ලොරියක් පෙරලී මාරක රිය අනතුරක්.. 03ක් මරුට.. අයෙකුට බරපතලයි…

April 1, 2021 at 3:00 pm | lanka C news
ලොරියක් පෙරලී මාරක රිය අනතුරක්.. 03ක් මරුට.. අයෙකුට බරපතලයි…

ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් මතට පෙරලිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බවත්, ත්‍රිරෝද රථයේ රියදුරා අනතුරෙන් දැඩි ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රොහල වෙත (01) දින ඇතුලත් කල බව නුවරඑලිය පොලිසිය පැවසිය.

(01)දින  දහවල් 12.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑලිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේදිය.

අනතුරෙන් මියගොස් ඇත්තේ ඇල්ල ඌවකරදගොල්ල ප්‍රදේශයේ පදිංචි පදිංචිකාරිනියන් බවයි පොලිසිය කියා සිටියේ.

නුවරඑලිය සිට ඇල්ල දක්වා ධාවනය වු ත්‍රිරෝද රථය පසුපස නුවරඑලිය සිට වැලිමඩ දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් හදිසියේ ඉදිරියෙන් ධාවනය වු ත්‍රිරෝද රථය මතට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් පසු ලොරි රථයේ රියදුරා පලාගොස් ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

ලොරි රථයේ සහකයා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ලොරි රථයේ රියදුරාගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි පොලිසිය කියා සිටියේ.

අනතුර සිදු වු අවස්තාවේ එක් කාන්තාවක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වු බවත්, අනෙකුත් තුවාලකරුවන් දෙදෙනා රොහල් ගත කිරිමෙන් පසු මිය ගිය බවත්, ත්‍රිරෝද රථයේ රියදුරාගේ තත්ත්වය බරපතල බවයි නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් වැඩි දුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

22,488 views

4 Comments to “ලොරියක් පෙරලී මාරක රිය අනතුරක්.. 03ක් මරුට.. අයෙකුට බරපතලයි…”

  1. David says:

    David pieris Funeral services

  2. sithmal says:

    ලOකාවෙ වසරකට මිනිස් ජීවිත කීයක් නම් අහිමිවෙනවද මේ කසිකබල් ත්‍රීවීල් නිසා. ඒවගේම මාර්ග තදබදයටත් ප්‍රධාන හේතුවක්. ත්‍රීවීල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කල යුතුයි. ඩේවිඩ් පීරිස් කාරයගෙන් කොමිස් ගන්න දේසපාළුවො තමා ඒකට වලකපන්නෙ.

  3. kalana says:

    Three wheel = මග මරුවා

Leave a Comment

Main News