ලොතරැයි ප්රශ්නය අන්තිම රතු ඉරේ.. ලොතරැයි රැ.20 නොකලොත් ජනපති පවරා ගනී..
January 25, 2017 at 3:50 pm | lanka C news
ලොතරැයි මිල රු. 20 දක්වා අඩුකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොකළොත් අදාළ ලොතරැයි මණ්ඩල දෙකේ පාලනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි තීරණයක් ගනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශය විසින් කල් අදිමින් සිටින බවද මේ සම්බන්ධයෙන් මත ගැටුම් මේ වන විට උග්‍ර තත්ත්වයට පත්ව ඇති බවද එම ආරංචි මාර්ග හෙළි කරයි.
අග්‍රාමාත්‍යවරයා සහ මුදල් ඇමැතිවරයා රටේ නොසිටි අවස්ථාවක රු. 30 ට ඉහළ නංවා තිබූ ලොතරැයි මිල යළි ජනාධිපතිවරයා විසින් රු. 20 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර බරපතළ විරසකයක් ඇතිවී තිබෙන බවද පැවසේ.
ජනාධිපතිවරයාගේ තීරණය මුදල් අමාත්‍යාංශය විසින් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවද එසේ නොකළහොත් ජනාධිපතිවරයා ලොතරැයි මණ්ඩල දෙකේ පාලනය මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් හෙළි කළේය.
– දිවයින
ඕවා සිරිසේනගෙ කපවි වැඩක්. මිනිහ වැඩකාරය කියල පෙන්නල ශ්රීලප චන්ද වැඩිකරගන්න. චම්පා නම් හැපි වෙයි. උන්නැහෙ සිරා පස්සෙ යනවනෙ දැන්.
somapala
මම ඒ ගැන සතුටු වෙන්නේ මගේ රටට, රටේ ජනතාවට හොඳක් වෙන හින්ද.
රටට හොඳක් වුනත් ඔබට මම වගේ සතුටු වෙන්න බැරි, දේශපාලකයන් තමන්ගේ බල ලෝහය, කුහක කම සහ පටු දේශපාලන විෂබීජ වලින් ඔබේ ඔලුව පුරවලා තියෙන නිසා.
අනුන්ගේ ඇස් වලින් නැතුව තමන්ගේ ඇස් වලින් බලන්න පුරුදු වෙන්න. අනුන්ගේ හිතින් නැතුව තමන්ගේ හිතින් හිතන්න පුරුදු වෙන්න. අනුන්ගේ කටින් නැතුව තමන්ගේ කටින් කතා කරන්න පුරුදු වෙන්න. අනුන්ට තමන් ගැන තීරණ ගන්න ඉඩ දෙන්නේ නැතුව තමන්ගේ තීරණ තමන්ම සිතා බලා ගන්න.
මම රැල්ල එක්ක පීනන කෙනෙක් නෙමෙයි. මම උඩුගම් බලා පීනන්න ආසයි.
ඔව් අපට පේනවා ඔබ 13න් ඔබ්බට ගිය ෆෙඩරල් කාරයෙක් කියල. හා නෑ කියන්නකො දැන් පුලුවන් නම්.
somapala
ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව මම තරම් LCN එකට ලියපු වෙන කවුරුවත් නැහැ. මම කිව්වනේ, බොරු කියලා මඩ ගහලා අපහාස කරලා මාව වෙනස් කරන්න බෑ කියලා. මගේ ගමන මම යනවා. ආපහු හැරෙන්නේ නෑ.
මම නම් ආපසු හැරෙනවා යන පාර වැරදි බව දැක්කම. ඉස්සර අපි හොඳ UNP කාරයො තමයි. නමුත් යන විදිහ වැරදි බව දුටුවම වෙනස් වුනා.
Oh I did the same. I withdrew my support to JO because I didn’t want to support Ranil. They are at the mercy of Ranil.
Furthermore, they betrayed Wimal. I would never forgive them for that.
අනේ පලයන් චම්පෝ යන්ඩ …ලොතරැයි කියන්නේ සුදුවක් …..දුප්පතුන්ගේ ප්ලේන්ටියක් හරි බොන්න තියෙන සල්ලි ටික හුරගෙන කන මගඩියක් …කැසිනෝ වලයි ලොතරයියෙයි ලොකු වෙනසක් නෑ ….රටටවත් ජනතාවටවත් නෑ
ඔිවා පඩ ෂෝ. අාප්පයට කොන්ද පන නැහැ.
මාර කපටි රඟපෑමක් මුන් දෙන්නම එකතුවෙලා කොරන්නේ. ඔය රුපියල් දහය මහ කජ්ජක් වගෙ. රැවවෙන්න එපෝ
කියව කියව ඉන්නේ බන් ගනින් හිටන්
මුන් දෙන්න දෙන්නටම බයයි, මුන් දෙන්නම පින්ගුත්තරයගෙ තට්ටම යට.
