ලොර් රථයකට යටවීමෙන් තරුණයෙකුට කකුලක් අහිමි වේ…

July 26, 2022 at 2:10 am | lanka C news
ලොර් රථයකට යටවීමෙන් තරුණයෙකුට කකුලක් අහිමි වේ…

වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ මාර්ගයේ පාපැදියෙන් ගමන්ගත් තරුණයෙකු කන්ටේනර් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලබා ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

අදාල අනතුර අසල පිහිටි වෙළඳසැලක තිබූ සී.සී.ටී.වී කැමරාවක පටිගත වී ඇති අතර එහිදී අනාවරනය වී ඇත්තේ කන්ටේනර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටය.

පාපැදියේ ගමන්කරන තරුණයා මාර්ගයේ අයිනකින් ගමන්කලද කන්ටේනර් රථය එකවරම පාපැදිය දෙසට හැරවීම හේතුවෙන් පාපැදිකරු යටවීමෙන් මෙම අනතුර සිදුවන අයුරු සී.සී.ටී.වී කැමරාවේ පටිගත වී ඇත.

කෙසේ වෙතත් කන්ටේනර් රථයට යටවන පපැදිකරුගේ කකුලට දැඩි හානි සිදුවන ආකාරයද දර්ශනය වන අතරම එම අවස්ථාවේදීම පොලීසිය සහ අසල්වාසීන් පාපැදිකරු වව්නියාව මහරෝහලට ඇතුල්ත් කරනු ලැබීය.

පාපැදිකරුගේ පාදයට ශල්ල්‍යකර්මයක් සිදුකිරීමට සිදුව ඇති බවටත් බොහෝ සෙයින් පාදය අනතුරට ලක්වූ ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇතැයිද වව්නියාව රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුරටත් පැවසූහ.

කන්ටෙන්ර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වව්නියාව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,966 views

One Comment to “ලොර් රථයකට යටවීමෙන් තරුණයෙකුට කකුලක් අහිමි වේ…”

  1. nuwan,w says:

    lory driverlaage es potta

Main News