ලොරියක් සොරකම් කල අයෙකු සිසිටිවි ඔස්සේ පොලිසිය අත්අඩංගුවට ගනී…

August 15, 2019 at 8:02 am | lanka C news
ලොරියක් සොරකම් කල අයෙකු සිසිටිවි ඔස්සේ පොලිසිය අත්අඩංගුවට ගනී…

හැටන් නගරයේ ගාල් කර තිබු කුඩා ලොරි රථයක් සොරකම් කල සැකකරුවෙකු ලොරි රථය සමග අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සමත් වි ඇත.

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර  තිබු බේකරි නිෂ්පාදන බෙදා හරින කුඩා ලොරි රථය අසලට පැමිණෙන සැකකරු ප්‍රධාන මාර්ගය අභියස තිබෙන වැන් රථයක දොරක විවෘත කිරිමට උත්සහ කර එය ව්‍යාප්ත වු නිසා වැන් රථයට ඉදිරියෙන් වු කුඩා  ලොරි රථයේ දොර විවෘත කර  එය පන ගැන්විමට උත්සහ කර ලොරි රථය පන ගැන්විමට නොහැකි වු නිසා සැකකරු විසින්ම ලොරි රථය තල්ලු කර පන ගන්වා ලොරි රථය හැටන් ස්ටැඩන් වතු යායට රැගෙන ගොස්  සගවා ඇත.

ලොරි රථයේ අයිතිකරුගෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් ලොරි රථය ගාල් කර තිබු ස්ථානයේ ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර සැකකරුව හදුනාගෙන පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි ලොරි රථය සගවා තිබු ස්ථානය සොයා ගැනිමට පොලිස් නිලධාරින් සමත් වි ඇත.

සැකකරු හැටන් රොතැස් වතු යායේ පදිංචිකරුවෙකු බවත්, සැකකරු අවුරුදු 37 වයසැති අයෙකු බව පොලිසිය කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

16,482 Viewers
Main News