්බුදයකට පත්ව සිටිති. ඊ

ට හේතු වන්නේ ඉන්දීය කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසේ යැයි බලාපොරොත්තු තබාගෙන සිටි ඉන්දීය ප්‍රේක්ෂකයෝ අවසන් මහා තරඟයේ ප‍්‍රවේශ පත‍්‍ර වැඩි ප්‍රමාණයක් වේලාසනින් මිලට ගෙන තිබීමයි.

ඉන්දීය පිල අවසන් පූර්ව තරගයෙන් පරාජය වීමත් සමඟ අති විශාල මිල ගණන්වලට ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් අවසන් තරගයේ ටිකට් පත් විකුණා දමමින් සිටින බවද වාර්තා වෙයි.

134 views
Main News