ලොරියක් මාර්ගයෙන් ඉවතට පෙරලෙයි.. රියදුරා ලොරියට යට වි මිය යයි…

January 26, 2022 at 2:16 am | lanka C news
ලොරියක් මාර්ගයෙන් ඉවතට පෙරලෙයි.. රියදුරා ලොරියට යට වි මිය යයි…

තේ දළු ප්‍රවාහනය කරන ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා ලොරි රථයට යට වි රෝහල් ගත කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කොටගල ප්‍රදේශයේ පදිංචි කරුපයියා කාතිගයන් (36) නැමති එක්දරු පියෙකි.

දිඹුල පතන පොලිස් වසමට අයත් මවුන්ට්වර්නන් වත්තේ තේ දළු ප්‍රවාහනය සදහා ලොරි රථය පණ ගන්වා තිබියදි රියදුරු ලොරි රථයෙන් බැස පසකට වි සිටියදි එකවරම ලොරි රථය ඉදිරියට ධාවනය වන අවස්තාවේ ලොරි රථය නතර කිරිමට ලොරි රථයේ රියදුරා ලොරි රථයට නැගිමට උත්සහ කරන අවස්තාවේ එම ලොරි රථයට යට වි රියදුරා බරපතල ලෙස තුවාල ලබා සිටියදි වතු කම්කරුවන් එක් ව රියදුරු රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

22,043 views

2 Comments to “ලොරියක් මාර්ගයෙන් ඉවතට පෙරලෙයි.. රියදුරා ලොරියට යට වි මිය යයි…”

  1. නුවන් වික්‍රමසිංහ says:

    කර්මය කැරකෙන්නේත් පොඩි මිනිහගේ ඇඟ උඩින්. නිවන් සුව සහෝදරයා.

  2. Felix says:

    Wena Aya Nomaree, Mee Wage Kamakata Nethi Vehcile Elawana Driver La Marena Eka Gena Nam Kisima Dukak Nehe…. Eeeth Wenne Asarana Paare Inna Minissue Marana Ekai

Main News