මේවා නිකන් අපිව අන්දන්න හදන “බොරු ෆයිට්”. මයි3 තමන් අනාතවෙයි , තියෙන තැන නැතිවෙයි කියල බයයි රනිල් සහ රවී ගැන්සියට. මේවා නිකන් විහිළු නාඩගන් තමයි , ජනතාවට බඩු මිල, ෆෙඩරල් වියවස්තාව , මහා බැංකු හොරකම, එට්කා ගිවිසුම , රටේ ජනතා දේපල විකිණීම ආදී දේවල් අපෙන් වසන් කරන්නට ගෙනෙන විහිළු උප්පරවැට්ටි කියල ජනතාව හොදින්ම් දන්නවා.
එල එල, ජනාධිපතිතුමා…. නියමයි. දූෂිත මුදල් ඇමතිට හොඳ පාඩම. අනිවාර්යයෙන්ම මුදල් ඇමතිකම වෙනස් විය යුතුයි ජනාධිපතිතුමා. මුන් මුළු ලංකාවම සූරා කනවා. බලා හිටියොත් දන්කුඩවත් ඉතුර කරන එකක් නැහැ ඔන්න.
මම කලින් මේ ගැන මෙහෙම ලියලා තිබුන නිසා (ජනවාරි 19) ආයේ ලියන්න අදහසක් නැහැ. Quote: “රනිල්ට පුළුවන් නම් බැංකු ටික මුදල් ඇමතිගෙන් අයින් කරන්න, ජනාධිපතිතුමාට තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන ලොතරැයි මණ්ඩලය වගේ දූෂිත statutory boards තමන්ගේ අතට ගන්න එක”. Unquote:
මුදල් ඇමතිකම ඔබේ අතට ගන්න. ඔබට අවශ්‍ය කරන්නේ හොඳ කාර්යක්ෂම නිලධාරි මණ්ඩලයක් විතරයි.
විමල් මුලින්ම භාණ්ඩාගාර බැඳුම්කර ගැන පාර්ලිමේන්තුවේ කතා කරන කොට කිව්වා, එයා ඒ කතා කරන්නේ ඒ ගැන ඉගෙන ගෙන ඇවිල්ල කියලා. ඔබටත් පුළුවන් ඔබේ කාර්යය ගැන ඉගෙන ගන්න. (නිලධාරීන් ගැන කිව්වහම අර කොස්කොල කන්න කියපු කෘෂිකර්ම අමාත්‍යංශයේ එළුවව මතක් වුනා. ඒ වගේ මිනිස්සු නම් ගන්න එපා). විශ්‍රාම ගිය හොඳ නිලධාරීන් ඉන්නවා. ඒ අයට ආරාධනයක් කරන්න. මම හිතනවා මම මේක ගංවතුර කාලේ හරි අර Brexit කාලේ හරි කිව්වා. ඔබ Brain Trust එකක් හදා ගත යුතුයි, ජනාධිපතිතුමා. එක එක ක්ෂේත්රය ගැන වෙන් වෙන්ව. දැන් නම් ලියන්න බැහැ. පස්සේ අදහසක් දෙන්නම්.
ඉස්සරහට ගත්ත පය ආපස්සට ගන්න එපා ජනාධිපතිතුමා. හරි දේ කරන්න කාගෙවත් අවසරයක් ඕනේ නැහැ. මට ඔබ ගැන ලියන්නත් කාගෙන්වත් අවසර ඕනේ නැහැ. මෙතැන ඉඩ නුදුන්නොත් මම වෙන තැනකට යනවා.
Champa එතකොට ඔක්කොම හරියයිද. මේ සිරා ගැන විශ්වාස කරන්නේ කොහොමද
By giving him a chance to prove himself. He deserves it.
If you don’t give him a chance and space how could he prove himself?
ඔය brain trust කියන එක මොකක්ද කියල කියල දුන්න නම් හොඳ නැද්ද ඕයි.
සරළ පඹයට ඉන්ගිරිසි කඩුව පුලුවන්ද? Brain Trust !
තරහා ගිහිල්ල වගේ නේද? 😀
මට ඒකෙ සිංහල වචනෙ එකපාරට ආවේ නැහැ. උවමනාවක් තියෙනවා නම් ජනාධිපතිතුමා dictionary එක පෙරලලා තේරුම හොයා ගනියි. නිකම් වැඩක් බලා ගනිපන් මැට්ටලා.
You are so pretentious Champa
How come you never said that before? I mean one or two years ago? I was always like this.
How come you never said that before? I mean one or two years ago? I was always like this. Actually I think I am better than I was before.
චම්පා හොඳට හිටියනෙ කාලයක්! Did U change yr family life or Political life. …or u hv no patience till this givt is changed ???☝☝☝
. චම්පා හොඳට හිටියනෙ කාලයක්! Did U change yr family life or Political life. …or u hv no patience till this givt is changed ???☝☝
I gave up my blind loyalty to JO when the truth of their deal with Ranil slapped me on the face.
I always represented masses and I continue to do so. My aim is trying to get whatever good out from the President for the benefit of helpless people.
30 Or 20 dont buy Lotteries. Govt steal our money this way, also lot of corruption inside.